පුටින් පෑන් කේක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,788
    2,567
    113
    dxb
    පුටින් පෑන් කේක්

    පෑන් කේක් හදලා

    image_5ff28e60bc.jpg

    චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප‍්‍රධානත්වයෙන් නැගෙනහිර රුසියාවේ ව්ලැදිවෝස්ටෝක් නුවර පැවැත්වෙන ආර්ථික සමුළුව අතරතුරේ, චීන ජනාධිපතිවරයා සමඟ එක්වී, පෑන් කේක් සැකැසීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
    සූපවේදීන් පිරිසක් ද හවුල් කරගනිමින්, ඒප‍්‍රන් පැළැඳ පෑන් කේක් සකස් කර ගැනීමෙන් පසු, සුහඳ කතාබහක යෙදෙමින් වොඞ්කා වීදුරුවක් ද පානය කරමින් එම පෑන් කේක් රස බැලීමට ද රාජ්‍ය නාකයයෝ දෙදෙනා අමතක නොකළාහ.
    ජනාධිපති ජින් පින් සහ පුටින් දෙදෙනා මෙසේ පෑන් කේක් සකස් කළේත්, පසුව ඒවා රස බැලූවේත්, ආර්ථික සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
    image_2ec3bb65db.jpg

    රුසියා ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින් පින් මීට පෙරද මේ අයුරින් පෑන් කේක් සකසා ඇත. ඒ, රුසියා ජනාධිපති පුටින් චීනයේ ආර්ථික සමුළුවකට එක් වුණු අවස්ථාවේදීය. එහිදී දෙදෙනා එක් වී සකස් කළේ චීන පෑන් කේක් යැයි ද පැවැසෙයි.
    සාමයට කැප වී සිටින උතුරු කොරියාව සමඟ රුසියාව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට සැරැසෙයි. ඒ සඳහා අතරමැදියා වන්නේ චීනයයි. උතුරු කොරියාවේ සමීපතම මිතුරා චීනයයි. චීනයේ සමීපතම මිතුරා වී සිටින්නේ රුසියාවය.
    (රොයිටර්)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උතුරු කොරියාවේ සමීපතම මිතුරා චීනයයි. චීනයේ සමීපතම මිතුරා වී සිටින්නේ රුසියාවය.:lol:
    උතුරු කොරියාව චීනෙට ලවු, චීනේ රුසියාවට ලවු.....පවු ඕයි උතුරු කොරියාව......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,685
    8,912
    113
    රූකඩ රාජ්ජේ
    අපේ එකානම් කොහේ ගියත් කන්නේ ගෑනි කෙහෙල්කොලේ ඔතලා දෙන බත් එක විතරයි.පේනවනේ චීනේ ලංකාවට ලවු නෑ. බැරිවෙලාවත් වහ දුන්නොත් හිටං ට ​
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,788
    2,567
    113
    dxb
    ඒ ගෑනි වෙන මොන කෑමක් වත් උයන්න දන්නෙත් නෑ

    අපේ එකානම් කොහේ ගියත් කන්නේ ගෑනි කෙහෙල්කොලේ ඔතලා දෙන බත් එක විතරයි.පේනවනේ චීනේ ලංකාවට ලවු නෑ. බැරිවෙලාවත් වහ දුන්නොත් හිටං ට ​