නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,989
    5,294
    113
    තොටිල්ලේ
    ඒක අලුතින් ඇරපු පීසා හට් එකක්.
    කාලම නැහැ ජීවිතේට මං.
    මං තියා මගෙ ළමයිවත්.
    දැකලනම් තියෙනවා අනන්තවත් ටීවී එකෙන්.
    දන්නෙ නැහැ ගාන කීයදවත්.
    රසවත්.
    ගුණවත්.

    මම මේසන් බාස්ගෙ ගෝලයා.
    දවසටම දෙදාහයි.
    මාසෙටම හැටයි. හැට දෙකයි.
    ඒත් හැමදාම වැඩ නැහැ.
    සල්ලි ප්‍රශ්නනෙ මිනිස්සුන්ට...

    එදා බදාදා.
    ලොකු බාසුන්නැහැ කතා කළා.
    කාලෙකින් වැඩක්.
    ලොකු වැඩක් නැහැ තාප්පයක් බඳින්න.
    වැඩ කළා හවස හය වෙනකල්.
    කන්නයි තේයි එහෙමත් දුන්නා.

    එද්දි වාහන පෝලිමට කීපයක්.
    ගිය සතියෙ ඇරපු පීසා හට් එක.
    දැන්නම් සෙනග අඩුයි.
    ගිය සතියෙනම් ඕසෙට.

    අතේ දෙදාහක් තියෙනවානෙ.
    ඉතිං මාත් බය නෑ.
    ගියා කඩේ ඇතුලටම.

    "මට පීසා එකක් දෙන්න."

    "සර් මොනවද බැලුවෙ.?"

    "පීසා එකක්."

    "ඔව් සර්. මොනවද ඕනි?"

    "පීසා එකක් මහත්තයො"
    එක්කො මුට පිස්සු නැත්නම් මට පිස්සු.

    ඒ කොල්ලා මට දුන්නා කාඩ් එකක්.
    නම් නම් ගොඩයි. රූපත් එක්ක.
    කඩේ ගිහින් මාළුපාන් ගන්නවා තරම් ලේසි නෑ වගේ.

    අතේ දෙදාහයි.
    අඩුම එක අටසිය පනහයි.
    නමනම් දන්නෙ නෑ.
    දැන් ගන්නත් එපැයි.

    "මේක දෙන්න."

    "මොකක්ද සර් ?"

    "ඔය අටසිය පනහෙ එක."

    "සර්ගෙ ෆෝන් නම්බරේත් දෙන්න."
    "සර්. කෑමටද ගෙනියන්නද"

    "ගෙනියන්න"
    මං මේකගත්තෙ ළමයිටයි නෝනටයි.
    ඒත් ගෙනියන්න ඉල්ලුවෙ ඒ නිසාමත් නෙවෙයි.
    ඉල්ලද්දි මෙච්චර අමාරුනම් කද්දි කොහොමද දන්නෙ නෑනෙ.

    "විනාඩි විස්සක් ඉන්න සර්."

    මං පන්සීයෙ කොළ දෙකක් දීලා ඉතුරු එකසිය පනහත් අරන් පුටුවකින් වාඩි වෙලා උන්නා.

    එක එක විදිහෙ අය එනවා.
    හුඟක්ම කාර්.
    ඉඳලහිටලා බයිසිකල්.
    ඒ අයනම් හරි හුරු පුරුදු අය වගේ.
    මම මෙතන චාලි චැප්ලින් වගේ.
    කවදා කාපු ටකරං ද.
    ගමේ එකෙක් නොහිටියෙ හොඳ වෙලාවට.

    කවුද ඇවිත් ටොයිලට් ගියා.
    එන ගමන් පෙට්ටියකට අත ඇම්මා.
    බූ....ෂ්... ගාලා සද්දයක්.
    මොකක්ද ඒ බූෂ් පෙට්ටිය.
    මටත් හිතයි අත දාලා බලන්න.
    මේ වෙච්ච හරිය මදැයි.
    මං වාඩිගෙනම උන්නා.
    බෙහෙත් ගන්න අම්මත් එක්ක ඩිස්පැන්සරියට ගිය පොඩි එකෙක් වගේ.

    "ආ සර්. සර්ගෙ ඕඩරෙක."
    ඇබින්දන් පෙට්ටියක් එක්ක උරයක් ගෙනත් දුන්නා.

    යන්තම් ඇති.
    ඒ හිරෙන් බේරිලා මං ගෙදර ආවා.
    මේ ඇබින්දන් රොටිය ළමයි තුන් දෙනාටත් මදි වගේ හැබැයි.
    කමක් නැහැ.
    මම විගහට ගෙදර ගියා.
    සුවඳයි හැබැයි.
    අපේ ළමයිත් පීසා කන්නෙපැයි.
    දැන් මුං ඉස්කෝලෙ ගිහින් යාළුවන්ටත් කියයි.

    හොඳට ඉගෙනගනින්ලා පුතේ.
    තාත්තා යන්න බය ඒ සමාජෙට උඹලා යද්දි බය නොවෙන්න.
    හොඳට ඉගෙනගනිල්ලා මයෙ පුතේ.

    උපුටාගැනීමකි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    ඒක අලුතින් ඇරපු පීසා හට් එකක්.
    කාලම නැහැ ජීවිතේට මං.
    මං තියා මගෙ ළමයිවත්.
    දැකලනම් තියෙනවා අනන්තවත් ටීවී එකෙන්.
    දන්නෙ නැහැ ගාන කීයදවත්.
    රසවත්.
    ගුණවත්.

    මම මේසන් බාස්ගෙ ගෝලයා.
    දවසටම දෙදාහයි.
    මාසෙටම හැටයි. හැට දෙකයි.
    ඒත් හැමදාම වැඩ නැහැ.
    සල්ලි ප්‍රශ්නනෙ මිනිස්සුන්ට...

    එදා බදාදා.
    ලොකු බාසුන්නැහැ කතා කළා.
    කාලෙකින් වැඩක්.
    ලොකු වැඩක් නැහැ තාප්පයක් බඳින්න.
    වැඩ කළා හවස හය වෙනකල්.
    කන්නයි තේයි එහෙමත් දුන්නා.

    එද්දි වාහන පෝලිමට කීපයක්.
    ගිය සතියෙ ඇරපු පීසා හට් එක.
    දැන්නම් සෙනග අඩුයි.
    ගිය සතියෙනම් ඕසෙට.

    අතේ දෙදාහක් තියෙනවානෙ.
    ඉතිං මාත් බය නෑ.
    ගියා කඩේ ඇතුලටම.

    "මට පීසා එකක් දෙන්න."

    "සර් මොනවද බැලුවෙ.?"

    "පීසා එකක්."

    "ඔව් සර්. මොනවද ඕනි?"

    "පීසා එකක් මහත්තයො"
    එක්කො මුට පිස්සු නැත්නම් මට පිස්සු.

    ඒ කොල්ලා මට දුන්නා කාඩ් එකක්.
    නම් නම් ගොඩයි. රූපත් එක්ක.
    කඩේ ගිහින් මාළුපාන් ගන්නවා තරම් ලේසි නෑ වගේ.

    අතේ දෙදාහයි.
    අඩුම එක අටසිය පනහයි.
    නමනම් දන්නෙ නෑ.
    දැන් ගන්නත් එපැයි.

    "මේක දෙන්න."

    "මොකක්ද සර් ?"

    "ඔය අටසිය පනහෙ එක."

    "සර්ගෙ ෆෝන් නම්බරේත් දෙන්න."
    "සර්. කෑමටද ගෙනියන්නද"

    "ගෙනියන්න"
    මං මේකගත්තෙ ළමයිටයි නෝනටයි.
    ඒත් ගෙනියන්න ඉල්ලුවෙ ඒ නිසාමත් නෙවෙයි.
    ඉල්ලද්දි මෙච්චර අමාරුනම් කද්දි කොහොමද දන්නෙ නෑනෙ.

    "විනාඩි විස්සක් ඉන්න සර්."

    මං පන්සීයෙ කොළ දෙකක් දීලා ඉතුරු එකසිය පනහත් අරන් පුටුවකින් වාඩි වෙලා උන්නා.

    එක එක විදිහෙ අය එනවා.
    හුඟක්ම කාර්.
    ඉඳලහිටලා බයිසිකල්.
    ඒ අයනම් හරි හුරු පුරුදු අය වගේ.
    මම මෙතන චාලි චැප්ලින් වගේ.
    කවදා කාපු ටකරං ද.
    ගමේ එකෙක් නොහිටියෙ හොඳ වෙලාවට.

    කවුද ඇවිත් ටොයිලට් ගියා.
    එන ගමන් පෙට්ටියකට අත ඇම්මා.
    බූ....ෂ්... ගාලා සද්දයක්.
    මොකක්ද ඒ බූෂ් පෙට්ටිය.
    මටත් හිතයි අත දාලා බලන්න.
    මේ වෙච්ච හරිය මදැයි.
    මං වාඩිගෙනම උන්නා.
    බෙහෙත් ගන්න අම්මත් එක්ක ඩිස්පැන්සරියට ගිය පොඩි එකෙක් වගේ.

    "ආ සර්. සර්ගෙ ඕඩරෙක."
    ඇබින්දන් පෙට්ටියක් එක්ක උරයක් ගෙනත් දුන්නා.

    යන්තම් ඇති.
    ඒ හිරෙන් බේරිලා මං ගෙදර ආවා.
    මේ ඇබින්දන් රොටිය ළමයි තුන් දෙනාටත් මදි වගේ හැබැයි.
    කමක් නැහැ.
    මම විගහට ගෙදර ගියා.
    සුවඳයි හැබැයි.
    අපේ ළමයිත් පීසා කන්නෙපැයි.
    දැන් මුං ඉස්කෝලෙ ගිහින් යාළුවන්ටත් කියයි.

    හොඳට ඉගෙනගනින්ලා පුතේ.
    තාත්තා යන්න බය ඒ සමාජෙට උඹලා යද්දි බය නොවෙන්න.
    හොඳට ඉගෙනගනිල්ලා මයෙ පුතේ.

    උපුටාගැනීමකි
    මේසන් බාස්ලා ගෝලයෝ අපිට වඩා හොඳට කනවා බන් ඔව්වා. උන් කඩෙන්මයි කන්නෙ දවසේ හම්බකරපු ගාන උදේ වෙන්න කලින් වියදම් කරන්න ඕනනෙ.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,989
    5,294
    113
    තොටිල්ලේ
    Unrelated to this thread,
    උඹේ depression seen එකට මොකද උනේ? දැන් සනීපද?
    ඇහුවට රොම්බ තෑන්ක්ස් මචං.
    බෙහෙත් ගන්නව.
    බෙහෙත් මාරු කරා ඩොක්ටර් කීප සැරයක්ම.

    චිල් එකේ ඉන්න බලනව.
    ට්‍රැවල් කරනව, එක්සර්සයිස් කරනව, ෆිල්ම් බලනව, සිංදු අහනව.
    නෙගටිව් මොකුත් ඔලුවට ගන්නෙ නෑ.
    ලොකූවට ප්ලෑන් කරන්නෙ නෑ ඉස්සර වගේ ඉස්සරහට මොකද කරන්නෙ කියල.

    මගෙන් ලෝකෙට වැඩක් නෑනෙ කියල හිතෙන එක තමා තිබ්බ ලොකුම අවුල, මං ෆේල් කියල හිතෙන එක.
    මං දැන් අනික් අයට හොදක් වෙන දේවල් කරන්න ට්‍රයි කරනව.
    ඉස්සර ඉදල මං ඒකෙන් ගොඩක් සතුටු වෙනව.
    ඉතිං මේ ටිකේ අනික් අයව සතුටින් තියෙන්න එක එක ඒව කරනව.
    දැන් මං වැඩක් ඇති දෙයක් කරනව කියල හිතෙනව, මං වැඩක් නැති කෙනෙක් කියල හිතෙන එක අඩුයි.

    හැබැයි තාම වැඩක් පටන් ගන්න හරි අමාරු ගතියක් තියෙනව ලොකුවටම (අවස්තිති ඝූර්ණය වගේ එකක්).
    පටන් ගත්තත් එක දිගට වැඩක් කරන් යන්න ෆෝකස් වෙන්නෙ නෑ.

    ආපහු ජොබ් එකට ගියාම කෙල වෙයිද කියන එක තමා දැන් තියෙන අවුල.
    බලමු. ජීවිතේට යන්න දීල බලන් ඉන්නව මේ ටිකේ 😀.
    ඇහුවට ආයෙත් බොහොම ස්තූතියි මචං.