පුංචි සාමණේරයන් වහන්සේලා
පුංචි සාමණේරයන් වහන්සේලා ඉගෙන ගන්න, පහසුතාවයන් එහෙම අඩු දුප්පත් පන්සලක් දන්නවා නම් කරුණා කරලා ලියපල්ලා! පුස්තකාලයක් හදන්න ලොකු ආසාවක් තියෙනවා. අවුරුදු ගානකට උඩදි රූපවාහිනියෙ පෙන්නුවා වෙන්ඩෝල් අයිති මනුස්සයා ගිය දුප්පත් පන්සලක් ගැන වැඩසටහනක්. පුංචි සාමණේරයන් වහන්සේලා එක පොදියයි. ඒ වෙලාවෙ ඔළුවට මොකුත් ආවෙ නෑ. නමුත් පස්සෙ ඒ ගැන කල්පනා වුනු වෙලාවක තේරුනා අපරාදෙ කොහේද පන්සල කියලාවත් අහගත්ත නැති එක ගැන. දැන් අඩුම ගානේ කොයි නාලිකාවෙද ගියේ, කොයි කාලෙද ගියේ කියලාවත් මතක නෑ. කොහොමටත් ඒ පන්සල මතම යැපෙන්න උවමනා නෑ. ඉගෙන ගන්න පුංචි සාමණේරයන් වහන්සේලා ඉන්න දුප්පත් පහේ පන්සලක් තියෙනවා නම් දන්වාපල්ලා! කොළඹට නුදුරින් නම් වඩාත් හොඳයි. නුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරේ වගේ පැය තුන හතරක ගමනක දුරක් වුනත් කමක් නෑ. දඹුල්ල, මාතලේ වගේ පැති වුනත් කමක් නෑ. දන්නවා නම් දන්වාපල්ලා!