පුංචි කරාබු දෙක

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පුංචි කරාබු දෙක


    51361444_1491768524286404_7738285771689295872_n.jpg


    ''මිස් මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.''

    ''ඇයි ඒ?''

    ''වෙන තැනක ලබන සතියෙ ඉඳල''ඇය කීවෙ අහිංසක ලෙස සිනාසෙමින් අතෙහි වූ යමක් මා දෙසට දිගු කරමිනි.

    ''මේ මොකක්ද ආන්ටි?''

    ''මේක ගන්න මිස්. පුංචි කරාබු දෙකක්. මිස්ල සාරිවලට පාට පාට කරාබු දානවනේ.''

    ''අපරාදෙනේ මේව ගෙනාවෙ.''

    ''නෑ මිස් අපේ මහත්තය ඔය වගේ දේවල් විකුණන්නෙ පේමන්ට් එකේ. මිස්ටයි මිස් එක්ක ඉන්න අනිත් මිස්ල තුන්දෙනාටයි ගෙනාව ආයෙත් මං එන්නැති නිසා''

    ''හරි ලස්සනයි. තැන්ක් යූ ආන්ටි.'' මමද සිනාවකින් සංග්‍රහ කරමින් කීවෙමි.

    ''මිස්ල වගේ නෑ හැමෝම. අපි එක්ක හිනාවෙන්නෙ ගුඩ් මෝ(ර්)නින් කියන්නෙවත් නෑ. කතා කරන්නෙවත් නෑ. ගනන් ගන්නෙවත් නැතුව යනව. අපිත් ඉතින් මේ රස්සාව කැමැත්තෙන් කරනව නෙමෙයිනේ මිස්.'' මම නිරුත්තර වුණෙමි.

    ''දරුවො හොඳ තැනකට ගේන්න ඕනනේ. අපි හොඳට ඉගෙනගත්තෙ නැති එකේ දරුවන්ටවත් උගන්නල හොඳ රස්සාවක් කරන්න පුළුවන් තැනට ගේන්න එපැයි. රස්සාව පටන්ගත්ත මුල් කාලෙනම් සමහර දාට ඔක්කාරෙට එනව කුණු බෑග් එකතු කරනකොට. ඒත් දැන් පුරුදුවෙලා.'' එසේ කියමින් ඇය නැවතත් සිනාසෙද්දී වෙනදා මෙන්ම ඇය තුළින් පෙනුනේ අහිංසක මවකගේ ස්වරූපයමයි.

    පසුදින මමත් යෙහෙළියනුත් ඇය විසින් ගෙනැත් දුන් කරාබුවලට ගැළපෙන සාරි ඇඳ රාජකාරි ස්ථානයට ගිය අතර එම කරාබු අප පැළඳ සිටින බව පෙන්වූ විට ඇය නැවතත් සුපුරුදු ලෙස අප සමඟ සිනාසී ආයෙත් මිස්ලව දකින්න ලැබෙයිද දන්නෙ නැහැ කියමින් ඇගේ රාජකාරියෙහි නිරතවූවාය.

    විවිධ ඉහළ පෙළේ යැයි සම්මත රැකියා මෙන්ම පිරිසිදු කරන්නියක ලෙස ඇය කරන ලද රැකියාවද එකම මට්ටමක පවතින බව අප අතර බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ අපගේ රටේ ආකල්පමය දුර්වලතාව සහ ගිලිහී ගිය මනුස්සකම් නිසාය. අපට කවදාවත් ඔවුන් මෙන් කුණු ඉවත් කරන්නට තියා සිතන්නටවත් අපහසුය. එබැවින් ඔවුන්ගේ රැකියාවද අනෙක් සියලු රැකියා මෙන් වටිනාකමකින් යුක්තය.

    දිනක් මට මිතුරියක කීවේ කුණු ට්‍රැක්ටරය හෝ මාළු විකුණන ස්ථාන අසලින් යන විට ඇය අතින් හෝ ලේන්සුවකින් නාසය වසා ගන්නේ නැතිව යන්නේ එහි රැකියාව කරන මිනිසුන් පව් නිසා කියාය. මමද එවන් අවස්ථාවල කොතරම් අපහසු වුවත් හුස්ම නොගෙන හෝ ඉවසා එම ස්ථාන පසු කරන්නේ එවන් මිනිසුන් අපේ ක්‍රියාවෙන් තවත් අසරණ වන බැවිනි. බොහෝවිට එවන් ස්ථානයකින් යනවිට නාසය වසාගෙන යන පිරිස් දුටුවිට කුණු ට්‍රැක්ටරයේ වැඩ කරන මිනිසුන්ගේ මුහුණු ඉතාමත් අසරණ ලෙස වර්ණ
    ගැන්වෙන බව මා ඕනෑ තරම් දැක ඇත. ඉන්පසු මම එසේ නොකරන්නට වග බලාගතිමි.

    මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් දෙන්න මුදල්ම ඕනෑ නැහැ. ඔවුන් සමඟ සුහදව සිනාසීමට, වචනයක් දෙකක් කතා කර සැපදුක විමසීමට හෝ අඩුම තරමේ උදෑසන ගුඩ් මෝ(ර්)නින් යැයි පැවසීමට මුදල් වැයවන්නේ නැත. එය පවා සමහර මිනිසුන්ගේ ජීවිතවලට හයියක් විය හැකිය. මේ මිහිමත සෑම පුද්ගලයෙක්ම වටිනාකමක් සහිත පුද්ගලයෙක් බව අමතක නොකළ යුතුය.

    ✒️ප්‍රියාශා හෙට්ටිහේවා
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මාත් ඔහොම හිතල වැඩ කරන තැන cleaning කරන ගෑනු දෙන්නට හොදින් හිටිය.පස්සෙ ටික කාලයක් යද්දි මුන් මාව ගනන් ගන් නෑ.උන්ට බැනල අනන් මනන් කරන උන් කියන දෙව්ල් කරනව මිසක් මන් මොකක් හරි කිව්වොත් කරන් නෑ.ඔන්න ඕකයි රටෙ තත්වෙ.කවුරු හරි හොදින් හිටයොත් උගෙ කරේ නැගල උටම අරින්ඩ එන්නෙ
     
    • Like
    Reactions: rahal jayasekara

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මාත් ඔහොම හිතල වැඩ කරන තැන cleaning කරන ගෑනු දෙන්නට හොදින් හිටිය.පස්සෙ ටික කාලයක් යද්දි මුන් මාව ගනන් ගන් නෑ.උන්ට බැනල අනන් මනන් කරන උන් කියන දෙව්ල් කරනව මිසක් මන් මොකක් හරි කිව්වොත් කරන් නෑ.ඔන්න ඕකයි රටෙ තත්වෙ.කවුරු හරි හොදින් හිටයොත් උගෙ කරේ නැගල උටම අරින්ඩ එන්නෙ

    Ow bn lanjawe godak un ohomai
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මාත් ඔහොම හිතල වැඩ කරන තැන cleaning කරන ගෑනු දෙන්නට හොදින් හිටිය.පස්සෙ ටික කාලයක් යද්දි මුන් මාව ගනන් ගන් නෑ.උන්ට බැනල අනන් මනන් කරන උන් කියන දෙව්ල් කරනව මිසක් මන් මොකක් හරි කිව්වොත් කරන් නෑ.ඔන්න ඕකයි රටෙ තත්වෙ.කවුරු හරි හොදින් හිටයොත් උගෙ කරේ නැගල උටම අරින්ඩ එන්නෙ

    True
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    තමන් මාර හොඳයි කියල පෙන්නන්න මෙහෙම කතා ලියන අයගෙ සැබෑ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්
    එක නම් සිරා ම කතාව බන්. ඕනවට වඩා බුදු බණ කියවන උන් නම් 100% එහෙමයි. මම කීපපාරක් ම දැකලා තියෙන දෙයක්. දැකපු හක්කෙ බුදු රැස් උන් සේරගෙම බොක්කෙ දඩ මස්
     
    • Like
    Reactions: topkollek