පිළිකා නසන්න කරවිල ඇට

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
පිළිකා නසන්න කරවිල ඇට

colvlcsnap-2017-03-16-07h47m41s871113940160_5425698_17032017_SSA_CMY.jpg

පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ‍ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත.

කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ‍ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමැතිය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට (steric fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් කී මහචාර්යවරයා සත්ව ශරීරවල පිළිකා ඇති කර ඒ සඳහා මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවද අවධාරණය කළේය.

රුධිරයේ සීනී මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බවත් මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදාගත හැකි බව තවමත් වැඩි පිරිසක් නොදන්නා බවත් මහාචාර්යවරයා කීවේය.

කරවිල ඇට නිවසේදී බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්ෂණ මගින් තහවුරුව ඇත.

කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපද වූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රෑමයක් රුපියල් 6000 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලයේ බවද පැවසුවේය.

මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.


Source
 

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මෙහෙම් බෙහෙතක් හොයා ගෙන තියෙනවනම් ඉතා හොඳ දෙයක්. එහෙම කරලා තියෙනවනම් එය ලෝකේ අනෙකුත් පිලිකා සම්බන්ද පරීක්ෂණ කරන කණ්ඩායම් සහ ලෝක සව්ක්ය සංවිදානය දැනුවත් කරලා මේක ඉක්මනට බෙහෙතක් විදිහට ලෝකේ අසරණ රෝගීන් බේරගන්න කටයුතු කරන්න ඕනේ.

    පරශ්නේ තියෙන්නේ ලංකාවේ මාද්‍ය කාරයෝ සහ වෙබ් පිටු අතිශෝක්තියට හරිම හපන්නු. දැන් ඩෙංගු වලට ලංකාවේ කෙනෙක් හොයා ගත්තු බෙහෙත කොහෙද කියල නැහැ , ලඟදි තිබ්බා ආනන්දේ සිසුවෙක් ඓඩ්ස් වලට බෙහෙතක් හොයා ගත්ත කියලා. තව වතුරෙන් දුවන වාහන වගේ දේවල් ගැනත් අහන්න ලැබුණා , මේවා ඔක්කොම බොරු නැත්නම් අතිශෝක්තියෙන් දාපු නිව්ස්. ලංකාවේ මිට ඉහතත් පිළිකාවට නෙහෙත් හෙව්වා කිව්වා. මුකුත් එහෙම දෙයක් නැහැ .


    මෙය එහෙම දෙයක් නොවේ යයි පතමු.