පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි, බොහොම පිං.
මේ ප්‍රශ්නේ අහපු member නම් දැන් Ban වෙලා. එත් අහලා තියෙන දේට උත්තරයක් දෙන්නම්.
මේ පින්කම් වලින් කෙලෙස් රැස් වෙන්නේ නෑ. එත් සසර දික් වෙන එක වෙන්ඩ පුළුවන්.
ඒක ධර්මයේ විස්තර වෙන්නේ මෙහෙම,
මිට කල්ප ගානකට කලින් සහෝදරයින් දෙන්නෙක් හිටියා.ඒ දෙන්න දවසක් ගමනක් යද්දී පිඬු සිඟා වඩින පසේ බුදුන්වහන්සේ නමක් දැකලා උන්වහන්සේට දානය පුජා කරන්ඩ හිතුව. එහෙම හිතලා තම තමන් ගාව තිබුන උක් යුෂ පූජා කළා.
පුජාවෙන් පස්සේ එක සහෝදරයෙක් මේ කුසලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්ඩ කියල ප්‍රර්ථනා කළා. අනෙක් සහෝදරයා මේ කුසලයෙන් බොහෝ සැප සම්පත් ලැබී අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියල ප්‍රර්ථනා කළා.
චතුරාර්ය සත්‍ය අවබෝධය පමණක් ප්‍රර්ථනා කළ සහෝදරයා ඊට ටික කාලෙකට පස්සේ පහල වුන බුද්ධ සාසනයකදී නිවන් අවබෝධ කලා. අනෙක් සහෝදරයා සැප සම්පත් විඳිමින් තව කල්ප ගානක් සසරේ ඉඳලා මේ ගෞතම බුද්ධ සාසනයේ දී තමයි නිවන් දැක්කේ.
පිනක් කරලා ඒ හේතුවෙන් සැප ප්‍රර්ථනා කලොත් ඒ පින ගෙවිල ඉවර වෙනකම් සැප විඳින්ඩ ඕන හින්ද සසර ගමනත් දික් වෙනවා. ඒත් නිවණ විතරක් ප්‍රර්ථනා කලොත් හම්බවෙන පළමු අවස්ථාවේදී ම නිවන් දකින්ඩ පුළුවන් වෙනවා.එහෙම නිවන් විතරක් ප්‍රර්ථනා කලා කියල සැප සම්පත් අහිමි වෙන්නෙත් නෑ, ඒවත් හම්බ වෙනවා.
දැන් කාලේ හාමුදුරුවරුත් ගොඩක් වෙලාවට "අවසානයේ අමා මහ නිවන් දකිවා" කියල තමා ප්‍රර්ථනා කරන්නේ.
එහෙනම් මේ පුජා ආනිසංස දැනගන්න එකේ අරමුණ මොකක්ද? යම්කිසි පින්කමක ආනිසංස ගැන දැනීම වැඩි වන තරමටම ඒ පින්කමෙන් ලැබෙන ආනිසංසයේ බලයත් වැඩි වෙනවා.
බුදුරජාණන්වහන්සේ භික්ෂුන්වහන්සේලාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා, තමන් වහන්සේ සැරියුත් තෙරුන්ට දෙන දානයද, සැරියුත් තෙරුන් තමන් වහන්සේට දෙන දානයද වඩාත් බලවත් කියල අහලා උන් වහන්සේ ඒකට උත්තර දෙනවා.
තමන් වහන්සේ සැරියුත් තෙරුන්ට වඩා ගුණ ධර්ම වලින් ඉතා ඉහල නමුත් තමන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ට දෙන දානයේ ආනිසංස ඉතා ඉහල බව දේශනා කරනවා. ඊට හේතුව වෙන්නේ තමන් වහන්සේ සැරියුත් තෙරුන්ට වඩා දානයේ ආනිසංස මනාකොට දැනීම බව දේශනා කරනවා.
ඒ හින්ද හැකිතරම් ආනිසංස දැනගෙනම කුසල් වඩන්න.