පිළිම නෙලා නැති විරුවන් පිරිසක්...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්...

නන්දා මාලිනී කියන මේ ගීතය අහලා තියෙන්නෙ කව්ද?

මේකෙන් කියන්නෙ අසාධාරණය, අයුක්තිය වගේ දේවල් වෙනුවෙන් පෙනී හිටපු ... පාලකයන් විසින් රහසේ මරා දැමුනු... මිනිස්සු ගැන...
(එකැනලිගොඩ වගෙ රට පාවා දුන් උන් ගැන නොවේ ) හැම රටකම වගේ මෙවැනි මිනිස්සු හිටියා...ඉන්නවා... ඉදිරියටත් පහල වේවී... මේ කියන්නෙ ජෙ.වි. පි සාමජිකයන් ගැන විතරක් කියලා හිතන්න එපා... ජෙ.වි. පි නොවන ගොඩක් වීර මිනිස්සු ඉන්නවා රහසේ වල දාපු.... යුද්ධයේ දී රට වෙනුවෙන් මිය ගිය අප්‍රකට වීර මිනිස්සු බොහෝමයි...

හැබැයි මෙ ගීතය ලියවුනේ නම් ජෙ.වි. පි සාමාජිකයන් ගැන...

ජෙ.වි. පි දේශපාලන මතයන් ගැන මගේ කැමැත්තක් නැති උනත්...
මේ ගීතය අහනකොට ඇතිවෙන හැගීම් හරි සුන්දරයි....



පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී . . . පුපුරා දෙස් දේවී . . .

පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුනි . . .
පිළිම නෙලා නැති . . .

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුභසෙත සලකා මලෝය උන් සැම . . .
පිළිම නෙලා නැති . . .
 
Last edited:

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නන්දා මාලනිගේ සින්දු තියෙනවා බන් නිතර රේඩියෝ වල යන්නේ නැති ඒවා.. ඒවාගේ මාර තේරුම් තියෙන්නේ... එවා ඇහුවාම තාමා හිතෙන්නේ දැන් රේඩියෝ වල යන්නේ මොනද කියලා:dull:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    නන්දා මාලනිගේ සින්දු තියෙනවා බන් නිතර රේඩියෝ වල යන්නේ නැති ඒවා.. ඒවාගේ මාර තේරුම් තියෙන්නේ... එවා ඇහුවාම තාමා හිතෙන්නේ දැන් රේඩියෝ වල යන්නේ මොනද කියලා:dull:

    yeahh.. very true....
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මගේ ලඟ නන්දා මාලනීගේ පට්ට කලෙක්ෂන් එකක් තියෙනව .... ඒත් කුරුල්ලනේ වරෙල්ල කියන සින්දුව එහෙම නෑ... ඔය සින්දුව කිඳුරියකගේ විලාපය කියන ඇල්බම් එකේ සින්දුවක් ..
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සමහර සින්දු රේඩියෝ වල දාන්නේ නෑ.
    JVP කලබල කාලේ නන්දා මාලිනීගේ ඇල්බම් එකක් තිබ්ලා අහු උනොත් ඒ ගෙදර එවුන්ට sory තමයි කියලා අපේ මාම කෙනෙක් කිවා
    කොහොමත් දැන් යන සින්දු මොනාද මේවා එක්ක
    නිදහස් බයිලා කියල සින්දුවක් තියෙනවා අහලා බලන්න පාලකයන්ගේ රෙදි ගැලවෙන්න කියලා තියෙනවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජේවීපී ත්‍රස්තවාදීන් 71-8000 88/89 60000 වශයෙන් මරා ලන්කාවේ හමුදාව සාර්තකව මර්ධනය කරා විතරක් නෙමෙයි දේශපාලන ප්‍රවහයට ඇතුලත් කරගත්තා.
    මේකට දායක වූ සැමට නීතිය සාමය අගය කරන ජනතාව හැටියට අපේ ගෞරවය හිමිවෙනවා.​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නන්දා මාලනිගේ සින්දු තියෙනවා බන් නිතර රේඩියෝ වල යන්නේ නැති ඒවා.. ඒවාගේ මාර තේරුම් තියෙන්නේ... එවා ඇහුවාම තාමා හිතෙන්නේ දැන් රේඩියෝ වල යන්නේ මොනද කියලා:dull:

    :cool::cool:
     

    waligamaya

    Well-known member
  • 7102669869_Yadamin_Banda_wlangu_la_Nanda_malani.jpg