පිස්සු හැදෙන සඳ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙකම රැක ගැනීම

    සැමියා අලුත් ම මෝටර් රථයක් මිලට ගත්තේ ය. රථය රැගෙන වෙළෙඳපළට යෑමට ඔහු ගේ බිරිඳට වූයේ බලවත් ආසාවකි. එහෙත් බිරිඳ අලුත් ම මෝටර් රථය ධාවනය කිරීම පිළිබඳව සැමියා කිසිදු කැමැත්තක් නො දැක්වීය. දිනක් බිරිඳ සුපුරුදු ලෙස ම ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළාය. බිරිඳ - “අනේ මට අද වත් කාර් එක ඩ්‍රයිව් කරන්න දෙන්න කෝ”
    සැමියා - “බෑ... මම සැරයක් කිව්වා නේ”
    බිරිඳ - “ඔයාට මාවද ලොකු කාර් එක ද ලොකු?”
    සැමියා - “මට කවදත් ලොකු වුණේ ඔයා නේ”
    බිරිඳ - “එහෙනං ඇයි මට කාර් එක නො දෙන්නේ?”
    සැමියා - “... ඔයාට තියෙන ආදරේ නිසා. බලන්න ඔයා කාර් එක එළවන්න ගිහිං ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද වෙන්නේ?”
    බිරිඳ - ඒක තමයි මම කිව්වේ ඔයාට මට වඩා ලොකු කාර් එකයි කියලා”
    සැමියා - “නෑ.. නෑ.. ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලීසිය ඔයාගේ ඩ්‍රයිවින් ලයිෂන් අරගෙන ඒ විස්තර පොලිස් පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ විස්තරේ පත්තරේටත් වැටෙනවා නේ.
    බිරිඳ - “ඉතිං?”
    සැමියා - “ඉතිං කියන්නේ.. ඔයාට තේරෙන්නේ නැද්ද.. එතකොට ඔයා ගේ නියම වයස හැමෝම දැන ගන්නවනේ..”
    බිරිඳ - “අනේ ඩාලිං ඔයා නං මට ඇත්තටම ආදරේ බව අද හොඳටම දැන ගත්තා”
    සැමියා අලුත් ම මෝටර් රථය හා බිරිඳ ගේ ආදරය යන දෙකම රැක ගත්තේ එසේ ය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කන් බිහිරි වීම

    දුර ගමනක් යමින් සිටි චාලී අතරමඟ රිය නතර කෙළේ ඉන්ධන පුරවා ගැනීමට ය. ඒ අතර ඔහු ගේ බිරිඳ නැන්සි ඉන්ධන පිරවුම් හළේ වූ වෙළෙඳසලකට ගියාය. රිය පණ ගන්වා ගත් චාලී වේගයෙන් එය ධාවනය කරමින් සැතපුම් කිහිපයක් ඉදිරියට ගමන් කෙළේය.
    මේ අතර ඔහු පසුපසින් හඹා ආ පොලිස් මුර සංචාරක රථයක් මඟ අවහිර වන සේ නතර කෙළේ ය. ඉන් බැස ගත් පොලිස් නිලධාරියෙක් චාලී සමීපයට පැමිණියේ ය.
    පොලිස් නිලධාරියා - මහත්තයා දන්නැද්ද ඔයා ගේ නෝනාව පෙට්‍රල් ෂෙඩ් එකේ දාලා ඇවිත් තියෙන බව.
    චාලී - දෙයියන්ට ස්තූති වෙච්චාවේ. ඒත් මං හිතුවා උන් හිටි ගමන් මගේ කන් බීරි වුණේ කොහොමද කියලා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නොතේරීම

    බිරිඳ - “ඔයාව කසාද බැන්ඳ මම මෝඩියක්”
    සැමියා - “ඔව් මටත් ඕක ඒ දවස්වල තේරුණේ නෑ”

    :lol::shocked:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහල පුළුවන් කෙනෙක්

    ව්‍යාපාරික කටයුත්තකට චීනයට ගොස් සිටි සිංහල තරුණයෙක් ටියෙන්මෙන් චතුරශ්‍රයේ ඇවිදීමට ගියේය. මේ අතර ඔහු වෙතට චීන තරුණියක් පැමිණියා ය.
    ”ඔයා ශ්‍රී ලංකාවෙන් ද?” යි ඇය ඇසුවාය.
    ”ඔව්! මොකක්ද මගෙන් ඔබට කෙරෙන්න ඕනේ...” යි තරුණයා ආඩම්බරයෙන් ප්‍රශ්න කෙළේය.
    ”ඔයා සිංහල ද?” තරුණිය ඇසුවාය.
    ”අපොයි ඔව් මම හොඳ සිංහලයෙක්!” යි තරුණයා කීවේ ය.
    ”අපොයි එහෙනං වැඩක් නෑ. මම මේ සිංහල ඉගෙන ගන්න පුළුවන් කෙනෙකුවයි හොයන්නේ” යි කී තරුණිය පසු නො බලා යන්නට ගියා ය.


    :eek::angry:
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ela.machan..................keep it up....................
    mama okkoma kata tika hawasa indala balanawa..................ela........................
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ විරෝධයක්?

    එය චිත්‍රපට ජවනිකාවක් රූ ගැන්වෙන අවස්ථාවකි. ආධුනික, රූමත් නිළිය කැඳවූ අධ්‍යක්‍ෂවරයා රූපගත කිරීමට නියමිත ජවනිකාව ඇයට පැහැදිලි කරන්නට විය.
    ”ඔයා මල් වත්තේ බංකුවක වාඩිවෙලා පොතක් බල බල ඉන්නකොට ‘විලන්’ ඇවිත් ඔයාගෙ අත්දෙක බැඳලා ඔයාට බලහත්කාරකමක් කරනවා.”
    ”කවුද විලන්, මෙයාද?” ආධුනික නිළිය ඇසුවේ ඒ අසල සිටි පැහැපත්, හැඩිදැඩි තරුණයකු දෙස බලමිනි.
    ”ඔව්, මෙයා තමයි.” අධ්‍යක්‍ෂවරයා පැවසීය.
    ”ඉතින් මගෙ අත් දෙක බඳින්නේ මොකටද?” නිළිය ඇසුවාය.

    6.gif
    9.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය ඇති

    පාර අයිනේ නැවතී කතා කරමින් සිටි තරුණ යුවළක් කුලී රථයක් නවත්වා එයට ගොඩ නැඟුණේ ය. තරුණ යුවළගේ් මඟ පෙන්වීමට අනුව ටික දුරක් ඉදිරියට ගිය රථය එක්වරම නැවතුණි.
    ”මොකද නැවැත්තුවේ?” තරුණිය රියැදුරාගෙන් ඇසුවේය.
    ”ඇයි නෝනා කිව්වේ, ‘ඔය ඇති, ඔතනින් නවත්තන්න.’ කියලා.” රියැදුරා පිළිතුරු දුන්නේය.
    ”තමුසෙ යනවා. ඒ කිව්වේ තමුසෙට නෙමෙයි.” තරුණිය, තරුණයා දෙස රවා බලමින් කීවාය.

    :confused::nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් ඇත්තනෙ

    නියෝජ්‍ය කොමසාරිස් කරුණාසේන මහතා තම කාර්යාල සේවක තුසිත තම කාමරයට කැඳවා මෙසේ ඇසීය.
    ”තමුසෙ ඊයේ අයියා මැරුණයි කියල වරුවක නිවාඩුවක් ගත්තනෙ. තමුසෙ මට බොරු කරල චිත්‍රපටියක් බලන්න ගියා නේද? මම දැක්කා තමුසෙ හෝල් එකේ වාඩිවෙලා ඉන්නවා.”
    ”ඒක බොරුවක් නෙවෙයි සර්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවගෙන් හොඳටම ගුටිකාලා මැරෙන්නේ මගෙ අයියනෙ සර්.” තුසිත තම උපැස් යුවළ මඳක් සකස් කරමින් පිළිතුරු දුන්නේය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ‘එයා කොහෙද මගෙත් එක්ක දුවන්නෙ’

    හොරකු මහ රෑ නිවෙසක් බිඳ එහි තිබූ වටිනා බඩු මුට්ටු ගෝනියක දමාගෙන නිවසින් පිට වීමට සැරසෙද්දී හදිසියේම මල් බඳුනක් මහ හඬක් නඟමින් බිම වැටුණි.
    ඒ හඩින් පිබිදුණු නිවසේ අයිතිකරුහට කිසිවකු පැනදුවන හඬ ඇසුණි. හේ ප්‍රකට ධාවන ශූරයෙකි. වහා ඇඳෙන් බිමට පැනගත් හේ හැර දමා තිබූ දොරෙන් එළියට පැන, ඈත දුවන සොරා දැක ඒ දෙසට වේගයෙන් දුවන්නට විය.
    ටිකෙන් ටික වේගය වැඩි කරමින් සොරා හඹා ගිය හෙතෙම එක්වරම වේගය වැඩිකරමින් සොරා පසුකර දුවන්නට වූයේ ඔහු වෙත සමච්චල් සිනාවක් පාමිනි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොල්ලෙක් වුවමනා කර තිබේ





    ”මේ පාර නං හාමිනේ ගෙදර ආවම මුදලාලි හොඳ ජල්ලියක් අල්ලයි” මදුරාවතී තම සැමියා සමඟ කිව්වේ රෑ කෑම කමින් සිටියදීය.
    ”ඇයි ඔයා එහෙම කියන්නේ?” සෝමපාල ඇසුවේ තම බිරිඳගේ කථාවේ දිගක් පළලක් නොදත් නිසාවෙනි.
    ”ඇයි වදේ මුදලාලි දැන් මාසයක් තිස්සේ කඩේ දොරකඩ බෝඩ් ලෑල්ලක් එල්ලලා තියෙනවා දැක්කෙ නැද්ද ‘කොල්ලෙක් ඕනෑ’ කියල’
    ”ඉතින්?” සෝමපාල යළිත් ඇසුවේ ඇගේ ප්‍රහේලිකාව නොතේරුණු බැවිනි.
    ”ඉතින් කියන්නේ? ඊයේ හවස ඉස්පිරිතාලෙදි මුදලාලිගෙ හාමිනේට හම්බු වෙලා තියෙන්නෙ කෙල්ලෙක්නෙ”
    මදුරාවතී පිළිතුරු දුන්නාය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොකු මැඩල් එක





    ’තමුසෙට මේ පුංචි මැඩල් එක හම්බවුණේ මොනවටද?’
    මෙගා ස්ටාර් තරගයකින් අවසන් වටයට පැමිණි ගීත කුමාරගේ නිවසට පැමිණි ඔහුගේ මිතුරකු වූ පුෂ්පකුමාර ඇසුවේ සාලයේ රඳවා තිබූ කුඩා පදක්කමක් දෙස බලමිනි.
    ’මෙගා ස්ටාර් තරගයේ අවසන් වටයට සින්දු කිව්වට’ ගීත කුමාර පිළිතුරු දුන්නේ තරමක ආඩම්බරයකිනි.
    ’එතකොට මේ ලොකු මැඩල් එක?’ පුෂ්පකුමාර ඇසුවේය.
    ’සින්දු කියන එක නැවැත්තුවට’ ගීත කුමාර කීය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අස්ප මොළේ

    පීටර් අශ්වයා පිටින් බිමට ඇද වැටුණේ පිට්ටනියේ රවුමක් යමින් සිටියදීය. අශ්වයා සැණෙකින් දණ බිම ඇන, තම හාම්පුතා කටින් ඔසවා ඉතා අසීරුවෙන් තම පිට මත දමාගෙන ගෙදර ගෙනැවිත් ඇඳෙහි තබා, වහා දුව ගොස් දොස්තර කැඳවාගෙන ආවේය.
    ’හරි මොළේ තියෙන සතෙක්’ ලෙඩා බැලීමට පැමිණ අශ්වයා ඉටු කළ වැඩ කොටස ගැන ඇසූ සෝමවංශ කීය.
    ’මොන පිස්සුද? ඒ සතා එක්කගෙන ඇවිත් තිබුණේ අස්සයන්ට වෙදකම් කරන දොස්තරවනෙ.’ පීටර් කීවේ කෙඳිරි ගාමිනි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පටලැවිල්ල

    මනෝජ් මඟුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව මනාලිය බලන්නට ගියේ තම මිතුරු අරුණත් එක්ක. මනමාලි බලලා, සංග්‍රහයක් හෙම භුක්ති විඳලා ආපහු එන අතරේ කපු මහත්තයා මනෝජ්ගෙන් මෙහෙම ඇහැව්වා.
    ’කොහොමද මහත්තයා මනමාලි’ හිතට ඇල්ලුවද?’
    මනෝජ් උත්තර දුන්නේ මඳක් ලැජ්ජාවෙන්.
    ’කෙල්ල නං ලස්සනයි. ඒ වුණාට එයාගෙ උඩ ඇන්දේ ඉස්සරහ දතක් නැහැනෙ කපු මහත්තයා’
    ’දෙයියන්ට ඔප්පු වෙච්චාවේ, මහත්තයා, ඒ මනමාලි නෙමෙයි, එයාගෙ අම්මා’ කපු මහත්තයා ඔළුවේ අතගහ ගත්තා.


    :shocked::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විසඳුම

    කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තිබූ දුම්රියේ එක් මැදිරියක සිටි කාන්තාවෝ දෙදෙනෙක් දබර කර ගනිමින් උන්හ. එක් කාන්තාවක් තමා අබියස ජනේලය වසා දැමිය යුතු යයි තරයේ කියා සිටි අතර අනෙක් කාන්තාව ජනේලය හැර තැබිය යුතු යයි තර්ක කළාය.
    ක්‍රමයෙන් උග්‍ර අතට හැරුණු මේ හබය බේරීමට ඉදිරිපත් වූයේ දුම්රිය ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු හමුවේ කරුණු දැක්වූ එක් කාන්තාවක්,
    ’මේ ජනේලෙ ඇරලා තිබුණොත් සීතලේ වෙවුලලා මාව මෙතනම මැරිලා යාවි’ යයි කීවාය.
    ’මේ ජනේලෙ වහලා තිබුණොත් හුස්ම හිරවෙලා මාව මෙතනම මැරිලා වැටේවි’ අනෙක් කාන්තාව හඬ නැඟුවාය.
    මොහොතක් කල්පනා කළ ආරක්‍ෂක නිලධාරියා මෙසේ කීය.
    ’මුලින්ම ජනේලෙ ඇරලා තියමු. එතකොට මෙයා ඉවරවෙයි. ඊට පස්සේ ජනේලෙ වහමු. එතකොට අරයා ඉවරයි. ඊට පස්සෙ මේ ඔක්කොටම කනක් ඇහිලා කෝච්චියෙ යන්න පුළුවන් නෙ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොහොමද එන්නෙ?

    දිනක් මධ්‍යම රාත්‍රියේදී ගිනි නිවන හමුදාවේ දුරකථනය නොනවත්වාම නාද වන්නට විය. දුරකථනයෙන් නැඟුණේ් කලබලයෙන් කතාකරන ගැහැනියකගේ හඬකි.
    ’ගින්නක්... ගින්නක්...’
    ’කොහේද’ ගිනි නිවන හමුදාවෙන් විමසුමක් නැගිණ.
    ’අපේ ගෙදර’ ගැහැනිය නොඉවසිල්ලෙන් කීවාය.
    ’ගෙදර කොහේද’ ගිනි නිවන භටයා ඇසීය.
    ’කුස්සියේ’ ඈ කෑගසමින් කීවාය.
    ’හරි.. හරි... කොහොමද ඔතනට එන්නේ!’
    භටයා ඇසුවේ නිවැරැදි පිළිතුරක් අපේක්‍ෂාවෙනි.
    ’ඇයි තමුසෙලා ළඟ වාහන නැද්ද’ ගැහැනිය කෝපයෙන් තෙපළාය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හිතුණු දේ කළා

    කැන්ටිමේ කොනක වාඩිවෙලා තේ වීදුරුවක් තොල ගාමින් සිටි අජිත් වඩේ එකක් හපන ගමන් ඉදිරිපස අසුනේ සිටි සුසන්තට මෙහෙම කිව්වා.
    ’මම කාටවත් බය ඇති කොල්ලෙක් නෙමෙයි. මට හිතුණ දෙයක් මම කරනවා.’
    සුසන්ත කට ඇද කළේ ඔලොක්කුවට වගෙ.
    ’එහෙනං ගිය සුමානෙ තුසිත ගහන්ඩ පැනපු වෙලාවේ උඹ පැනලා දිව්වේ.’
    ’ඔව්, මට දුවන්ඩ හිතුණා ඉතින් මම දිව්වා.’
    අජිත් කිව්වේ පපුව ඉස්සරහට දාගෙන.