පුංචි පහේ මං - අම්ම තාත්ත සෙල්ලම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පුංචි පහේ මං - අම්ම තාත්ත සෙල්ලම

    පුංචි පහේ මං....

    1+Cute+Kiss+%252528www.cute-pictures.blogspot.com%252529_large.jpg


    අද ඉඳන් මම මගේ යට ගියාවේ පුංචි පුංචි රස කතා ටිකක් කියන්නම්... ඇතැම් නම් ගම් මනඃකල්පිත වුණාට සිදුවීම් නම් 100% ක් ඇත්ත....:)

    එතකොට මට යාන්තම් අවුරුදු 10 - 11 ක් විතර ඇති... මාත් එක්ක ඒ කාලේ සෙල්ලම් කරන්න සෙට් වුණු මගේම සම වයසේ කෙල්ලෝ කොල්ලො ටිකක් හිටියා... එතනින් හිටපු ප්‍රෙසන්ති කියන කෙල්ලට මගේ හිතේ පුදුම කැමැත්තක් තිබුණේ...:yes: හොරා පොලිස් කරනකොට ඒකි මගේ පැත්ත... අල්ලන් සෙල්ලන් කරන කොට මම බලෙන්ම ඒකිට අහුවෙනවා... හැංගි මුත්තන් සෙල්ලම් කරන කොට ඒකි හැංගෙන තැනම මමත් හැංගෙනවා...:rolleyes: ඒකිගේ කොණ්ඩ කැරලි මගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන තරමට මුහුණ ලං කරන කොට මට අමුතුම හැගීමක් දැනෙනවා... පුංචි වයසට හිතෙන දේවල්නේ...:rofl:

    ඕන්න එක දවසක් අපි අම්ම තාත්ත සෙල්ලම් කරන්න ලෑස්ති වුණා... ඒ කියන්නේ අම්මයි තාත්තයි, දරුවොයි, මුදලාලියි, වට්ටි අම්මයි වගේ පුංචි එවුන් චරිත අරගෙන කරන සෙල්ලමක්.... ප්‍රෙසන්ති කිව්ව ”මම අම්ම...” කියල... මම ටක් ගාලා ”මම තාත්තා...” කියල කිව්ව... ඕන්න දැන් ප්‍රෙසන්ති අම්ම, මම තාත්තා... ;)

    සෙල්ලම නැගල යනවා... දැන් ප්‍රෙසන්ති බැංකු යන්න ලෑස්ති වෙනවා.... මම පත්තරයක් බලනවා.. අපේ දරුවෝ මිදුලේ සෙල්ලම් කරනවා... ”ඒයි මම බැංකු යනවා...” කියල ප්‍රෙසන්ති ඇවිල්ල මගේ මුහුණට පුංචි කිස් එකක් දුන්නා...:sorry: මම පුදුම වුණා... මම ඇහැව්වා ඇයි කියල... එතකොට ප්‍රෙසන්ති කියනවා එයාගේ අම්ම හරි තාත්ත හරි ගමනක් යන කොට එහෙම කිස් එකක් දෙනවලූ.... :D

    ඒකේ පුංචි ආතල් එකක් මට දැනුනා... කම්මුලේ පැත්තක් හිරි වැටිල ගියා වගේ... ඉතිං එදා ඉඳන් අම්ම තාත්ත සෙල්ලම් කරන්න තමයි මම වැඩියෙන්ම කැමති.... සෙල්ලම ඉවර වෙන කොට මම ගමන් 10 - 15 ක් ගිහිල්ලා.... ඒ හැම ගමනක්ම යන්නේ ප්‍රෙසන්තිට කිස් එකක් දීලා.... :P

    ඕක වැඩි කාලයක් කරන්න බැරි වුණා... ප‍්‍රසන්ති සෙල්ලම් කරන්න එන වාර ගාණ අඩු වුණා... :(හේතුව දැනගත්තේ පස්සෙ කාලේ.... මම කිස් කරනවා ප්‍රෙසන්තිගේ අම්ම කිහිප වාරයක් දැකල... ඒ හින්ද තමයි ප්‍රෙසන්තිගේ ගමන නැවතුණේ... පස්සේ කාලෙක අපි ලොකු ළමයි වුණාට පස්සේ ප්‍රෙසන්තිම තමයි ඔය කතාව කිව්වේ.... ඒකිගේ අම්ම කිව්වලූ ”ඒ ළමයා පොඩි වුණාට මහා නොසන්ඩාල පුරුදු තියෙන්නේ... උඹ ආයෙ යන්න එපා සෙල්ලමට” :frown:කියල....

    ප්‍රෙසන්ති අදත් අම්ම තාත්ත සෙල්ලමේ අම්මට ඉන්නවා.... වෙනසකට තියෙන්නේ අද නම් එයා ඇත්තම අම්ම කෙනෙක්... හැබැයි තාත්ත වෙන කෙනෙක්....:(

     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ඒ ළමයා ලොකු වුණත් මහා නොසන්ඩාල පුරුදු අඩු වෙලාවව් නැහැ
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ ළමයා ලොකු වුණත් මහා නොසන්ඩාල පුරුදු අඩු වෙලාවව් නැහැ

    ඒ ළමයා ලොකු වුණත් මහා නොසන්ඩාල පුරුදු අඩු වෙලාවව් නැහැ

    :( :frown:
     
    • Like
    Reactions: Iron Monger

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්


    ප්‍රෙසන්ති අදත් අම්ම තාත්ත සෙල්ලමේ අම්මට ඉන්නවා.... වෙනසකට තියෙන්නේ අද නම් එයා ඇත්තම අම්ම කෙනෙක්... හැබැයි තාත්ත වෙන කෙනෙක්....:(


    :(:(:(:(:(
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ දැන් ගිහින් අහපන් ඒ සෙල්ලම ආයිත් කරන්න බැරිද කියල :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    "ඒ ළමයා පොඩි වුණාට මහා නොසන්ඩාල පුරුදු තියෙන්නේ... උඹ ආයෙ යන්න එපා සෙල්ලමට”

    mona unath aeththa kiyala thiyenawa :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ පොඩ් කික් එකක් තියෙනව, ඒත් ඔව එලි කිරීම මාගේ අහිමානයට කැලලක්..
     
    Last edited: