පුංචි කාලෙම මේ දේවල් ළමයින්ගෙ ඔලුවට යන එක&#350

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුංචි කාලෙම මේ දේවල් ළමයින්ගෙ ඔලුවට යන එක&#350

    මේ කතාව නං ගොඩක් වෙලාවට නොදියුණු රටවල් වලට පොදු සිද්ධියක්. ඇත්තටම ඒ නිසා අපි මේ කතාව ලංකාවට අනුව හිතමුකො. ඔන්න දැන් දරුවෙක් ඉපදුනාම ඒ දරුවට පුංචි කාලෙ ඉඳන් ඔලුවට වැටෙන දේවල්වලට අනුව එයාගෙ අනාගතය තීරණය වෙනවා. ඒක ඉතිං ලොකු අවුලක්. මේ ලොකු අවුල නිසා අනාගතේදි රටට අවුලක් සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන්න යන්නෙ ඒ විදියට ඔලුවට කිඳාබහින නරක දේ ගැන කතාවක්.



    1. අනිවා දරුවන් හදන්න ඕනමයි

    Bad-Influences-in-Sri-Lanka-aniwa-01.jpg



    Source – thehealthsite.com
    මේකනං ලොකු අවුලක්. ඒ තමයි පුංචි කාලෙම ළමයින්ට කසාද බැඳලා කරන්න ඕන දේවලුත් ප්ලෑන් කරලාම සමාජයට අතාරින එක. ඉතින් ළමයි ඉස්සරහා ඔය දේවල් කතා කරලා ළමයි මුල ඉඳන්ම හැඩ ගැහෙන්නෙ දෙමවුපියන්ට ඕන පිළිවෙලට මිසක් තමන්ගේ ස්වාධීන අදහසකට අනුව නෙමෙයි. ඒ නිසා ඇත්තටම තමුන්ට දරුවන් අවශ්‍යයිද? කියන තීරණයට යන්නවත් දරුවන්ට නිදහසක් ලැබෙන්නෙ නැහැ.



    2. වැඩිහිටියන්ගෙ ආගම දරුවාටත්


    Bad-Influences-in-Sri-Lanka-aniwa-02.jpg

    Source – sheknows.com
    දරුවන්ට තේරුමක් නැති කුඩා කාලයේදීම දෙමවුපියන් විසින් දරුවන්ව තමන්ගේ ආගම වැළඳගන්නට යොමු කරනවා. එහි වරදක් නැහැ. නමුත් වරද ඇත්තේ ක්‍රම ක්‍රමයෙන් දරුවා හැදී වැඩෙද්දීත් ආගම් පිළිබඳ මත බලෙන් දරුවාට පැටවීමයි. වෙනත් ආගම් සහ දර්ශනයන්ට දොස් පැවරීම හෝ ඒවා දරුවාගෙන් ඈත් කොට තැබීම සිදු කරන අතර, කරුණු කාරණා තමන් විසින්ම විමසා බලා තමන්ට ආගමක් හෝ දර්ශනයක් පිළිපැදීමට අවශ්‍යයද? එසේනම් තමන්ට ගැලපෙන්නේ කුමන ශාස්තෘන් විසින් පෙන්වා දී ඇති මාර්ගයද යන්න තීරණය කිරීමට තරම් නිදහස් වාතාවරණයක් ක්‍රමයෙන් වැඩෙන දරුවෙක්ට ලැබෙනවා ඉතා අඩුයි. ඒ වෙනුවට වැඩිපුර දරුවන්ගේ මනසට කැවෙන්නේ මුලාව, වෛරය සහ බෙදීම් ඇති කිරීමට තුඩු දෙන කරුණුයි.


    3. බිස්නස්වලට වඩා රස්සා හොඳයි




    Source – freeform.go.com
    මෙයද කුඩා කාලයේ පටන්ම දරුවන්ගේ ඔලුවට ඔබ්බවන නරක අදහසක්. මේ අදහස කුඩා කාලයේදී වගේම තරුණ අවධියේදීත් දරුවන් පසුබෑමට ලක් කරවනවා. ඒ තමන්ගේම ව්‍යාපාරයක් කරනවාට වඩා රැකියාවක් සිදු කර මාස් පඩියක් අතට ගැනීම යෝග්‍ය බව සහ ඉන් වඩාත් සමාජ පිළිගැනීමක් ලැබෙන බව පවසමින්. මේ නිසා ව්‍යාපාරිකයෙක් වන්නට උචිත සහජ හැකියාවන්, නිර්මාණශීලී සහ ස්වාධීන ගති පැවතුම් කොතරම් තිබුණත් වැඩිහිටියෙක් බවට පත්වන දරුවා යොමු වන්නේ රැකියාවක් කරායි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කොතරම් අවස්ථා තිබුණත් මුලදී ඇතුළත් කරවන ලද මතය නිසා ඒවා ඔහුගේ/ඇයගේ අවධානයට ලක්වනවා අඩුයි.



    4. අර රස්සාව හොඳයි… මේ රස්සාව නරකායි

    Source – thetab.com
    මේ තවත් බහුලවම සිදුවන වැරැද්දක්. කුඩා කාලයේ පටන් සමාජයේ නොයෙක් වෘත්තීන් උසස් පහත් හැටියට වෙන්කොට දරුවාගේ ඔලුවට ඒ කරුණු ඇතුළත් කිරීම ඔහුගේ අනාගත ජීවිතයට බාධාවක්. උදාහරණයක් හැටියට වෛද්‍ය, ඉන්ජිනේරු වැනි වෘත්තීන් වල උසස් බව කියාපාමින් දරුවාව බලහත්කාරයෙන් ඒ මාර්ග වලට යොමු කිරීම දැක්විය හැකියි. මේ හේතුවෙන් දරුවා සතු කුසලතා තුළින් ඔහුගේ අනාගත වෘත්තිය නිදහස්ව තෝරාගැනීමේ හැකියාවට වැට කඩොලු බැඳෙන අතර, දෙමවුපියන් සහ සමාජය සතුටු කිරීමට වැදගත් යැයි සැලකෙන වෘත්තීන් පසුපස හඹාගොස්, බොහෝ වේලාවට ඒ මගින් අසාර්ථකත්වයන් ලැබීමටත් බහුතරයකට සිදු වෙනවා.



    5. වැඩිහිටියන්ගේ දේශපාලන පක්ෂය තුළ දරුවා පිහිටිය යුතුමයි

    Bad-Influences-in-Sri-Lanka-aniwa-05.jpg


    Source – wallpup.com
    මෙයද තවත් නරක තත්ත්වයක්. එනම් දෙමවුපියන් මනාපය පළකරන දේශපාලන පක්ෂයට දරුවන්ද යොමුකිරීමයි. කුඩා කළ පටන් දරුවන්ගේ මනසද ඒ අනුව සාදවා ඔවුන්ව තමන්ගේ දේශපාලන මතය තුළම රඳවා ගන්නට බොහෝ දෙමවුපියන් උත්සුක වෙනවා. මෙම තත්ත්වය නිසා ස්වාධීනව රටේ පාලනය භාර දිය යුතු ක්‍රමය තෝරාගන්නටවත් තරුණ තරුණියන්ට නොහැකි වෙනවා.



    6. අම්ම තාත්තට හරියන කෙනා

    Bad-Influences-in-Sri-Lanka-aniwa-06.jpg



    Source – youtube.com/Amma – Jude Rogans
    කුඩා කාලයේ පටන් ඔලුවේ තැම්පත් කරනු ලදුව බොහෝ දරුවන් තමන්ගේ ජීවිත ගමන ගෙනයන්නට සහකරුවකු හෝ සහකාරියක පතන්නේත් දෙමවුපියන්ගේ තෝරාගැනීම්වලට සරිලන ලෙසයි. දෙමවුපියන් කැමති රුව ඇති, දෙමවුපියන්ට සලකන, දෙමවුපියන් කැමති අධ්‍යාපනය ලබා ඇති සහ රැකියා ක්ෂේත්‍රයේ සිටින අය තෝරාගන්නට බොහෝ දරුවන්ට සිදු වෙනවා.



    7. බාහිර පෙනුමෙන් මිනිස්සු මැනීම

    Source – scoopwhoop.com
    මේ තත්ත්වයත් කුඩා කාලයේ පටන් දෙමවුපියන් සහ සමාජය විසින් ඔලුවට දමන නරක පූර්වාදර්ශයක්. එනම් බාහිර පෙනුමින් සහ රැකියාවෙන් මිනිසුන් මැනීමයි. මෙම තත්ත්වය නිසා වැඩිහිටි වූ පසුවත් තමන් කුඩා කාලයේ සිතා සිටි කොණ්ඩය වවන ලද පිරිමින්, පච්චා කෙටූ ‍ගැහැණුන් නරක යැයි සිතන්නට බොහෝ පිරිස් පෙළඹෙනවා.



    8. මැරෙනකං අම්මලා ගාව ඉන්න


    Bad-Influences-in-Sri-Lanka-aniwa-08.jpg


    Source – kiplinger.com
    මෙම තත්ත්වයත් දෙමාපියන් සහ සමාජය විසින් දරුවන් මත පටවන්නක්. නිසි වයසට පැමිණි පසු තමන්ගේ අනාගතය තමන් විසින් සරි කරගන්නට, ස්වාධීන ජීවිතයක් ගෙවන්නට දරුවන් හුරු වීම ඉතා හොඳ තත්ත්වයක්. එසේ වුවත් දරුවන් විවාහ වී, දරුවන් සාදා, තමුන් මිය යන තෙක්ම තමන් ලඟ තබාගන්නට දෙමවුපියන් දරණ උත්සාහය දරුවන්ට නරක ලෙස බලපෑමක් සිදු කරන්නට ඉඩ තිබෙනවා.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බිස්නස්වලට වඩා රස්සා හොඳයි

    සිංහලයට කෙල උනේ මේකෙන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,016
    113
    ලංකාවේ තියන සමාජ ක්‍රමයත් එක්ක උබ සයිකල් එකෙන් පැන්නොත් ෆේල්

    ඔය චක්‍රයෙන් පැන්නොත් කෝටි ගාණක් වියදම් කරලවත් ආපහු එන්න බෑ... සම්ප්‍රදාය, කටුක වුනත් සුරක්ශිතයි. ...... පැනලා යන අයට කියන්න තියෙන්නේ කෝටි ගාණක් පොතේ තියාගනිල්ලා අවසාන කාලේ ගෙවන්න. දුප්පත් පවුල් වල වැඩිහිටියෝ වාසනාවන්තයි. පාලුවේ , දුක් විඳලා මැරෙන්න වෙන්නේ නෑ....අමාරුවෙන් වුණත් සතුටින් දෙමාපියෝ බලාගන්නවා.

    ලංකාවේ හිටපු ප්‍රධාන ඩොකෙක් කිව්වා, "මගේ පුතා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් කලා නම් මම මීට වඩා සතුටින් අවසාන කාලේ ගෙවනවා".