1-ගිය බදාදා 11.30ට අපොයින්ට්මන්ට් එක තිබ්බේ. වෙලාවට ගියා. උණ බලලා ඇතුළට ගත්තා. ඉද ගන්න කිව්වා.
2-බරයි උසයි බැලුවා
3-නර්ස් කෙනෙක් පුද්ගලික විස්තර ලියා ගෙන පරිගණක ගත කළා.
පිරිමි
4-දොස්තර ගාවට දැම්මා. දොස්තර බෙල්ල වටේ මිරිකලා තයිරොයිඩ් ගැටලු තියෙනවද කියලා බැලුවා. ඊට පස්සේ සිගරට් අරක්කු බොනවද කියලා ඇහුවා. මම සිගරට් බොන්නේ නෑ. මධ්‍යසාර ඉස්සර ඩේලි බිව්වා දැන් ඉදලා හිටලා කියලා ඇත්තම කිව්වා. ඊට පස්සේ ඔපරේෂන් කරලා තියෙනවාද වෙන බෙහෙත් බොන ලෙඩ තියෙනවාද කියලා ඇහුවා. මට ඉදිලා හිටලා බඩේ දැවිල්ල එනවා. එච්චරයි. ගෙදර අයට හරි ඥාතින්ට පිළිකා හැදිලා තියෙනවාද කියලා ඇහුවා. ඒ විස්තර කියන්න ඕනේ.
5-එච්චරයි මට කිසි අවුලක් නෑ කිව්වා. යන්න කිව්වා. අපිව ලියාපදිංචි කරපු නොම්මරයක් එක්ක චෙක්කරපු එකේ විස්තර ලියපු කොලයක් දුන්නා.
ගැහැණු
4- පියයුරු චෙක් කරනවා උඩ ගලවලා. පිරිමි දොස්තර කෙනෙක්. කාන්තාවක් යනවා නම් බ්ලවුස් එකක් ඇදගෙන යන්න ඕනේ. පියයුරු, කිහිලි, බෙල්ල අවට චෙක් කරලා බලනවා. මැමෝග්රමි කියන ටෙස්ට් ( A mammogram is an X-ray picture of the breast. Doctors use a mammogram to look for early signs of breast cancer. Regular mammograms are the best tests doctors have to find breast cancer early, sometimes up to three years before it can be felt. ) මෙතන කරනවා. ඒවායේ අවුල් තියෙනවා නම් කොළඹ මහ ඉස්පිරිතාලෙ ක්ලිනික් එකකට යොමු කරනවා අදාළ රෝගී ලක්ෂණ අනුව.
හැබැයි මහ ඉස්පිරිතාල් තත්ත්වය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සමහරක් ක්ලින්ක්වල රෝගීන්ට ජරා විදිහට සලකන්නේ. ලේසියෙන් ස්කෑන් එකකට දිනයක් ගන්න වෙන්නේ නෑ. පුළුවන් අය එතන ලොකු දොස්තර ප්‍රයිවට් චැනල්කරලා පෙන්නන එක හොදයි කියලා මම යෝජනා කරනවා.
ලේ චෙක් කිරීමක් කරන්නේ නෑ. ඒ හින්දා ෆාස්ටිං ඉන්න ඕනේ නැහැ. ඔච්චරයි විස්තරේ. පිළිකා රෝග ලක්ෂණ තිබ්බොත් අදාළ වෛද්‍ය උපදෙස් පිළිපදින්න වෙනවා. ටෙස්ට් නෝමල්නම් අවුලක් නෑ. පිරිමි කට්ටියට වඩා කාන්තාවන් මේ පර්යේෂණයට යොමු වෙනවා නම් වඩාත් හොදයි. තමන්ගේ සහෝදරියෝ, බිරිද, පෙම්වතිය අම්මලා මේකට යොමු කරවන්න කියලා මම අපේ මිත්‍රයින්ට යෝජනා කරනවා. ඒ වගේම කිසි කෙනෙකුට පිළිකා රෝගය නොවැළඳේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා.