පුංචි දෙතොලින් දුන්නු හාදුව

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
පුංචි දෙතොලින් දුන්නු හාදුව

පුතේ නුඹගේ
කවඩි සිනහා
සිත පුරා
සක්මන් කළා

ගෙවුණු ඒ පැය
දෙක තුනේ මන්
මගෙ හිතෙන්
අම්මෙක් වුණා


කෝල වදනට
පුංචි දඟ වැඩ
හරි හැඩට

එක් වී ගියා


යන්න සැරසී
පිය මනින විට
පුතේ මගේ ඇස්
බර වුණා


පුංචි දෙතොලින්
දුන්නු හාදුව
මං මගෙ

හිතේ හැංගුවා


- උපුටා ගන්නා ලදී - :)