පිස්‌තෝලයට වඩා කැමරාව බලවත්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
පිස්‌තෝලයට වඩා කැමරාව බලවත්

මොනයම් වරදක්‌ කර තිබුණත්, තමාගේ සතුරෙකු වුණත් ඝාතනය කිරීමට සාමාන්‍ය නීතිය අනුව කිසිවෙකුට ඉඩ ලැබෙන්නෙ නෑ. ඒත් යුද්ධය ඒ කිසිත් නොසළකා එවැනි ඝාතනවලට ඉඩ සලසා දෙනවා.

මේ සටහනින් ඔබ කියවන්නට යන්නේ එවැනි අමානුෂික ඝාතනයක්‌ ගැන හා ඒ අවස්‌ථාවේ එය රූ ගත කෙරුණු කැමරාකරුවකු ගැනයි.

ටිකක්‌ පරණ සිදුවීමක්‌ වුණත් එහි ඇති රස්‌නය නම් තවමත් නීවී නෑ. මෙය සිදුවූයේ අමෙරිකානු වියට්‌නාම් යුද්ධය සිදුවුණු කාලයේ. ඇමරිකාවට පක්‌ෂපාත වියට්‌නාම් ප්‍රධාන පොලිස්‌ ජනරාල්වරයෙකු තමා ඉදිරියට පමුණුවනු ලැබූ වියට්‌නාම් හමුදා භටයකුට වෙඩි තබා මරා දමන පුවත ඉන් කියවෙනවා.

ඒ ජනරාල්වරයා න්ගුයෙන් නුගොක්‌ ලෝන්. වින්දිතයා වන්නේ න්ගුයෙන් වෑන් ලෙම් ය. ඔහු වියට්‌නාම් ඝාතන කණ්‌ඩයේ අණ දෙන්නා ලෙස සැලකේ. ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ඝාතනය කරන ලද පොලිස්‌ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් වළලා දමන ලද සුසානයක සිටියදී යි.
pistal.jpg



කඳවුර වෙත ගෙන එන ලද ලෙම් මරා දැමීමට තීරණය වුණත් ඒ සඳහා කිසිම හමුදා භටයෙක්‌ කැමති වුණේ නැහැ. ජනරාල්වරයා ඔවුන් සියල්ලටම බැණ වදිමින් ඉදිරියට ගොස්‌ තම පොයින්ට්‌ 38 රිවෝල්වරය ඇද ඔහුගේ නළලට වෙඩි තබනවා. එහෙත් මේ මොහොතේ ඔහු වෙත තෙවෙන ඇසක්‌ ද යොමු වී තිබුණු බවක්‌ ඔහු දැන සිටියේ නැහැ.

ඔහු වෙත එල්ල වී තිබුණු ඒ තෙවෙනි ඇස පිටුපසින් මුථ ලොවම සිටි බවත් ඔහු දැන සිටියේ නෑ.

ඡායාරූප ශිල්පී එඩී ඇඩම්ස්‌ගේ කැමරා නෙත ඔහු වෙත යොමු වී තිබුණා. ලෝන් තමා දුටුව හොත් නියත වශයෙන්ම කලින්ම තමා වෙත මරණය ළගා වෙන බව දැන දැනත් මේ අපරාධය ලොව හමුවේ දැක්‌වීමට ඔහු තම ඉලක්‌කය ගෙන සිටියා. ලෝන්ගේ රිවෝල්වරයේ කොකා සටස්‌ හඬින් ගැස්‌සෙත්ම එඩීගේ කැමරාවද ක්‌ලික්‌ හඬ නගමින් එය රූ ගත කිරීම එකවිටම සිදු වූණා. ලෙම්ගේ නළල හරහා ගිය උණ්‌ඩය ඇති කළ තුවාලයෙන් රුධිරය උතුරවමින් ලෙම් මහමග කඩා වැටුණා.

මෙම සිදුවීම රැගත් එම දුලබ ඡායාරූපය ලෝ පුරා පතළ වීමෙන් පසු 1969 එයට පුලිට්‌සර් සම්මානයෙන් පුදනු ලැබුවා. තවත් මෙවැනි ඝාතන ඇතුළත් චිත්‍රපටයක්‌ද මේ සිද්ධියද ඇතුළු කොට ජෝ ෂූ විසින් නිපදවනු ලැබුවා.

කළු කොට කලිසමකින් හා කොටු සහිත නිල් කමීසයකින් සැරසුණු ලෙම් වියට්‌නාම් භටයන් විසින් රැගෙන එන අයුරුත් ලෝන් ඔහුට වෙඩි තබන අයුරුත් වෙඩි වැදී ලෙම් බිම වැටී මිය යන අයුරුත් එම විත්‍රපටයේ දැක්‌වා තිබුණා.

ලිපිය ඉතිරිය මෙතනින්
 
  • Like
Reactions: gilbuwa2