පුටීන්ගේ අධි තාක්ෂණික යුද්ධය
රුසියාව ඉතා දියුණු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධති සිරියාවට යවා තිබෙන බවට තොරතුරු තිබේ.ඉන් එක් පද්ධතියක් වන්නේ Krasukha-4 (Belladonna)නම් ජංගම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ඒකකයයි.මොස්කව් පාලනය ඔත්තු බැලීමේ සහ සන්නිවේදනය අඩපණ කිරීමේ ඊළඟ පරම්පරාවේ උපකරණ මත තබන විශ්වාසය මේවන විට වේගයෙන් වර්ධනය වෙමින් තිබේ.ඊට හේතුව වන්නේ සතුරු රටවල යුධෝපකරණ මේ වන විට සීඝ්රයෙන් ඩිජිටල්කරණය වෙමින් තිබීමයි.පහත වීඩියෝ පටයේ 6 වන තත්පරයේදී උස් ස්ථානයක ස්ථානගත කර තිබෙන සංඥා විකෘතිකාරයක් පෙනේ.
Krasukha-4 යනු බ්‍රෝඩ්-බ්‍රෑන්ඩ් බහු කාර්යය අවහිර කිරීමේ පද්ධතියකි.මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් ජනපදය සතු Lacrosse/Onyx වැනි පහළ කක්ෂීය ඔත්තු බැලීමේ චන්ද්‍රිකා සහ වාසර ඔත්තු බැලීමේ රේඩාර් සහ රේඩාර් නියාමක අවි ආදිය(කි.මී.150-300 අතර දුරකින් වූ) නිෂ්ක්‍රීය කිරීමටයි.මෙම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවියට සතුරු සන්නිවේදනය සහ ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතිවලට හානි කිරීමට හැකියාව තිබෙන බව සඳහන් වේ. Krasukha-4 පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අතිශය ප්‍රබල අවහිර කිරීමේ හැකියාවක් සහිත මූලික රේඩාර් සංඛ්‍යාත විමෝචනයක් ඔස්සේය.
රුසියානු හමුදාව සිරියාවට පැමිණි සමයේ පටන් ඔවුන් IL-20 නම් ඔත්තු බැලීමේ ගුවන් යානය සේවයේ යොදාගත් බව සඳහන්.මෙය Coot යන නේටෝ නාමයෙන් හඳුන්වන අතර එක්සත් ජනපද නාවික හමුදාව සතු P-3 Orion නම් ඔත්තු බැලීමේ ගුවන් යානයට සමානය.මෙම රුසියානු ගුවන් යානය ඔත්තු බැලීමේ රේඩාර්,electronic eavesdropping gear(පෞද්ගලික සංවාදයන් වන දුරකථන සාකච්ඡා,කෙටි පණිවුඩ,ෆැක්ස් සම්ප්‍රේෂණ ආදියට ඒවා සිදුවන වේලාවේම සවන්දීම ),ප්‍රකාශ සහ අධෝරක්ත සංවේදක ආදී අධි තාක්ෂණික උපකරණවලින් සමන්විතය.ක්‍රෙම්ලිනය සතු මෙම අග්‍රගන්‍ය ඔත්තු බැලීමේ යානා නිසා කැරලිකරුවන්ගේ තිප්පොළවල් සොයාගෙන ඒවා ප්‍රහාරක යානා යොදා පහසුවෙන් වනසා දමයි.පසුගිය සැප්තැම්බර් මාසයේ අග භාගයේ මෙවැනි ගුවන් යානයක් සිරියානු සංග්රාම භූමියට ඉහළින් ගමන් කරන අයුරු සිරියානු කැරලිකරුවන් වීඩියෝ ගත කර තිබිණි.
රුසියාව සතු නවතම ඔත්තු බැලීමේ යානය වන්නේ Tu-214R ය.දැනට රුසියාව සතුව මෙවැනි යානා 2ක් තිබෙන බව අනාවරණය වී තිබේ.පසුගිය පෙබරවාරි මාසයේදී ඉන් එක් යානයක් සිරියාවට පැමිණි බව Flightradar24.com වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.රුසියාවේ නැගෙනහිර කොරිඩෝරය ඔස්සේ කැස්පියන් මුහුදට ඉහළින් ඉරාන සහ ඉරාක ගුවන් අවකාශයන් තරණය කරමින් පැමිණි යානයේ ගමන් මග Flightradar24.com වෙබ් අඩවිය පහත දැක්වෙන පරිදි දක්වා තිබේ.
මෙම යානයේ තිබෙන ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ ක්‍රියා කල හැකි රේඩාර් පද්ධතිය සහ ඉලෙක්ට්රෝ-ප්‍රකාශ සංවේදක ඔස්සේ ගොඩබිමේ විශාල ප්‍රදේශයක් ආවරණය වන සේ ඡායාරූපවලට සමාන රූප සංඥා නිපදවීමට හැකියාව තිබේ.මෙම ඡායාරූප යොදාගෙන සතුරු හමුදාවන්ගේ ස්ථාන(සැඟවී සිටියද) හඳුනාගැනීම සහ සිතියම් ගත කිරීම සිදුකෙරේ.මෙම යානය යෙදවීමේ අරමුණ වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී සිරියා-තුර්කි දේශසීමාව ආසන්නයේ සිදුවූ තුර්කි හමුදාවල සක්‍රීයත්වයයි.තුර්කි හමුදා පාබල මෙහෙයුමක් සඳහා සූදානම් වන බවට රාවයක් පැතිර යාමත් සමග එම ප්‍රදේශය සම්බන්ධව බුද්ධි තොරතුරු සපයා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් රුසියාවට දැනිනි.තුර්කි ගුවන් අවකාශයට ඉහළින් විමර්ශන ගුවන් වාර සිදුකිරීමට රුසියාවට ඉඩ නොදෙන බව තුර්කිය විසින් ප්‍රකාශ කරන ලද්දේ පෙබරවාරි 4 දාය(මෙම ඉල්ලීම රුසියාව විසින් කරන ලද්දේ ඕපන් ස්කයිස් යන ගිවිසුමට අනුවයි.මෙම ගිවිසුමේ කොන්දේසිවලට අනුව අවසර සහිත සංවේදක උපාංග සහිතව එක් රටක විමර්ශන ගුවන් යානයකට තවත් රටක ගුවන් අවකාශයට පිවිස පිරික්සුම් කටයුතුවල නිරතවිය හැකිය.තුර්කිය සහ රුසියාව ඕපන් ස්කයිස් ගිවිසුමට අත්සන් තබා ඇති රටවල් දෙකකි.මෙම විමර්ශන මෙහෙයුමට යොදාගෙන තිබුණේ 2016 පෙබරවාරි 1-6 දක්වා කාල සීමාවයි).
තුර්කිය විසින් රුසියානු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රුසියාව ඔත්තු බැලීමේ Tu-214R යානය සිරියාවට කැඳවන ලදි.ඊට තුර්කි-සිරියා දේශසීමාව තරණය කිරීමකින් තොරව පුළුල් ප්‍රදේශයක ඔත්තු බැලීමේ හැකියාව තිබේ.ඕපන් ස්කයිස් ගිවිසුමට එකඟව(ඡායාරූප ගැනීමට හැකි උපකරණ පමණක් රැගෙන යන) සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට හැකි පරිදි නිපදවන ලද Tu-214ON නම් රුසියානු යානය මෙන් නොව Tu-214R නවතම ඔත්තු බැලීමේ යානය සතුව බුද්ධි තොරතුරු රැස්කිරීමට සුපිරි හැකියාවක් තිබෙන බව සඳහන් වේ.මෙහි තිබෙන බහු-සංඛ්‍යාත MRK-411 රේඩියෝ ඉන්ජිනේරු පද්ධතිය යානයේ ඇස් සහ කන් ලෙස ක්‍රියා කරයි.එහි සිටින ක්‍රියාකරුවන්ට තොරතුරු සක්‍රීයව සහ නිෂ්ක්රීයව(තම පිහිටීම අනාවරණය වීමෙන් තොරව) යන ආකාර දෙකෙන්ම ලබාගැනීමට පුලුවනි.තවද සතුරු රේඩියෝ සන්නිවේදනයට රහසේ සවන්දිය හැකිය.
Tu-214R යානය සතු ප්‍රධාන අංගයක් වන්නේ ගොඩබිම විනිවිද ගොස් පරිලෝකනය(scanning) කිරීමේ හැකියාව සහිත රේඩාර්යයි(GPR).තවත් පැහැදිලි කරන්නේ නම් Tu-214R ගුවන් යානයට ගොඩබිමේ සඟවා තිබෙන වස්තූන් එනම් හිමෙන් හෝ වැල්ලෙන් වැසී තිබෙන හෝ ගස් අතරේ සඟවා තිබෙන දෑ අනාවරණය කරගැනීමට පුලුවනි.එවැන්නක් අනාවරණය කරගත් වහාම රේඩාර් ස්නැප්ෂොට් එකක් ලබාගෙන වහාම පාලන මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කරයි.Tu-214R යානය සතු රේඩියෝ ඉන්ජිනේරු පද්ධතිය ඔස්සේ සජීවීව,අති-නිරවද්‍යය ඡායාරූප දෘෂ්‍ය සහ අධෝරක්ත පරාසයන්ගෙන් ලබාදෙයි.Tu-214R යානයේ නිෂ්පාදන කටයුතු කාලයක් තිස්සේ පමා වෙමින් තිබූ නමුත් සිරියානු යුද්ධය නිසා එහි කටයුතු වේගවත් විය.ප්‍රබල දෘඪාංග සහිතව එන යානය සිරියාවේ ක්‍රියාත්මක රුසියානු ගුවන් හමුදාවේ Il-20 සහ A-50 යානා සමග එක්ව බුද්ධි තොරතුරු දඬයමේ යෙදේ.
IL-20 නැතහොත් Coot යානය යොදවා තිබෙන්නේ සිරියාවේ සතුරු ඉලක්ක වෙත පහරදීමට අවශ්‍ය තොරතුරු සඳහා සිරියානු හමුදාව මත යැපීම අවම කිරීමට මෙන්ම ඉලක්ක සම්බන්ධ බුද්ධි තොරතුරුවල විශ්වාසවන්තබාවය වැඩි කර ගැනීමටයි.රුසියානු හමුදා සිරියාව තුල පාබල සටන් සඳහා අනියුක්ත කර තිබෙන බව බටහිර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද රුසියාව එම පුවත් මුල සිටම ප්‍රතික්ෂේප කලේ තමන්ගේ මැදිහත්වීම තිබෙන්නේ ගුවන මෙහෙයුම් සඳහා පමණක් බව පුන පුනා ප්‍රකාශ කිරීමෙන්ය.නමුත් රුසියාව ,සිරියානු බුද්ධි තොරතුරු මතම යැපීම වෙනුවට ඒ කාර්යය සඳහා සිය මැදිහත්වීම සිදුකිරීම පිටුපස ඇත්තේ රුසියානු විශේෂ බලකා සෙබලුන් පාබල සටන් සඳහා යොදවා තිබෙන බව තහවුරු කිරීමයි.
රුසියාව අතිශය දියුණු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි සිරියාවට යැවීම, මොස්කව් රජයට අනුව "දෙමුහුන් සංග්‍රාමයක" උපාය මාර්ග වේ.ඒ ඔස්සේ අවම හමුදා පිරිස් බලයක් යොදා උපාය මාර්ගික වශයෙන් වැදගත් ඉලක්ක, මුලා කිරීම් සහ රහසිගත මෙහෙයුම් ඔස්සේ අත්පත් කරගැනීම අරමුණ වී තිබේ. Krasukha-4 යනු රුසියානු සහායෙන් දියත්වන යුක්රේන සිවිල් යුද්ධයේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමයේ ප්‍රධාන චරිතයට පණපොවන්නාය.කිවි රජයට අනුව මෙම උපකරණය හේතුවෙන් එරට දුරකතන සේවා පවා යම් යම් අවස්ථාවලදී අඩාල වේ.Krasukha ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවියේ යෙදවීම ඔස්සේ ගුවන් යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග අඩපණ කිරීමට තිබෙන හැකියාව නිසා නැගෙනහිර යුක්රේනය තුල ගුවන් යානා වලට තහනම් කලාපයක් නිර්මාණය වී තිබෙන බව බටහිර ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල කරුණකි.අනෙකුත් ගුවන් ආරක්ෂක පද්ධතීන් සමග Krasukha අවිය ස්ථානගත කර තිබීම ඔස්සේ ක්‍රෙම්ලිනයට ගුවනේ ආධිපත්‍ය නිතැතින්ම හිමිවේ.
පසුගිය කාලයේදී උතුරු සිරියාවේ ගුවන් තහනම් කලාපයක් ඇතිකිරීමට රටවල් කිහිපයක් ඉල්ලීම් කර තිබුණේ රුසියාව Krasukha උපකරණ එම ප්‍රදේශයේ ස්ථානගත කිරීමත් සමගයි. ලන්ඩනයේ රාජකීය එක්සත් සේවා ආයතනයේ ඉගෝර් සටිඅගේන් නම් පර්යේෂකයාට අනුව යම් අයෙකුට ගුවන් තහනම් කලාපයක් පිහිටුවීමට අවශ්‍ය නම් රුසියානු අවිය ඵලදායි එකකි.නමුත් මෙම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි සිරියානු ගුවන් අවකාශය තුල පියාසර කරන එක්සත් ජනපදය හෝ එහි මිත්‍ර රටවල ගුවන් යානාවලට එරෙහිව භාවිතා කල බවට කිසිදු සාක්ෂියක් ලැබී නැත.නමුත් මෙම අවිවල පැවැත්ම සම්බන්ධව ඇමෙරිකානුවන් සතුව විශ්වාසවන්ත සාක්ෂි තිබේ.
තමන් සතු දියුණුතම සංඥා බුද්ධි තොරතුරු සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික අවි සිරියාව තුල යොදාගැනීම රුසියාවේ අභිප්‍රාය පෙන්වා දෙයි.එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි තොරතුරු ඒජන්සියේ සේවය කරන හිටපු හමුදා සෙබලෙක් වන ජෙෆ් රි වයිට් අනුව රුසියාවේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවිවල සිරියානු යෙදවුම 100% ක් කැරලිකරුවන්ට එරෙහිව නොවන බවයි.ඔහුට අනුව රුසියාවේ අරමුණ සංඥා බුද්ධි තොරතුරු ඉලක්කයකි.
රුසියාව නවතම මෙවලම් යොදාගෙන වඩාත් නිරවද්‍යව ඉලක්ක පිළිබඳ දත්ත ලබාගනියි.නමුත් සිරියානු ගුවන් සංග්‍රාමයේ නියම ඉලක්ක ගැන රුසියානු සහ ඇමෙරිකානු පාලනාධිකාරයන් අතර විවාදාත්මක තත්ත්වයක් තිබේ.රුසියානු නායකයින් ස්ථිරවම කියන්නේ ඔවුන් පහර දෙන්නේ ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත පමණක් බවයි.කෙසේ වෙතත් සිරියාවේ සිටින කැරලිකරුවන්,එනම් ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් වැනි ඉහළ පෙලේ ඇමෙරිකානු නිලධාරීන්ගේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කරගෙන රුසියාව බෝම්බ හෙළන බවට එක්සත් ජනපදයෙන් ප්‍රබල චෝදනා එල්ල වේ.
රුසියාව සිරියාවේ ලැටාකියා ගුවන් හමුදා කඳවුර සහිත ප්‍රදේශයේ දියත් කර තිබෙන සන්නිවේදනය/සංඥා අවහිර කිරීමේ පද්ධතිය නිසා කිලෝ මීටර් 600ක වට ප්‍රමාණයක් සහිත ප්‍රදේශයක් ප්‍රති-පිවිසීම්/ප්‍රදේශ ප්‍රතිෂෝධන කලාපයක් බවට පත්ව තිබෙන බව 2015 ඔක්තෝම්බර් මාසයේදී වාර්තා විය.මෙම කලාපය තුලදී රේඩාර්,චන්ද්‍රිකා,සන්නිවේදනයන් සියල්ල අඩපණ වේ.නේටෝ සංවිධානයට අනුව රුසියාවට අයත් යුරෝපයේ ක්ලිනින්ග්රෑඩ් හි නාවික කඳවුරක සහ මෑතකදී රුසියාවට සම්බන්ධ කර ගත් ක්‍රිමියාවේ මෙවැනි කලාප පිහිටුවා තිබේ.
වරක් කලු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඇමෙරිකානු ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවක් වූ USS Donald Cook හට ඉහළින් පියාසර කල නිරායුධ සුකොයි-24 ජෙට් යානයක් දියත් කල ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ප්‍රහාරයක් නිසා නෞකාවේ රේඩාර් මාර්ගෝපදේශන පද්ධති අඩපණ වූ බව වාර්තා විය.
හෙලිකොප්ටර්වල සවිකර තිබෙන KRET Richag-AV පද්ධතියක් ක්‍රියාත්මක වන අයුරු ආදර්ශනය කල වීඩියෝවක්
බුද්ධි තොරතුරු සහයෝගීතාවය සම්බන්ධව කතා කරද්දී රුසියාව සහ සිරියාව අතර දිගු ඉතිහාසයක් තිබේ.රුසියාව ,සිරියානු යුද්ධයට සෘජු මැදිහත්වීමක් කිරීමට පෙර සිරියානු රජයට අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයීමේ නිරතව සිටියේය.2014 ඔක්තෝම්බර් මාසයේදී ඇමෙරිකානු සහාය ලබන කැරලිකරුවන් දකුණු ඩැමැස්කස් හි ගෝලාන් උස්බිම් ආසන්නයේ(ඊශ්‍රායලයට ආසන්න) පිහිටි සිරියානු හමුදා කඳවුරක් අල්ලා ගන්නා ලදි.එය පරීක්ෂාවට ලක් කිරීමේදී හෙළිවූයේ මෙම කඳවුර රුසියානු-සිරියානු ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවයි.මේ හරහා සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල සන්නිවේදන සම්බන්ධතාවලට රහසේ ඇහුම්කන් දීම සහ ඒ ඔස්සේ බුද්ධි තොරතුරු රැස් කිරීම සිදුකල බවට විශ්වාස කරයි.රුසියා-සිරියා ඒකාබද්ධ ගොඩබිම් බුද්ධි තොරතුරු රැස් කිරීමේ මධ්‍යස්ථාන අහිමිවීම Il-20 Coot යානා සහ Vasiliy Tatischev නෞකාව ආදී ජංගම ඔත්තු බැලීමේ ෆ්ලැට්ෆෝම්ස් දියත් කිරීමෙන් යම් ප්‍රමාණයකට ආවරණය කර ගැනිමට රුසියාව උත්සාහ කරන බව පෙනේ.
අෂාඩ් විරෝධී සටන්කාමීන් විසින් අල්ලාගත් රුසියා-සිරියා ඒකාබද්ධ බුද්ධි තොරතුරු රැස්කිරීමේ මධ්‍යස්ථානයේ ඇතුලත දර්ශන
Source:gadgtecs.com
-HarshaLulzSec-

Krasukha-4

එක්සත් ජනපද හමුදාවේ නැනෝචන්ද්රිකා පවුලේ පළමු චන්ද්‍රිකාව පහත දැක්වෙන අගල් 10ක් දිග,රාත්තල් 10 බර කුඩා SMDC-ONE චන්ද්‍රිකාවයි.මෙය පහළ කක්ෂීය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවකි.මෙම චන්ද්‍රිකාව ෆයිටර් ජෙට් යානා වෙනුවෙන් නිපදවා තිබේ.
SMDC-ONE චන්ද්‍රිකාවක්
Lacrosse යනු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා වර්ගයකි.මේවායේ තිබෙන විශේෂත්වය වන්නේ වළකුලු අතරින් දැකීමට තිබෙන හැකියාවයි.තවද ගොඩබිම විනිවිද දැකීමේ යම් හැකියාවක්ද මෙම චන්ද්‍රිකාවලට තිබෙන බව සඳහන් වේ.
Lacrosse චන්ද්‍රිකාවක්
රුසියානු හමුදාව සිරියාවට පැමිණි සමයේ පටන් ඔවුන් IL-20 නම් ඔත්තු බැලීමේ ගුවන් යානය සේවයේ යොදාගත් බව සඳහන්.මෙය Coot යන නේටෝ නාමයෙන් හඳුන්වන අතර එක්සත් ජනපද නාවික හමුදාව සතු P-3 Orion නම් ඔත්තු බැලීමේ ගුවන් යානයට සමානය.මෙම රුසියානු ගුවන් යානය ඔත්තු බැලීමේ රේඩාර්,electronic eavesdropping gear(පෞද්ගලික සංවාදයන් වන දුරකථන සාකච්ඡා,කෙටි පණිවුඩ,ෆැක්ස් සම්ප්‍රේෂණ ආදියට ඒවා සිදුවන වේලාවේම සවන්දීම ),ප්‍රකාශ සහ අධෝරක්ත සංවේදක ආදී අධි තාක්ෂණික උපකරණවලින් සමන්විතය.ක්‍රෙම්ලිනය සතු මෙම අග්‍රගන්‍ය ඔත්තු බැලීමේ යානා නිසා කැරලිකරුවන්ගේ තිප්පොළවල් සොයාගෙන ඒවා ප්‍රහාරක යානා යොදා පහසුවෙන් වනසා දමයි.පසුගිය සැප්තැම්බර් මාසයේ අග භාගයේ මෙවැනි ගුවන් යානයක් සිරියානු සංග්රාම භූමියට ඉහළින් ගමන් කරන අයුරු සිරියානු කැරලිකරුවන් වීඩියෝ ගත කර තිබිණි.
ඇමෙරිකානු P-3 Orion නම් ඔත්තු බැලීමේ ගුවන් යානයක්
රුසියාව සතු නවතම ඔත්තු බැලීමේ යානය වන්නේ Tu-214R ය.දැනට රුසියාව සතුව මෙවැනි යානා 2ක් තිබෙන බව අනාවරණය වී තිබේ.පසුගිය පෙබරවාරි මාසයේදී ඉන් එක් යානයක් සිරියාවට පැමිණි බව Flightradar24.com වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.රුසියාවේ නැගෙනහිර කොරිඩෝරය ඔස්සේ කැස්පියන් මුහුදට ඉහළින් ඉරාන සහ ඉරාක ගුවන් අවකාශයන් තරණය කරමින් පැමිණි යානයේ ගමන් මග Flightradar24.com වෙබ් අඩවිය පහත දැක්වෙන පරිදි දක්වා තිබේ.
රුසියානු Tu-214R යානයේ ගමන් මාර්ගය
මෙම යානයේ තිබෙන ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ ක්‍රියා කල හැකි රේඩාර් පද්ධතිය සහ ඉලෙක්ට්රෝ-ප්‍රකාශ සංවේදක ඔස්සේ ගොඩබිමේ විශාල ප්‍රදේශයක් ආවරණය වන සේ ඡායාරූපවලට සමාන රූප සංඥා නිපදවීමට හැකියාව තිබේ.මෙම ඡායාරූප යොදාගෙන සතුරු හමුදාවන්ගේ ස්ථාන(සැඟවී සිටියද) හඳුනාගැනීම සහ සිතියම් ගත කිරීම සිදුකෙරේ.මෙම යානය යෙදවීමේ අරමුණ වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී සිරියා-තුර්කි දේශසීමාව ආසන්නයේ සිදුවූ තුර්කි හමුදාවල සක්‍රීයත්වයයි.තුර්කි හමුදා පාබල මෙහෙයුමක් සඳහා සූදානම් වන බවට රාවයක් පැතිර යාමත් සමග එම ප්‍රදේශය සම්බන්ධව බුද්ධි තොරතුරු සපයා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් රුසියාවට දැනිනි.තුර්කි ගුවන් අවකාශයට ඉහළින් විමර්ශන ගුවන් වාර සිදුකිරීමට රුසියාවට ඉඩ නොදෙන බව තුර්කිය විසින් ප්‍රකාශ කරන ලද්දේ පෙබරවාරි 4 දාය(මෙම ඉල්ලීම රුසියාව විසින් කරන ලද්දේ ඕපන් ස්කයිස් යන ගිවිසුමට අනුවයි.මෙම ගිවිසුමේ කොන්දේසිවලට අනුව අවසර සහිත සංවේදක උපාංග සහිතව එක් රටක විමර්ශන ගුවන් යානයකට තවත් රටක ගුවන් අවකාශයට පිවිස පිරික්සුම් කටයුතුවල නිරතවිය හැකිය.තුර්කිය සහ රුසියාව ඕපන් ස්කයිස් ගිවිසුමට අත්සන් තබා ඇති රටවල් දෙකකි.මෙම විමර්ශන මෙහෙයුමට යොදාගෙන තිබුණේ 2016 පෙබරවාරි 1-6 දක්වා කාල සීමාවයි).
Open Skies ගිවිසුමට අත්සන් තබා ඇති රටවල් ලා නිල් පැහැයෙන් පෙන්වා තිබේ.
තුර්කිය විසින් රුසියානු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රුසියාව ඔත්තු බැලීමේ Tu-214R යානය සිරියාවට කැඳවන ලදි.ඊට තුර්කි-සිරියා දේශසීමාව තරණය කිරීමකින් තොරව පුළුල් ප්‍රදේශයක ඔත්තු බැලීමේ හැකියාව තිබේ.ඕපන් ස්කයිස් ගිවිසුමට එකඟව(ඡායාරූප ගැනීමට හැකි උපකරණ පමණක් රැගෙන යන) සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට හැකි පරිදි නිපදවන ලද Tu-214ON නම් රුසියානු යානය මෙන් නොව Tu-214R නවතම ඔත්තු බැලීමේ යානය සතුව බුද්ධි තොරතුරු රැස්කිරීමට සුපිරි හැකියාවක් තිබෙන බව සඳහන් වේ.මෙහි තිබෙන බහු-සංඛ්‍යාත MRK-411 රේඩියෝ ඉන්ජිනේරු පද්ධතිය යානයේ ඇස් සහ කන් ලෙස ක්‍රියා කරයි.එහි සිටින ක්‍රියාකරුවන්ට තොරතුරු සක්‍රීයව සහ නිෂ්ක්රීයව(තම පිහිටීම අනාවරණය වීමෙන් තොරව) යන ආකාර දෙකෙන්ම ලබාගැනීමට පුලුවනි.තවද සතුරු රේඩියෝ සන්නිවේදනයට රහසේ සවන්දිය හැකිය.
රුසියානු Tu-214R යානයක්
Tu-214R යානය සතු ප්‍රධාන අංගයක් වන්නේ ගොඩබිම විනිවිද ගොස් පරිලෝකනය(scanning) කිරීමේ හැකියාව සහිත රේඩාර්යයි(GPR).තවත් පැහැදිලි කරන්නේ නම් Tu-214R ගුවන් යානයට ගොඩබිමේ සඟවා තිබෙන වස්තූන් එනම් හිමෙන් හෝ වැල්ලෙන් වැසී තිබෙන හෝ ගස් අතරේ සඟවා තිබෙන දෑ අනාවරණය කරගැනීමට පුලුවනි.එවැන්නක් අනාවරණය කරගත් වහාම රේඩාර් ස්නැප්ෂොට් එකක් ලබාගෙන වහාම පාලන මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කරයි.Tu-214R යානය සතු රේඩියෝ ඉන්ජිනේරු පද්ධතිය ඔස්සේ සජීවීව,අති-නිරවද්‍යය ඡායාරූප දෘෂ්‍ය සහ අධෝරක්ත පරාසයන්ගෙන් ලබාදෙයි.Tu-214R යානයේ නිෂ්පාදන කටයුතු කාලයක් තිස්සේ පමා වෙමින් තිබූ නමුත් සිරියානු යුද්ධය නිසා එහි කටයුතු වේගවත් විය.ප්‍රබල දෘඪාංග සහිතව එන යානය සිරියාවේ ක්‍රියාත්මක රුසියානු ගුවන් හමුදාවේ Il-20 සහ A-50 යානා සමග එක්ව බුද්ධි තොරතුරු දඬයමේ යෙදේ.
IL-20 නැතහොත් Coot යානය යොදවා තිබෙන්නේ සිරියාවේ සතුරු ඉලක්ක වෙත පහරදීමට අවශ්‍ය තොරතුරු සඳහා සිරියානු හමුදාව මත යැපීම අවම කිරීමට මෙන්ම ඉලක්ක සම්බන්ධ බුද්ධි තොරතුරුවල විශ්වාසවන්තබාවය වැඩි කර ගැනීමටයි.රුසියානු හමුදා සිරියාව තුල පාබල සටන් සඳහා අනියුක්ත කර තිබෙන බව බටහිර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද රුසියාව එම පුවත් මුල සිටම ප්‍රතික්ෂේප කලේ තමන්ගේ මැදිහත්වීම තිබෙන්නේ ගුවන මෙහෙයුම් සඳහා පමණක් බව පුන පුනා ප්‍රකාශ කිරීමෙන්ය.නමුත් රුසියාව ,සිරියානු බුද්ධි තොරතුරු මතම යැපීම වෙනුවට ඒ කාර්යය සඳහා සිය මැදිහත්වීම සිදුකිරීම පිටුපස ඇත්තේ රුසියානු විශේෂ බලකා සෙබලුන් පාබල සටන් සඳහා යොදවා තිබෙන බව තහවුරු කිරීමයි.
IL-20(Coot)යානයක්
රුසියාව අතිශය දියුණු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි සිරියාවට යැවීම, මොස්කව් රජයට අනුව "දෙමුහුන් සංග්‍රාමයක" උපාය මාර්ග වේ.ඒ ඔස්සේ අවම හමුදා පිරිස් බලයක් යොදා උපාය මාර්ගික වශයෙන් වැදගත් ඉලක්ක, මුලා කිරීම් සහ රහසිගත මෙහෙයුම් ඔස්සේ අත්පත් කරගැනීම අරමුණ වී තිබේ. Krasukha-4 යනු රුසියානු සහායෙන් දියත්වන යුක්රේන සිවිල් යුද්ධයේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමයේ ප්‍රධාන චරිතයට පණපොවන්නාය.කිවි රජයට අනුව මෙම උපකරණය හේතුවෙන් එරට දුරකතන සේවා පවා යම් යම් අවස්ථාවලදී අඩාල වේ.Krasukha ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවියේ යෙදවීම ඔස්සේ ගුවන් යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග අඩපණ කිරීමට තිබෙන හැකියාව නිසා නැගෙනහිර යුක්රේනය තුල ගුවන් යානා වලට තහනම් කලාපයක් නිර්මාණය වී තිබෙන බව බටහිර ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල කරුණකි.අනෙකුත් ගුවන් ආරක්ෂක පද්ධතීන් සමග Krasukha අවිය ස්ථානගත කර තිබීම ඔස්සේ ක්‍රෙම්ලිනයට ගුවනේ ආධිපත්‍ය නිතැතින්ම හිමිවේ.
පසුගිය කාලයේදී උතුරු සිරියාවේ ගුවන් තහනම් කලාපයක් ඇතිකිරීමට රටවල් කිහිපයක් ඉල්ලීම් කර තිබුණේ රුසියාව Krasukha උපකරණ එම ප්‍රදේශයේ ස්ථානගත කිරීමත් සමගයි. ලන්ඩනයේ රාජකීය එක්සත් සේවා ආයතනයේ ඉගෝර් සටිඅගේන් නම් පර්යේෂකයාට අනුව යම් අයෙකුට ගුවන් තහනම් කලාපයක් පිහිටුවීමට අවශ්‍ය නම් රුසියානු අවිය ඵලදායි එකකි.නමුත් මෙම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි සිරියානු ගුවන් අවකාශය තුල පියාසර කරන එක්සත් ජනපදය හෝ එහි මිත්‍ර රටවල ගුවන් යානාවලට එරෙහිව භාවිතා කල බවට කිසිදු සාක්ෂියක් ලැබී නැත.නමුත් මෙම අවිවල පැවැත්ම සම්බන්ධව ඇමෙරිකානුවන් සතුව විශ්වාසවන්ත සාක්ෂි තිබේ.
තමන් සතු දියුණුතම සංඥා බුද්ධි තොරතුරු සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික අවි සිරියාව තුල යොදාගැනීම රුසියාවේ අභිප්‍රාය පෙන්වා දෙයි.එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි තොරතුරු ඒජන්සියේ සේවය කරන හිටපු හමුදා සෙබලෙක් වන ජෙෆ් රි වයිට් අනුව රුසියාවේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවිවල සිරියානු යෙදවුම 100% ක් කැරලිකරුවන්ට එරෙහිව නොවන බවයි.ඔහුට අනුව රුසියාවේ අරමුණ සංඥා බුද්ධි තොරතුරු ඉලක්කයකි.
රුසියාව නවතම මෙවලම් යොදාගෙන වඩාත් නිරවද්‍යව ඉලක්ක පිළිබඳ දත්ත ලබාගනියි.නමුත් සිරියානු ගුවන් සංග්‍රාමයේ නියම ඉලක්ක ගැන රුසියානු සහ ඇමෙරිකානු පාලනාධිකාරයන් අතර විවාදාත්මක තත්ත්වයක් තිබේ.රුසියානු නායකයින් ස්ථිරවම කියන්නේ ඔවුන් පහර දෙන්නේ ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත පමණක් බවයි.කෙසේ වෙතත් සිරියාවේ සිටින කැරලිකරුවන්,එනම් ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් වැනි ඉහළ පෙලේ ඇමෙරිකානු නිලධාරීන්ගේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කරගෙන රුසියාව බෝම්බ හෙළන බවට එක්සත් ජනපදයෙන් ප්‍රබල චෝදනා එල්ල වේ.
සිරියාවේ ලැටකියා නගරයේ පිහිටි කමෙයිමම් ගුවන් කඳවුර(රුසියානු)
රුසියාව සිරියාවේ ලැටාකියා ගුවන් හමුදා කඳවුර සහිත ප්‍රදේශයේ දියත් කර තිබෙන සන්නිවේදනය/සංඥා අවහිර කිරීමේ පද්ධතිය නිසා කිලෝ මීටර් 600ක වට ප්‍රමාණයක් සහිත ප්‍රදේශයක් ප්‍රති-පිවිසීම්/ප්‍රදේශ ප්‍රතිෂෝධන කලාපයක් බවට පත්ව තිබෙන බව 2015 ඔක්තෝම්බර් මාසයේදී වාර්තා විය.මෙම කලාපය තුලදී රේඩාර්,චන්ද්‍රිකා,සන්නිවේදනයන් සියල්ල අඩපණ වේ.නේටෝ සංවිධානයට අනුව රුසියාවට අයත් යුරෝපයේ ක්ලිනින්ග්රෑඩ් හි නාවික කඳවුරක සහ මෑතකදී රුසියාවට සම්බන්ධ කර ගත් ක්‍රිමියාවේ මෙවැනි කලාප පිහිටුවා තිබේ.
පසුගිය වසරේදී තුර්කිය විසින් රුසියානු බෝම්බ හෙළන යානයක් බිම හෙළීමත් සමග රුසියාව,සිරියාවේ සිටින සිය ගුවන් හමුදාවේ ආරක්ෂාව උදෙසා S-400 නම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති Hmeymim ගුවන් හමුදා කඳවුර අවට ස්ථානගත කල බව වාර්තා විය.
S-400 මිසයිල පද්ධතියේ ආවරණ කලාපය
S-400 මිසයිල පද්ධතියක්
වරක් කලු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඇමෙරිකානු ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවක් වූ USS Donald Cook හට ඉහළින් පියාසර කල නිරායුධ සුකොයි-24 ජෙට් යානයක් දියත් කල ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ප්‍රහාරයක් නිසා නෞකාවේ රේඩාර් මාර්ගෝපදේශන පද්ධති අඩපණ වූ බව වාර්තා විය.
රුසියාව පමණක් සතු විප්ලවමය නිර්මාණයක් යැයි සලකන ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතියක් වන KRET Richag-AV අවම ආරක්ෂාවක් සහිත එම් අයි-17/8 වැනි හෙලිකොප්ටර් යානා වෙනුවෙන් පවා භාවිතා කල හැකිය.
හෙලිකොප්ටර්වල සවිකර තිබෙන KRET Richag-AV පද්ධතියක් ක්‍රියාත්මක වන අයුරු ආදර්ශනය කල වීඩියෝවක්
බුද්ධි තොරතුරු සහයෝගීතාවය සම්බන්ධව කතා කරද්දී රුසියාව සහ සිරියාව අතර දිගු ඉතිහාසයක් තිබේ.රුසියාව ,සිරියානු යුද්ධයට සෘජු මැදිහත්වීමක් කිරීමට පෙර සිරියානු රජයට අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයීමේ නිරතව සිටියේය.2014 ඔක්තෝම්බර් මාසයේදී ඇමෙරිකානු සහාය ලබන කැරලිකරුවන් දකුණු ඩැමැස්කස් හි ගෝලාන් උස්බිම් ආසන්නයේ(ඊශ්‍රායලයට ආසන්න) පිහිටි සිරියානු හමුදා කඳවුරක් අල්ලා ගන්නා ලදි.එය පරීක්ෂාවට ලක් කිරීමේදී හෙළිවූයේ මෙම කඳවුර රුසියානු-සිරියානු ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවයි.මේ හරහා සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල සන්නිවේදන සම්බන්ධතාවලට රහසේ ඇහුම්කන් දීම සහ ඒ ඔස්සේ බුද්ධි තොරතුරු රැස් කිරීම සිදුකල බවට විශ්වාස කරයි.රුසියා-සිරියා ඒකාබද්ධ ගොඩබිම් බුද්ධි තොරතුරු රැස් කිරීමේ මධ්‍යස්ථාන අහිමිවීම Il-20 Coot යානා සහ Vasiliy Tatischev නෞකාව ආදී ජංගම ඔත්තු බැලීමේ ෆ්ලැට්ෆෝම්ස් දියත් කිරීමෙන් යම් ප්‍රමාණයකට ආවරණය කර ගැනිමට රුසියාව උත්සාහ කරන බව පෙනේ.
අෂාඩ් විරෝධී සටන්කාමීන් විසින් අල්ලාගත් රුසියා-සිරියා ඒකාබද්ධ බුද්ධි තොරතුරු රැස්කිරීමේ මධ්‍යස්ථානයේ ඇතුලත දර්ශන
ලිපිය දිග වැඩි නිසා සුපුරුදු පරිදි එළකිරියේ නීති හරස් වුනා.එහෙනම් තවත් රසවත් විස්තරයක් සමග දෙවන කොටසින් හමුවෙමු.
දෙවන කොටස
Source:gadgtecs.com
-HarshaLulzSec-
Last edited: