පිළිකා
වරෙක එය බටහිරට පමණක් සීමාවු රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙය පැරණිම අතිත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවෙ මමිහි අස්ථිවල හා සමේ පිළිකා ඇති ව් තිබු බවට සාක්ෂි පවති. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කීපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව පවතින රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මීනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්, ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම ලක්ෂණ දක්නට ලැබේ. ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හදුනා ගැනීම වැදගත්ය. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළිකාවක් නොවේ. නමුත් ඒ පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ මගින් තීරණය කරගැනීම වැදගත්ය. දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හදුන්වන්නේ,ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි, සුව කළ නොහැකි වණ ලෙසය. පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මය.අපේ ශෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වු ජාන කොටස් විශේෂයක් ඇත. ඒය සඇත්තේ ඩී.එන්.ඒ. වලිනි. ඩී.එන්.ඒ මගින් සෛල බෙදෙන විට ඩී.එන්.ඒ දෙගුණ වී දෙකට බෙදේ. පිළිකාව හට ගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවය. මෙම රෝගය ඇතිවීම සදහා පුද්ගල චර්යාවද යම් ආකාරයකට බලපෑම් කරනු ලබයි.
මේ සදහා බලපෑම් ලබන හේතුන්:-
* අධික දුම්කොළ භාවිතය
* අධික මත්ද්‍රවය භාවිතය
* රැකියා ආශ්රිත හේතුන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
* පරිසර දූෂණය ආශ්රිත හේතුන් (වායු/ජලය/පස)
* ආහාර රටාවේ වෙනස්කම් (ක්ෂණික හා කෘත්‍රිම ආහාර)
* ඖෂධවල බලපෑම
* විකිරණ වල බලපෑම
* දීර්ග කාලීන ආසාදන
* ප්‍රතිශක්ති ඌණතා
* ප්‍රවේණිගත තත්වයන්
විශේෂයෙන්ම මෙම රෝගය බටහිර රටවලට ව්‍යාප්ත වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. වර්තමානයෙහි මෙම රෝගයෙහි සීඝ්‍ර වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස කිසිදු පාලනයකින් තොරව කෘතිම රසායනික පොහොර යොදා සකස් කළ ආහාර භාවිතය, අධික මේදය සහිත ආහාර (විශේෂයෙන්ම සත්ත්ව මේදය),වඩා පවිත්‍ර හා පිරිසැකසුම් කළ ආහාර (නිවුඩ්ඩ ඉවත් කළ සහල්,රළු කොටස් ඉවත් කළ සිනි) කල් තබා ගැනීමේ අරමුණින් විවිධ ලුණු වර්ග, එක් කල ආහාර එනම් නයිට්රයිට හා නයිට්රේට, විවිධ කෘතිම වර්ණක, රසකාරක හා උත්තේජක යෙදු ආහාර,ආහාර කර්මාන්තයේ භාවිත කරන වෙනත් කෘතිම රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර, දිලිර හා වෙනත් ක්ෂුද්‍ර ජීවින් අඩංගු ආහාර, කෘමිනාශක හා වෙනත් විවිධ කෘෂි රසායනික ඇති ආහාර භාවිතය මේ සදහා හේතුවී ඇති බව දැන් සොයා ගෙන ඇත. පිළිකාව අද අසන්නට ලැබෙන රෝග අතුරින් ප්‍රධාන වුවකි. පිළිකා යන වචනය පවා ඇසීමට බෝහෝ දෙනෙකු බිය වෙති. මිනිසුන් එය දකින්නේ රෝගය වැලඳිමෙන් මරණය නියත බව හා වේදනාකාරී අංගවිකල වෙන විකෘති රෝගගයක් ලෙසයි.නමුත් ඇත්තටම බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු වන්නේ නොසැලකිලිමත් බව සහ නොදැනුවත් නම නිසාය.මේ සදහා නියමිත කාලයේදී ප්‍රතිකාර කරන්නේ නම් සාර්ථන ප්‍රතිඵල ලබා ගත හැන.බොහෝමයක් පිළිකා සහමුලින්ම සුව කළ හැක. නමුත් මේ පිලිබඳ මිනිසුන්ට ඇති දැනුම අවම වීම නිසා රෝගයෙන් මිය යන පුමාණය වැඩිී ඇත. මෙනිසා මෙය කල් තඉා හදුනා ගැනීම වැදගත්ය. ඇතැම් පිළිකා වර්ග බොහෝ කාලයක් ශරීරය තුළ තිඩී හදිසියේම ශිඝ්‍රයෙන් ව්‍යාප්තව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. අතට අසුවන තරමේ සෙ.මී.01 ක පමණවු ඉතා කුඩා පියයුරු පිළිකාවක් පව් මිලියන 500ක පමණ පිළිකා සෛල ඇති බව සොො ගෙන ඇත. එම සෛල මගින් ආසන්න පටක වගේම දුරස්ථ ස්ථානවල පටක පවා නතු කරගෙන පිළිකාවේ ද්විතික අවස්ථාන් ඇති කරයි. ඒ නිසා ප්‍රතිකාර හැකි තරම් ඉක්මන් කිරීම වැදගත්ය. ප්‍රතිකාර කර කළ හැකි පිළිකාවක් වුණත් කල් ගත වුණොත් අසාධ්‍ය තත්වයට පත් විය හැක
* කල් අල්ලා පවතින කැස්සක් හෝ කට හඬ වෙනස් වීමක
* සුව නොවන තුවාලයක්
* ගැටයක ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්
* පියයුරුවල හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්
* යෝනි මාර්ගයේ අකුමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක්
* මළ හෝ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්
* කල් අල්ලා පවතින අජීරණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක්
වැනි කරුනක් ඇති වුවෙහාත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්ය.