මහින්ද ගේ පුංචි ඇඟිල්ල සහ පුංචි අපිට දැන් තේරෙයි...!
මහින්ද රාජපක්ෂ අකුරැස්සේ දී අපට බොහෝ දේ පැහැදිළි කර දුන්නේය. ඔහුගේ ඇඟිල්ලේ එල්ලුනේ ඔහුගේ අත අල්ලන්නට පොරකන වහලුන්ගෙන් එකෙක් බවත්, ඒ ආදරේට බවත් ඔහු කියා සිටියේය. එසේම ඇඟිල්ලේ එල්ලුණු පුද්ගලයා හොඳට අඩියක් ගසා සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු බවත් ඔහු කියා සිටියේය.
මෙය මහින්ද රාජපක්ෂ ගේ රැස්වීම් කෙරුවාව සහ ඔහුගේ රැස්වීම් වලට සෙනග ඇදීමට ඔහු සහ ඔහුගේ පක්ෂයේ හොර නඩය පසුගිය ජනාධිපතිවරණයේ සිට ගෙන ගිය ක්‍රියා පිළිවෙත මනා ලෙස ඔප්පු වෙන එක්තරා සිදුවීමකි. මහින්ද ගෙ රැළිවලට පිස්සු හැදෙන සෙනගක් එනවා යැයි ඔහු මෙන්ම ඔහුගේ හොර නඩය පසුගිය ජනාධිපතිවරණයේ දී පවා අපට පෙන්වා දුන්නේය. නමුත් ඔවුන් එනවා නොව ගෙන්වනවා යන්න බයියන් නොවන සියල්ලෝම හොඳින්ම දැන සිටියහ. අරක්කු බෝතලයක් කෑම පාර්සලයක් සහ අතට තව ගතමනාවක් දෙන විට, මේ හිඟන දූපතේ බහුතරයක් පිරිමින් ඕනෑම තැනකට අද්දවා ගැනීමට හැකිය. මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලය පුරාවට සිදුකළෛ් එම ජඩ ක්‍රියා පිළිවෙතයි. අරක්කු බෝතලයක් දී, කෑම පැකට් එකක් සහ ගතමනවාක් දී එසේ ගෙන්වා ගත් සෙනග, මාධ්‍යවලින් පෙන්නා තම ජයග්‍රහණය ස්ථිර බව මහින්ද එදා ජනාධිපතිවරණයේ දී කියා සිටියා මෙන්ම, අදත් කියා සිටී. ජනතාව අන්දවා අවසානයේ ඔහුම ඇඳ ගත් බව දැනගන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විටය.
කණ පැලෙන්නට බී රැස්වීමට එන මෙවැනි මිනිසුන් ගේ සංස්කෘතියක් බිහිකළ මහින්ද රාජපක්ෂ සහ හොර නඩය තේරුම් ගත යුතු සත්‍යය නම්, එවැනි බීමත් මිනිසුන් ඇඟිල්ල පමණක් මිරිකා නොනැවතී මහින්ද ගෙ ඇට දෙක මිරිකන්නටත්, බොහෝ දුරට බෙල්ල මිරීකීමටත් ඉඩ ඇති බවය. මන්ද යත් ඔවුන් බීමත් මිනිසුන් පිරිසක් බැවිනි. එවිට මහින්ද රාජපක්ෂට කඩේ යමින් බඩ වියත රැකගන්නා උෟරුවංශ වැනි අධමයන්ට එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසත්, මහින්ද රාජපක්ෂ නම් ජන මූල නායකයාට ජීවිත තර්ජනයක් ඇති බවත් කියා බයියන්ට ආතල් දිය හැකිය.
දෙවැනි කරුණ නම්, මහින්ද රාජපක්ෂ තම ඇඟිල්ල මිරිකූ පමණින් ඔහුගේ ම වචනයට අනුව ආදරය නිසා, අත ඇල්ලීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධරකරුවෙක් ඇඟිල්ලේ එල්ලුණු පමණින්, සියල්ල අමතක කොට අත මිට මොලවා ඔහුට පහර දෙන්නට තරම් කිපුණේය. ඔහු එ් ජාතියේ නායකයෙකි. ඒ අනුව ඔහු රට පාලනය කළ වසර 10 පුරාවට ඔහුගේ ඇඟිල්ල මිරිකුවාට වැඩි අයුරින් ඔහුට රිද්ද වූ මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, සිවිල් සංවිධාන සාමාජිකයන්ට කොහොම නෙළන්නට ඇත්දැයි අපට සිතාගත හැකිය. ඔහු වටා සිටි වහල්ලුන්ට, එනම්, ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට කොහොම නෙළන්නට ඇත්දැයි සිතා ගත හැකිය.
එක්නැලිගොඩට, ලසන්තට, සහ අනෙක් මාධ්‍යවේදීන්ට සිදු වූ දේ දැන් අපට සාක්ෂිවලින් තොරව ඔප්පු කරගැනීමට හැකිය. ඇඟිල්ල මිරිකා රිද්දුවාට වඩා ජනවාරී අටවෙනිදා ඔහුගේ ජනාධිපතිකම නැතිකිරීමෙන් සිදුකළ දැවැන්ත රිදවීම හමුවේ ඔහු කොයිතරම් ප්රචණ්ඩ වෙන්නට ඇත්දැයි දැන් අපට සිතාගත හැකිය. අවාසනාවකට අපට ඒවා බලන්නට ඒවා ආවරණය කරන්නට මාධ්‍ය කණ්ඩායමක් නොවීය. සිටියා නම්, මහින්දට වචනයකින් හෝ රිද්ද වූ අයට මහින්ද රාජපක්ෂ සැලකූ ආකාරය අකුරැස්සේ දී මෙන් සජීවීව අපට බලාගන්නට තිබුණි.
මර්වින් සිල්වා නම් ගල් මූසලයා දැන් පවසන්නේ ඔහුට බිම දමාගෙන අතින් පයින් පහර දුන් බවත්, මහින්ද රාජපක්ෂ යනු බී ගත් පසු තිරිසනෙකු මෙන් හැසිරෙණ පුද්ගලයකු බවත්ය. සුසිල් ප්‍රේම්ජයන්ත් නම් පවසන්නේ ඔහුට කිසිවෙක් පහර දුන්නේ නැති බවකි. මේ අමාත්‍ය මණ්ඩලයේ මහින්ද ගෙන් ගුටි නොකෑ අයකු සිටිය නොහැකි බව මගේ පුද්ගලික මතයයි.
කෙසේ වෙතත් මේ ඒකාධිපතියාගේ වියරු ජඩ පාලනය තව දුරටත් මේ රට තුළ ජයගැනීමට ඉඩ නොතැබිය යුතුය. එසේ විය යුතුයැයි සිතන බයියන්ට අප කියා සිටින්නේ, තමන්ගේ ස්වාමියා අහිමිවීමෙන්, තමන්ගේ වහල් බාවය අහිමිවීමෙන්, කස පහර අහිමිවීමෙන්, පීඩනය අහිමිවීමෙන් තමන්ට දැනෙන හිස් බව මග හරවා ගැනීමට තමන්ම ලණුවක් සොයාගෙන, තමා විසින්ම ගස් බැඳගෙන තමන් විසින්ම කසයක් ගෙන තලාගන්නා ලෙසය.

Last edited: