පිළිකුල් භාවනාව

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඇයි පිළිකුල් භාවනාවට ඇයි ඇස, කණ, නාසය, දිව ආදිය... ඇතුලත් නොවෙන්නෙ කියල මට තවම හරි පිළිතුරක් ලැබුනේ නැහැ (This Thread) නමුත් මම හිතන්නේ මේකට හේතුව බුදු දහමේ අර්ථ දැක්වීමට අනුව ඇස, කණ, නාසය, දිව, ශරීරය අතනටම භෞතික ශරීරයේ කොටස් නොවෙන නිසා විය හැකියි. මේවා අර්ථ දක්වා තියෙන්නෙ අනිදස්සන, අප්පටිඝ ලෙස.
    මේ ගැන ඔබතුමන්ලාගේ අදහස මොකක්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    පිලිකුල් කරනවා කියන්නෙත් ඕනවට වඩා දෙයකට ඇලීමක්නේ.. ආස කරනවා වගේම අනිත් පැත්තට දෙයක් ගැන ඕනවට වඩා රිනාත්මකව හිතන දෙයක්..
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    පිලිකුල් කරනවා කියන්නෙත් ඕනවට වඩා දෙයකට ඇලීමක්නේ.. ආස කරනවා වගේම අනිත් පැත්තට දෙයක් ගැන ඕනවට වඩා රිනාත්මකව හිතන දෙයක්..
    ඇත්ත. ඕවත් පස්සෙ කාලෙකදි එකතු උන දේවල් කියලත් කියනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    පිළිකුල් භාවනාව කියල නම් කරපු භාවනාවක් නෑනෙ. අසුබ භාවනා වලටනෙ ඔය කියන්නෙ. අනික ඔය නම් වල අර්ත අපි දන්න ඒවත් එක්ක එකපාරටම ගලපන්න එපා. පාලි සන්ස්කෘත වලින් වෙන වෙන තෙරුම් තියෙන්නත් පුලුවන්.

    ඒවගේ පිලිකුල් කිරීමක් කරන්නෙ නෑ. කරන්නෙ නිමිත්තක් තොරගෙන ඒක ගැනම කල්පනා කරන එකනෙ.
    ------ Post added on Jun 3, 2022 at 8:24 AM
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පිළිකුල් භාවනාව කියල නම් කරපු භාවනාවක් නෑනෙ. අසුබ භාවනා වලටනෙ ඔය කියන්නෙ. අනික ඔය නම් වල අර්ත අපි දන්න ඒවත් එක්ක එකපාරටම ගලපන්න එපා. පාලි සන්ස්කෘත වලින් වෙන වෙන තෙරුම් තියෙන්නත් පුලුවන්.

    ඒවගේ පිලිකුල් කිරීමක් කරන්නෙ නෑ. කරන්නෙ නිමිත්තක් තොරගෙන ඒක ගැනම කල්පනා කරන එකනෙ.
    ------ Post added on Jun 3, 2022 at 8:24 AM
    ඔව් ඔබ හරි, ඇත්තටම ගිරිමානන්ද සුත්‍රයේ තියෙන්නෙ අසුභය (අසුභ සංඥාව) කියලනෙ

    පිලිකුල් කරනවා කියන්නෙත් ඕනවට වඩා දෙයකට ඇලීමක්නේ.. ආස කරනවා වගේම අනිත් පැත්තට දෙයක් ගැන ඕනවට වඩා රිනාත්මකව හිතන දෙයක්..
    ඔව් පිලිකුල් කරනවා කිව්වම වැරදි අදහසක් එන්නෙ අසුභ සංඥාව වැඩීම කියල නිවැරදි වෙන්න ඕන.
    ------ Post added on Jun 3, 2022 at 9:12 AM
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔය පිළිකුල භාවනාව කියන එක පට්ට බමුණු භාවනාවක්. ඇටකටු දිහා බලන් ඉන්න ඒවා, පිළිකුල් වඩන ඒවා තනිකර බමුණන්ගේ කේප්ප බණ
    පසුකාලීනව ඒවා බෞද්ධ භාවණා කියල පොත් වලට ඇතුලත් කරලා තියෙන්නේ
    පාලි වල තියෙනෙන පටික්කූල කියලා. ඒක වැරදියට පිළිකුල් කියලා ඇතුලත් කරලා තියනවා

    පිළිකුළ කියන්නේ ද්වේෂයයි. පිළිකුල වඩනවා කියන්නේ ද්වේෂය වැඩීමක්නේ ඔතන තියෙන්නේ
    ඉතින් නිවන් යයි ද?
    රාගයයි, ද්වේෂයයි එකම හිතක යෙදෙන්නේ නෑ.
    ඒ නිසා රාගය ද්වේෂයෙන් වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

    පිළිකුල් භාවනා කියලා මලමිනී , මලකුණු දිහා බල බල ඉන්න භාවනා බමුණන්ගේ ඒවා.. නූපන්නා වූ ද කාමච්ඡන්ද නූපදින විදිහට මෙනෙහි කරන එකයි "අසුබ නිමිත්ත වඩනවා" හෙවත් "අසුබ විදිහට දකිනවා" කියන්නේ ඒකයි. "අසුබ සංඥාව වඩනවා" කියන්නෙත් ඒකමයි

    බුදුන් වහන්සේ අසුබය ගැන කියලා තියෙන්නේ මෙහෙමයි.

    "මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්ද නූපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්දය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කාමච්ඡන්දය නූපදනේ ය. උපන්නා වූ ද කාමච්ඡන්දය ප්‍රහීණ වේ.

    (අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය, නීවරණප්‍රහාණ වර්ගය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/161?s=10016

    එතකොට කාමච්ඡන්දය උපදින "සුබ නිමිත්ත" කියන්නේ මොකක්ද?
    මන වඩන රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්ඵර්ශ

    ඔව්වා තමයි සුබ අරමුණ කියන්නේ. අසුබය වඩනවා කියන්නේ ඕවගේ "අනිච්ච, දුක්ඛ, අනත්ත" විදිහට දකින එකයි. ඒක දකින්න පුළුවන් සෝවාන් වලින් එහාට විතරයි.

    මේ තියෙන්නේ තවත් සූත්‍රයකින්

    "මහණෙනි, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරිමෙක් වේ ද නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්දය බොහෝ වීම පිණිසත් විපුලත්වය පිණිසත් මේ ප්‍රත්‍යයයි."

    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, බොජ්ඣඞ්ග සංයුක්තය, පබ්‌බත වර්ගය, කාය සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2152

    ඕක වරද්දගන මලමිනී දිහා බලන් ඉන්නවා.

    නිකමට හිතන්නකෝ මෙහෙම, ඇඟ කෙරෙහි ජන්ද රාගය නැති කරන්න ඒක ඇතුලේ සැරව තියනවා, පනුවෝ ඉන්නවා, බඩ වැල තියනවා කිය කිය බලනවා නේද? දැන් කාට හරි වාහනයක් ගැන ජන්දරාගයක්, ආසාවක් ආවොත් එයා බලන්නේ මොකක්ද? වාහනේ එන්ජිම, ස්ටියරින් වීල් එක, එන්ජින් ඔයිල්. දැතිරෝද... ඔය වගේ ඒවද?

    සමහරු දෙතිස් කුණුප බිත්තියේ ගහගන ඒවා බල බල මෙනෙහි කරගන බමුණෝ වගේ හැසිරෙනවා. එතකොට වාහනයක් ගැන ජන්ද රාගයක් ආව කෙනෙක් බිත්තියේ වින්ඩ්ස්ක්‍රීන් එකක්, බොනට් එකක්, දැතිරෝද එහෙමද එල්ලගන්නේ

    සමහරු මේ ශරීරය දෙතිස් කුණුපයක්. ලෙඩ වෙන ජරා වෙන එකක් කියලා අසුබය වඩනවා
    ආයේ මේ කය නිදුක් වේවා "නිරෝගි වේවා" කියලත් වඩනවා
    බමුණන්ගේ මේ වැඩිලි දෙක එකිනෙකට පරස්පරයි. අද කාලයේ ඉන්න බමුණොත් ඔය 2ම වඩනවා. මේ දෙක එකිනෙකට පරස්පරයි

    ඕකට හොඳ කතාවක් ත්‍රිපිටකයේම තියනවා
    බුදුහාමුදුරුවෝ වස් තුන්මාසේ ඉඳලා ආපහු වැඩලා බලද්දී කලින් හිටපු තරම් හාමුදුරුවරු නෑ...ඒ නිසා අඩු මොකද කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපුවහම කියනවා "මේ කය අසුබයි" කියලා වඩලා කයෙන් මිදෙන්න අවි අරන් හාමුදුරුවරු දවසට 10, 20, 30 බැගින් සියදිවි හානිකරගන කියලා.


    අද නම් හොඳයි ඇටකට්ටක් දිහා හරි බලන් ඉන්නවා. මේ වගේ වෙන්න හෙතුව තමයි ලෝකෝත්තර අර්ථ තේරුම් ගන්න බැරිකම

    ඔය කතාව අසුබ සූත්‍රය තියෙන්නේ මෙහෙමයි,

    "ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවෙකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යමසේ මේ භික්‍ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි

    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, ආනාපාන සංයුක්තය, අසුබ සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/146?s=2479