පිහිට වෙන්න පුලුවන් අය ඉන්නවා නම් මෙන්න
දෑත දිගු කරමු
මේ අභ්‍යාසය මනුෂ්‍යයා පිළිබඳ ව කැඩපතකි. එය මා ඇතුළු සමාජය ඉදිරියේ ලම්භක ව තැබීම මාගේ අභ්‍යාසය යි. එය අපට අප, නො එසේ නම් මනුෂ්‍ය ස්වභාවය පෙන්වයි. වෙනත් අයකු විසින් කැඩපතක් අල්ලා පෙන්වන තෙක් අප නො දකින දෑ මේ කැඩපත විසින් අපට පෙන්වා දෙයි. එය අවතල හැඩැති කැඩපතකි. අපගේ පියවි ඇසට සංවේදී නො වන අඳුරු අහුමුළු ආලෝකවත් කර හොඳින් අපට පෙනෙන්නට සලස්වයි. අපගේ ජීවිතය විනිවිද ගොස් එකී දේහය තුළ ඇති ව්‍යාධීන් දෘශ්‍යමාන කරයි. අප විසින් ඉතා අසීරුවෙන් සඟවා තබා ගන්නට උත්සාහ කරන මේ ඕජස් ගලන දේහය අපට ම නිරාවරණය වනු දකින්නට අප සියළු දෙනා අකමැතිය. එබැවින් ඇතැමුන් සම්ප‍්‍රදායික ක‍්‍රමයට මෙකී කැඩපතට ගල් ගසන්නේය. ඇතැමුන් නවීන ක‍්‍රමයට අනුව මල්ටි බැරල් රොකට් ප‍්‍රහාර එල්ල කරන්නේය. ඉඳ හිට වැදෙන ගල් පහරකට ඔරොත්තු දෙන තරමේ ශක්තියක් කැඩපත සතු වුව ද මල්ටි බැරල් රොකට් ප‍්‍රහාර හමුවේ කැඩපත සුණු විසුණු වී යයි.
මේ ප‍්‍රහාර එල්ල කරන බොහෝ දෙනා නො දන්නේ එකී ප‍්‍රහාරවලින් කැඩපත විනාශ වන්නේ එය තුළින් පරාවර්තනය කෙරෙන තමන්ගේ ම ප‍්‍රතිබිම්භයද සමඟින් බවයි.
කැඩපතක් නැති කල්හි අප තුළ ඇති අපේ අනතුර අපට පෙන්වා දෙන වෙනත් මෙවලමක් නැත. එ බැවින් තවදුරටත්, මහ මඟ දමා ගිය අතදරුවන් අපට හමුවනු ඇති. බාල වයස් දරුවන් සල්ලාලයන්ගේ ලිංගික ගොදුරු බවට පත්වනු ඇති. ආදරයේ නාමයෙන් තරුණියන්ට පිහි පහරවල් කන්නට සිදුවනු ඇති. මනුෂ්‍ය ශරීරයක් සහිත හෘදය සාක්‍ෂිය නොමැති යන්ත‍්‍ර රාශියක් මඟතොට දී හමුවනු ඇති.
කැඩපත තුළින් පරාවර්තනය වන්නේ තමාගේ ම රෝගී ප‍්‍රතිබිම්භය බව දැන, එය සකසා ගත හැක්කේ තමාව ම ප‍්‍රතිසංස්කරණය කර ගැනීමෙන් පමණක් බව වටහා ගනු වෙනුවට අපි කැඩපත විනාශ කරමින් සිටිමු. අවුල ඇත්තේ තමා තුළ නොව කැඩපතෙහි ය යන මායාවෙහි ම ගිලී සිටිමු.
සමාජ ක‍්‍රියාධරයෙකු ලෙස අවුරුදු 09 ක් වූ කාලය තුළ මා කරමින් සිටින්නේ අපට පිටුපසින්, අපේ දරුවනට පිටුපසින් අප ව ගිලගන්නට දත කට සූදානම් කොට බලා සිටින අපගේ ම අනතුර, අප සියළු දෙනාට පෙනෙන සේ කැඩපතක් අල්ලා සිටීමය. එකී අනතුර පළවා හරිනු වෙනුවට බහුතරයක් කරමින් සිටින්නේ සියළු දෙනාගේ ම යහපත වෙනුවෙන් අප ඉදිරියේ තැබූ කැඩපත බිඳ එය අල්ලා සිටින මා වැන්නවුන් එල්ලා මැරීමට උත්සාහ කිරීමය. ඒ සඳහා එකී බහුතරයට ශක්තියත් ධෛර්යයත් ප‍්‍රාර්ථනා කිරීමට අමතර ව මට කළ හැක්කේ රෝස යායට ගිනි තැබූ පමණින් සමනළයින් නො මැරෙන බව සිහිපත් කිරීමය.
මානව ධර්මතා තුට්ටුවකට මායිම් නො කරමින් අප දිවි ගෙවන බව මට සිතෙයි. එ නම් සමාජය බරපතල ලෙස ආත්මාර්ථකාමී වී ඇති බවයි. අප සැබැවින් ම අර්ථ සම්පන්න ව දිවි ගෙවන්නෝ වෙමු ද? අපගේ ජීවිත අර්ථ සම්පන්න වන්නේ අප උපයනු ලබන මුදලින් හෝ උපයා තිබෙන භෞතික සම්පත් හි ප‍්‍රමාණය මත නො වේය යන්න සත්‍යය වෙයි. එ නම් අප සැබැවින් ම පෙහොසතුන් වන්නේ අපගේ ආධ්‍යාත්මික ජීවිතය පොහොසත් නම් පමණක් බව යි. නො එසේ නම් අනෙකාගේ සතුට වෙනුවෙන් මගේ හදවත තුළ පවතින ඉඩ කොතෙක් ද යන්න මත දුප්පත් පොහොසත් බව තීරණය වන බවයි. මාගේ මේ අභ්‍යාසය ඔබ එකී ආධ්‍යාත්මික පොහොසත් බව හා එක් කර ගැනුමකට වෙයි. මම ඇවිද යමින් පාර හදන්නෙමි. එ විට පසු ව එන්නන්ට අඩි පාරක් හෝ තිබෙනු ඇති නිසාය.
ඔබේ සිත රිදවන තුවාලය, මගේ සිතද පාරයි. මෙය නම් මනුෂ්‍යයා සතු ව පමණක් ඇති පරිකල්පන ශක්තිය යි. වත්මනෙහි අප දිවි ගෙවන්නේ පරිකල්පනය සහිත වූවන් ලෙසද? අනෙකා පරිකල්පනය කොට අනෙකාගේ වේදනාව අත් විඳිය හැකි ගුණාංගය විසින් පුද්ගලයා මානුෂීය කරනු ලබන්නේය. අද අප. අනෙකාගේ වේදනාව, අහිංසක වුවමනාව, අනෙකා දකින සිහිනය පරිකල්පනය කරන්නට උත්සාහ ගන්නේද? අප කරන්නේ අනෙකාගේ වේදනාවන්, වුවමනාවන් සහ සිහින මඟ හැර යාම නො වේද? එසේ නො වේ නම් අනෙකාගේ ප‍්‍රාර්ථනාවන්ට ගල් ගසා සුණු විසුණු කිරීම නො වේද? අනෙකාගෙන් එය උදුරා ගැනීම නො වේද? පරිකල්පනයෙන් අප අනෙකා සමග තදානුභූත වීමක් සිදු වන්නේ නැත. මනුෂ්‍ය සමාජයක් ලෙස අපගේ ඉදිරි ගමන අවුරා සිටින්නේ, එයට බාධා කරන්නේ මෙකී පරිකල්පන කුහක බව විසින් ය යන්න පැහැදිලි ය.
අප අපගේ ම කුඩා ලොවක සිර වී තනි ව එකිනෙකා පරයමින් නැගී සිටීමට වෙර දරමින් සිටිමු. මේ සියල්ල සිදු වන්නේ අප එදාට වඩා දැනුමෙන් සහ බුද්ධියෙන් ඉහළට ගොස් සිටින යුගයක යි. අපගේ උගත්කම සහ ඉහළ රුචිකත්‍වය විසින් මනුෂ්‍යයා වෙත ලබා දී ඇත්තේ කවර නම් සැනසීමක්ද? එදා යෞවන වියේ සිටි අප තුළ වූ බොළඳ මිහිරි අව්‍යාජත්‍වය දැන් අප තුළ නැත. එහෙත් අප අද, එදාට වඩා හොඳ මිනිසුන් වී සිටිමුද? කුලය, ධනය, බලය, කලාව, අධ්‍යාපනය හා ආගම ධර්මය විසින් අප යහපත් මිනිසුන් බවට පත් කොට තිබේද? ලාංකිකයින් වන අප නිතර දෙවේලේ බණ අසමින් සිටිමු. එහෙත් අපි අද, එදාට වඩා හොඳ මිනිසුන් වී සිටිමුද? අද අපට දැනුම බුද්ධිය හා තාක්‍ෂණය නො අඩු ව ඇතිමුත් එදා ඒ කිසිවක් නො මැති යුගයේ කළ නිර්මාණ පරයා යෑමට අපට හැකි වී ඇත්ද? දැන උගත්කම සහ උසස් රසිකත්‍වය විසින් යහපත් මනුෂ්‍යයින් බිහි කිරීමට යම් උත්තේජනයක් සපයන්නේද? නො එසේ නම් අප විදග්ධ පුද්ගලයන් ලෙස පෙනී සිටීමේ අරුතක් තිබේද? පරිකල්පනීය හිස් බව සමග අප ගමන් කරන්නේ කිනම් මාවතකද? ඔබේ හිත රිදවන තුවාලය මගේ සිත නො පාරන්නේ මේ නිසා ය.
රළු හා චණ්ඩ රළ පහරින් යුතු මුහුදු ප‍්‍රදේශයන් හි ප‍්‍රදීපාගාර ඉදි කෙරෙන්නේ නාවිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙනි. එහෙත් නැවියන් තම නෞකාවේ කුටි තුළට වී අලස ව සැතපේ නම් ප‍්‍රදීපාගාරයෙන් නික්මෙන ආලෝක කදම්බ ඔවුනගේ නෙතට නො වැටී නැව අනතුරට පත් වේ. ආත්මාර්ථය නමැති ගල් පරයෙහි නො ගැටී ජීවිත නෞකාව ඉදිරියට පැද යාම සඳහා අපට ආලෝකය සපයන්නේ පරිකල්පනය යි. අනෙකාගේ සිත රිදවන තුවාලය හඳුනා ගැනීම යි. එහෙත් එය දැක ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහා අප නිද්‍රාවෙන් අවදි විය යුතුය. ඔබ ඔබේ කොටස ඉටු කරන විට මම ඔබට සවියක් වෙමින් මගේ කොටස ඉටු කරමි. අපි නරඹන්නෝ නො වී සහභාගී වන්නෝ වෙමු. එය පුද්ගලයාගේ, සමාජයේ, රටේ ඉදිරි ගමනට අවශ්‍ය ම වෙයි.
මේ අභ්‍යාසය වනාහි, මම මගේ කොටස ඉටු කරමින් ඔබ නිද්‍රාවෙන් අවදි කිරීමට වෑයම් කිරීමකි.
මම අනෙකා ගැනත් කල්පනා කළ යුතු වෙමි, යන්න සමාජයක යහ පැවැත්මට අදාළ සදාචාරාත්මක අවබෝධයකි. එකී අවබෝධය ලබන්නා තමා පමණක් ජීවත් විය යුතුය යන මානසිකත්‍වයෙන් මිදෙන්නේ ය. එ නම් පරාර්ථචර්යාවේ යෙදීමයි. එවැනි වූවෝ අනෙකාගේ ජීවිත අයිතිය වෙනුවෙන් අවදිවන්නෝ ය. පෙනී සිටින්නෝ ය.
පෙර අප තුළ තිබූ ‘‘අනෙකා වෙනුවෙන් පෙනී සිටීම’’ නම් හැඟීම මිය යාම පිළිබඳ කරුණ පළමු ව අප සොයා ගත යුතුය. අනෙකාගේ ජීවිතය දෙස පේ‍්‍රමය, සහෝදරත්‍වය, මුසු භක්තිමත් ව සිතන සමාජයක් නැවත බිහි කර ගත යුතු ව ඇත. සෑම ජීවිතයකම වටිනාකම මෙන් ම ලැජ්ජාවද ආත්ම ගරුත්වයද එක සමානය. අනෙකා සිටින තැන දෙස බලා සිනාසිය යුතු නො වේ. අනෙකාට දෙ අත දිගු කළ යුතුය. අනෙකාගේ සිහිනයට පාට තැවරිය යුතුය. අනෙකාගේ ඛේදය දැක නො දුටු සේ හිඳීම සදාචාරමය අවබෝධයක් නො වේ. දුෂ්කර කාලයන්හිදී දුෂ්කර අවස්ථාවන්හිදී අපේක්‍ෂා සහගත ව සිටීමට අප අනෙකාට උපකාර කළ යුතුය. මක් නිසාද යත්, මානව ඉතිහාසය යනු කෲරත්‍වය පමණක් නො ව දයාවේ, පරිත්‍යාගයේ, ධෛර්යයේ ඉතිහාසයක්ද වන බැවිනි.
උතුරා ගලන ප‍්‍රබෝධවත් හදවතක් තිබියදී ඉන් ප‍්‍රමෝදයට පත් නො වී සිටින්නට අපට අයිතියක් නැත.
කෙතරම් දුර ගෙවා ඇතත් පාර වැරදී ඇත්නම් ආපසු හැරීමට මැළි නො විය යුතුය. මිය ගොස් ඇති ‘‘අනෙකා වෙනුවෙන් පෙනී සිටීම’’ නම් හැඟීමට නැවත ජීවය දිය යුතුය.
අප, අප තුළ තිබූ අපූර්ව හා සුන්දර වටිනාකම් නො සළකා හරිනු ලැබ ඇත. ඒවා නො සළකා හැරීම නිසා මිය ගොස් තිබිය හැකිය. මළ කා තිබිය හැකිය. එසේ තිබිය දී අප සුන්දර සහ අපූර්ව දේ ලෙස ව්‍යාජයන් පසු පස හඹා යමින් සිටිමු. නො එසේ නම් අප, ඉල්ලම් සොයමින් දෝනා බැස පතල් කපද්දී අප ගෙමිදුලේ ඇති මිණි කැට නො පෙනීමය.
මම ඔබට කියමි.
ජීවිතයට සැනසුම දෙන, ජීවිතය වෙනස් කරන සුන්දරතම අත්දැකීම ඇත්තේ අපට පෙනෙන ඇසෙන මානයේ ය.
ඉතින් අපි, අනෙකාට දෑත දිගු කොට ඒ සොඳුරු බව විඳිමු.
කලාකරුවාගේ භූමිකාව නම් හිරු එළිය නොමැති තැනට ආලෝකය සැපයීම යි. අනෙකාගේ වේදනාබර හඬ වෙනුවෙන් මේ තත් අතර ඇඟිලි තුඩු රැඳෙයි. මා ඔවුන් වෙනුවෙන් වයමි. නො නැවතී වයමි.
මම රෝස මලේ හදවත සොයමි.

Last edited: