පුංචි කතාවකින් ලොකු ආදර්ශයක්

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
පුංචි කතාවකින් ලොකු ආදර්ශයක්

පුංචි කතාවක් කියන්න යන්නේ....
කියවලා විතරක් යන්නෙ නැතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොඳ නරක කියලා.....

Repost නම් සමා වෙන්න.....



පහල පින්තුරේ තියෙන්නේ නෙවාඩා ප්‍රාන්තයට අයත් රේන්බෝ කියන පාලම ( Rainbow Bridge )

rainbow bridge.jpg

පේනවා ඇතිනෙ පාලම පහල මොනවද තියෙන්නේ කියලා... වැටුනොත් නම් ඉතින් sorry.com


දවසක් වලහෙක් හදිස්සියෙ මේ පාලම උඩට වැරදිලා වගේ එනවා.පාලම උඩ තියෙන්නේ අධිවේගී මාර්ගයක්... පාරෙ දෙපැත්තෙන්ම එන වාහන දකින මේ සතා කලබලයට පත් වෙනව. කලබල වුන සතාට යන්න තැනක් නැතුව පාලමෙන් බිමට පනිනවා...


බිමට පැන්නට මොකද පහල දකිනකොට තමා තේරෙන්නෙ වෙන්න යන දේ ඒ තරම්ම හොඳ නැති බව.
බේරෙන්න ක්‍රමයක් සොයන මේ සතා පාලමේ ගැට්ටෙ එල්ලෙන්න උත්සහ කරනවා... පුරුවෙ පිනකට වගේ මේ සතා සාර්ථකව පාලමේ එල්ලෙනවා.

බලන්නකෝ මේ සතා ඉන්න විදිය.....

ATT00001-725155.jpg





මේ අතරේ මේ සතාව බේරගන්න මෙතැනට පැමිනි නිලධාරීන් කට්ටියත් බලාගෙන ඉන්නවා...
ටික ටික අඳුර වැටීගෙන එන නිසා හෙට හිමිදිරියේ පැමින යම් උපායක් යෙදිය යුතු බවත් දැන් කිසිවක් කිරීම නුවනට හුරු නැති බවත් මෙයාල තීරනය කරනවා.

ලොකු අවදානමක් එක්ක මේ සතාව තනිකරල දාල යන්න වෙනවා මේ කට්ටියට.... හෙට අලුයම වෙනතුරු ජීවිතය රැකගෙන සිටීමේ භාරදූර වගකීම සම්පුර්නයෙන්ම වලහට භාරදීලා තමා මේ අය යන්නේ....



ඊලඟ දවසෙ උදේම මෙතැනට එන නිලධාරීන්ට දකින්න ලැබෙන්නෙ සුභ දර්ෂනයක්....
පුදුමයකට වගේ මුලු රැයක් පුරාවට තම ජීවිතය රැකගෙන හිටපු මේ සතා බොහොම තද නින්දකට වැටිලා.....

ATT00002-727057.jpg




මෙයාල පාලමට යටින් ආරක්ෂිත දැලක් දානවා.. යම් හෙයකින් මේ සතා නිදාගෙන නොසිටියේ නම් නැවත කලබල වී තවත් කරදරයක් වෙන්නට තිබුනු අවස්තාව මගහැරී තිබීම මේ අයට ලොකු පහසුවක් වෙනවා...


ATT00003-729713.jpg


අන්තිමේදි මේ සතාව මේ ආරක්ෂිත දැලට කොටු කරගන්නවා...

ATT00004-731298.jpg


ඊලඟට පරිස්සමෙන් බිමට ගෙනල්ල මේ සතාගෙ ජීවිතය බේර ගන්නවා...

ATT00005-732750.jpg


ATT00006-735482.jpg


බල්ලො බලල්ලු වගේ මිනිස්සු ඇන කොටා ගන්න සමාජයක තිරිසන් සතෙකුගෙ ජීවිතය බේර ගන්න මේතරම් ලොකු මෙහෙවරක් කරපු මිනිස්සු දැක්කම පුන්චි සතුටක් ඇති වෙනව....

තව දෙයක් කියන්න ඕනෙ අපේ එලකිරි යාලුවන්ට....
අපේ අතින් සිදුවන පුංචි වැරැද්දක් නිසා අපිට නොසිතන විදියේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙන අවස්ථා බොහොමයි.... නමුත් මේ විදියෙ ප්‍රශ්නයක් ආවම කිසිම වෙලාවක අධර්‍රයමත් වෙන්න නැතුව නිර්භීතව ප්‍රශ්නයට මුහුන දෙමු...
හරියට අර වලසා ජීවිතය වෙනුවෙන් සටන් කලා වගේ.... හැමවිටම විශ්වාසය හිතේ රඳවගෙන වැඩ කරමු..




සැමට ජය !!!
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බල්ලො බලල්ලු වගේ මිනිස්සු ඇන කොටා ගන්න සමාජයක තිරිසන් සතෙකුගෙ ජීවිතය බේර ගන්න මේතරම් ලොකු මෙහෙවරක් කරපු මිනිස්සු දැක්කම පුන්චි සතුටක් ඇති වෙනව....

    :yes::yes::)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...! :yes: