පිළිකාවෙන් පෙලෙන දරුවකු වෙනුවෙන් ඔලිම්ප&
රියෝ ද ජනේරෝ ඔලිම්පික් උළෙලේ කවපෙත්ත විසි කිරීමේ රිදී පදක්කම දිනූ පෝලන්තයේ පියෝතර් මැලචොව්ස්කි සිය පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කළේ ය.
ඒ ඉතා දුලබ ගණයේ පිළිකාවකින් පෙළෙන කුඩා දරුවකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස ය.
2008 දී ද කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කම දිනූ මැලචොව්ස්කි 2015 බීජිං මළල ක්‍රීඩා ලෝක ශූරතාවයේදී රන් පදක්කම දිනා ගත්තේය. මෙවර ඔලිම්පික් උළෙලේදී ද රන් පදක්කම දිනා ගැනීමට බලාපොරොත්තුවෙන් පසු වුවද මැලචොව්ස්කිට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විය. ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ 2012 ඔලිම්පික් ශූරයා වූ රොබර්ට් හාර්ටිංග්ගේ සහෝදරයා වන ජර්මන් ක්‍රීඩක ක්‍රිස්ටොෆ් හාර්ටිංග් ය.
රිදී පදක්කම දිනා ගැනීම පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ මැලචොව්ස්කි කියා සිටියේ දෛවය විසින් ඔහු සතු රිදීවල වටිනාකම වැඩි කිරීමට තීරණය කෙරුණ බව ය.
තුන් හැවිරිදි වියේ පසුවන ඔලෙක් සිමාන්ස්ක් (Olek Szymansk) පසුගිය දෙවසරක කාළය තුළ රෙටීනෝබ්ලැස්ටෝමා (retinoblastoma) නම් දුර්ලභ පිළිකාවකින් පෙළෙයි. මෙම අක්ෂි පිළිකාව වැළඳෙනුයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට ය.
ඔලෙක්ගේ ඇස බේරාගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම නිව්යෝර්ක් නුවර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැවිය යුතු බව මැලචොව්ස්කි පෙන්වා දෙයි. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල ස්ලොටි 480,000 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 126,000 ක් වන බව සෙයිපොමාගා නම් පදනම පවසයි. මින් තුනෙන් එකක් පමණ මේ වනවිට සොයාගෙන ඇති බව ද එම සංවිධානය කැනඩාවේ 'ද ග්ලෝබ් ඇන්ඩ් ද මේල්' පුවත්පත සමඟ පවසා තිබේ.
මැලචොව්ස්කිගේ රිදී පදක්කමට මේ වනවිට ලැබී ඇති විශාලම ලන්සුව ස්ලොටි 70,300 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 18,500 කි.