පුටින් සහ පෝලිම

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔන්න යුක්‍රේනෙ අල්ලගත්ත පාරක පුටින් බලන්න යද්දි වාහන පෝලිමක් දැක්කලු.
    -----
    ඩ්‍රයිවර්ට අත දික්කරලා -
    බලන්න ලෙනිං. හැමෝම කියන්නෙ ජපානෙ පෝලිමේ ඉන්න විදිහ. කොරියාවෙ කෝච්චිවල යන විදිහ. කෞරුත් කියන්නෑ යුක්‍රේනෙ මිනිස්සු පෝලිමේ විනයගරුකව පාරෙ යන විදිහ. අපි ඇල්ලුවට පස්සෙ තමයි හොඳටම විනය හැදුනෙ..

    ඩ්‍රයිවර් - නෑ ස මේ තෙල් නැතුව පෝලිමක්..

    පුටින් - "මේ ඔක්කොගෙම තෙල් එකපාර ඉවරවුණේ කොහොමද ?
    නවත්තන්න බලන්න වාහනේ....
    (පුටින් වාහනෙන් බසියි. ජනතාව අතරට යයි. බූලි කෑන් රැගත් මිනිසුන් සහ රියදුරන් වටවවෙයි)

    ජනතාව - ස' අපිට තෙල් නෑ...

    පුටින් - බොරු කියන්න එපා.. මං එද්දිත් තිබුණා.. මෙතනින් බහිද්දිත් මගෙ වාහනේ ෆුල් ටෑන්ක් ගහලා තිබුණේ...හෙහ් හෙහ්....

    ජනතාව - නෑ ස දවස් ගාණක ඉඳන් තෙල් නෑ. දෙන්නෙත් දාහක.. අපි පැය ගණන් පෝලිංවල..

    පුටින් - පොඩ්ඩක් මට කතා කරන්න දෙන්නකො...
    ඇයි මේ පහුගිය අවුරුදු ටිකේම තෙල් තියෙද්දි මොකද කළේ ඔයාලා.. කලින් ගහගන්න එපැයි.. අනික මේ අපි යුද්ධ කරනකොට යුධබිමේ හැමදාම තෙල් තිබුණෙ නෑ. ඒත් අපි යුද්ධ දින්නා..මං හමුදාවට කියලා මේකට විසඳුමක් දෙන්නං....
    -------
    (කෝල් එකක් ගන්නවා)

    පුටින් - හලෝ.. ආ මේ ෂෙවොන්දොර් මේ කියෙව් වලට මෙහා රෝල්ස් කඩේ ගාව හංදියෙ ෂෙඩ් එක ළඟ තෙල් පෝලිම නැතිවෙන්න හෙට වෙද්දි වැඩපිළිවෙළක් හදන්න ඕනෙ.
    මෙතන කා පාක් එකකුයි ජොගින් ට්‍රැක් එකකුයි හැදුවනං පෝලිමේ ඉන්න වාහන එතන දාලා තෙල් එනකං ජොගිං කරන්න පුලුවන්.
    මං ආයෙ එද්දි මේ පෝලිම තියෙන්න බෑ...
    (ඇමතුම විසන්ධි කරයි)

    ( බස් රියදුරෙක් )
    "ස අපේ පැත්තෙ ෂෙඩ් හයෙන් තුනකම ඩීසල් නෑ... බස් දුවාගන්න විදිහක් නෑ.. මාත් ඔබතුමාලට තමෛ සපෝට් කලේ...
    පුටින් - ඉතින් ඉතුරු ෂෙඩ් දෙකේ පෙට්‍රල් තියනවද කියලවත් බැලුවෙ නැද්ද ? බස්වලම යන්නෙ ඇයි. ටැක්සි තියනවා. කෝච්චිත් තියෙන්නෙ.

    පුටින් - කෝ මේ මේ ෂෙඩ් එකේ මැනේජර්. එන්න කියන්න එයාට....
    (මැනේජර් පැමිණෙයි)

    පුටින් - ඇයි මේ තෙල් නෑ කියන්නෙ ?

    මැනේජර් - තෙල් ඉතින් අපිට එන විදිහට තමයි ස අපි බෙදන්නෙ.. අඩුවෙන් එන්නෙ.

    පුටින් - එහෙම බෑනෙ. තෙල් ඇතුව හරි නැතුව හරි වාහන දුවන්න ඕනෙ. අපි මේ කාබනික ඩීසල් හදන්න පොප්ලර් ඇට තෙල් ළිඳක් හාරන්න උත්සහ කරනවා. ඒක හදනකන් ඔයාලා අපිට උදව් කරන්න ඕනෙ.

    තෙල් බූලියක් අතින් ගත් තරුණයෙක් පැමිණෙයි - මම නම් කියන්නෙ ස මේ තෙල් නැති හින්දා පාරෙ පෝලිංවල නැතිවෙන වෙලාව ආයෙ ඔබතුමාගෙ ධූර කාලෙට එකතු කරගන්න ඕනෙ කියලා.

    පුටින් - අන්න දැක්කනෙ. ඔයාලා වගේ තරුණයො තමයි මගෙ උපදේශකයො වෙන්න ඕනෙ.. අනික ඇයි මේවට තෙල් විතරක් ගහන්නෙ ? කරන්ට් එකෙන් චාජ් කරන්න බැරිද ?

    මගියෙක් - ස පැය හතක් ලයිට් නෑ...

    පුටින් - ඉතින් ඉතුරු පැය 22 ක් ම තියෙන්නෙ.පැනික් වෙන්න එපා ඕගොල්ලො. ටූල්ස් පාවිච්චි කරන්න ඕනෙ..
    තව මොනවද ප්‍රශ්න තියෙන්නෙ ඔයාලට. අලිගහනවද මෙහෙට ?

    උ.ගැ හිලේරියස් රස කතා FB Group
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඩ්‍රයිවර්ට
    කෝල් එකක් දීලා බලන්න අර හිරුණිකා තාම ගේට්ටුව ළඟද කියලා ..... අපිට ගෙදර යන්න..... 🤣


     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    11.jpg