පුටීන්ගේ නවතම නිල මෝටර් රථය
රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් රුසියාවේ නිෂ්පාදිත ලිමොසින් රථය එනම් කොටේජ් ව්‍යාපෘතියේ කොටසක් වන අනාගත ජනපති නිල මෝටර් රථය ගැන කැමැත්තකින් පසුවන බව කර්මාන්ත සහ වෙළඳ අමාත්‍ය ඩෙනිස් මැන්ටුරොව් තහවුරු කරන ලදි.මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කෙරෙන රාජ්‍ය නිලධාරීන් උදෙසා වූ රථ මාලාව ඊළඟ වසරේ ජනපති මැතිවරණයෙන් පසුව එන පුටීන්ගේ 4වන ධූර කාලයේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.
අමාත්‍යවරයාට අනුව පුටීන් නවතම නිල මෝටර් රථය පෞද්ගලිකවම පරීක්ෂාවලට ලක් කර තිබේ.එසේම ඔහු ව්‍යාපෘතියේ තත්ත්වය සම්බන්ධව තෘප්තිමත් වූ බවත් අමාත්‍යවරයා පැවසීය.පුටීන් විසින් පරීක්ෂා කර තිබෙන්නේ මෝටර් රථයේ මූලාකෘතියයි.එහි මූලාකෘතියට අවදානය යොමුකරන්නට ඔහුට ප්‍රමාණවත් කාලය නොතිබූ බව සඳහන් වේ.
කොටේජ් ව්‍යාපෘතිය නිර්මාණය වන්නේ ජනපති පුටීන්ගේ උවමනාව මතයි.එය ආරම්භ කරන්නේ 2012 වර්ෂයේදීය.ජනපති ලිමොසින් රථයට අමතර ව්‍යාපෘතිය යටතේ සෙඩ්නා,මිනිවෑන් සහ එස්යූවී රථයක් ඇතුලුව කාර්ය මණ්ඩලීය මෝටර් රථ පෙළක්ද නිෂ්පාදනය කෙරේ.මෙම රථ සැලසුම් කර තිබෙන්නේ මධ්‍යම විද්‍යාත්මක පර්යේෂණ ඔටෝමොබයිල් සහ එන්ජින් ආයතනය විසින්ය.ලබන වසරේ මැතිවරණයෙන් පසුව එළඹෙන ජනපති පදවිප්‍රාප්තියේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම රථවල පළමු කාණ්ඩය මෙම වසරේ අගදී ෆෙඩරල් ආරක්ෂක සේවයේ පරීක්ෂාවට සහ අත්හදා බැලීම් සඳහා නිකුත් කිරීමට නියමිතය.
මෙම රථ නිපදවීමේදී මධ්‍යම විද්‍යාත්මක පර්යේෂණ ඔටෝමොබයිල් සහ එන්ජින් ආයතනය ජර්මනියේ පෝර්ස්චේ සහ බොස්ච් යන සමාගම සමග වැඩකටයුතු කරයි.ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්මාණය කරන එන්ජින් දෙකක් එකක් පෝර්ස්චේ සමාගම විසින් සැලසුම් කල එකක් බව කියවේ.එය අශ්ව බල 650ක ලීටර් 4.6 වී8 ටර්බෝචාර්ජ් එන්ජිමකි.දෙවැනි එන්ජිම මධ්‍යම විද්‍යාත්මක පර්යේෂණ ඔටෝමොබයිල් සහ එන්ජින් ආයතනය නිර්මාණයකි.එය 2016 වර්ෂයේ මොස්කව් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.එය අශ්වබල 860 ලීටර් 6.6 එන්ජිමකි.කොටේජ් ව්‍යාපෘතියේ මෝටර් රථ වේග නමයක ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයක් සහිතය.
කාටේජ් රථ දෙසියයක් ලබන වසර වන විට නිපදවීමට අපේක්ෂා කරන අතර 2020 වසර වන විට රථ 5000ක් දක්වා නිෂ්පාදනය කරනු ඇත.රජය විසින් නිල කටයුතු සඳහා මිලදී ගැනීමට අමතරව මෙම රථ සමහර ආරක්ෂක අංග රහිතව සිවිල් භාවිතය උදෙසා නිකුත් කිරීම 2018 හෝ 2019 වසර වල සිදුකිරීමට නියමිතය.
දේශීය වශයෙන් මෝටර් රථ නිපදවන රටවල් බොහොමයක් ඔවුන්ගේ රාජ්‍ය නායකයින් සඳහා වෙනමම රථ නිපදවීම පොදු කරුණකි.එක්සත් ජනපදය,ජපානය,චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය,ජර්මනිය,ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවල් මෙම සම්ප්‍රදාය අනුගමනය කරන රටවල්ය.මෙම සම්ප්‍රදායට සෝවියට් දේශය අවතීරණ වුනේ 1940 දශකයේ අග භාගයේදීය.නමුත් 1997 වර්ෂයේදී පළමු රුසියානු ජනපතිවරයා වූ බොරිස් යෙල්ට්සින් මෙම සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කර සන්නාහයමය මර්සිඩීස්-බෙන්ස් රථවලට මාරු විය.ඊට පෙර සෝවියට් දේශයේ ජනාධිපතිවරුන් භාවිතා කලේ ZIL රථය.2012 ජනාධිපතිවරණයෙන් පසුව මෙම සම්ප්‍රදාය වෙනස් කිරීමට අවශ්‍ය බව විලැඩ්මීර් පුටීන් කියා තිබිණි.රුසියාවේම නිෂ්පාදිත රථයක් ජනපති නිල රථය බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙන්නේ එතැන් පටන්ය.
පසුගිය වසරේදී රුසියානු රජය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රූබල් බිලියන 3.7ක්(ඇ.ඩො.මිලියන 61.6ක් පමණ)අනුමත කරන ලදි.2015 වර්ෂයේදී ඒ සඳහා රූබල් බිලියන 3.6ක්(ඇ.ඩො.මිලියන 60)ලබාදී තිබේ.ආරක්ෂක අමාත්‍යාංශය සන්නාහමය රථයට ඇලුම් කරන බව පෙනෙන්නට තිබුණත් එය එලිදැක්වීම ලිමොසින්,සෙඩාන් සහ මිනිවෑන් යන රථ සම්පුර්ණ කිරීමෙන් පසුව සිදුවන බවයි වාර්තා වන්නේ.
Source:sputniknews.com
-HarshaLulzSec-

කොටේජ් ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල ජනපති නිල මෝටර් රථය
මෙම රථ නිපදවීමේදී මධ්‍යම විද්‍යාත්මක පර්යේෂණ ඔටෝමොබයිල් සහ එන්ජින් ආයතනය ජර්මනියේ පෝර්ස්චේ සහ බොස්ච් යන සමාගම සමග වැඩකටයුතු කරයි.ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්මාණය කරන එන්ජින් දෙකක් එකක් පෝර්ස්චේ සමාගම විසින් සැලසුම් කල එකක් බව කියවේ.එය අශ්ව බල 650ක ලීටර් 4.6 වී8 ටර්බෝචාර්ජ් එන්ජිමකි.දෙවැනි එන්ජිම මධ්‍යම විද්‍යාත්මක පර්යේෂණ ඔටෝමොබයිල් සහ එන්ජින් ආයතනය නිර්මාණයකි.එය 2016 වර්ෂයේ මොස්කව් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.එය අශ්වබල 860 ලීටර් 6.6 එන්ජිමකි.කොටේජ් ව්‍යාපෘතියේ මෝටර් රථ වේග නමයක ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයක් සහිතය.
කාටේජ් ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන මිනිවෑන් රථය
කාටේජ් රථ දෙසියයක් ලබන වසර වන විට නිපදවීමට අපේක්ෂා කරන අතර 2020 වසර වන විට රථ 5000ක් දක්වා නිෂ්පාදනය කරනු ඇත.රජය විසින් නිල කටයුතු සඳහා මිලදී ගැනීමට අමතරව මෙම රථ සමහර ආරක්ෂක අංග රහිතව සිවිල් භාවිතය උදෙසා නිකුත් කිරීම 2018 හෝ 2019 වසර වල සිදුකිරීමට නියමිතය.
කාටේජ් ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන රථවල මොඩල
මෝටර් රථයේ ඇතුලත දර්ශන
දේශීය වශයෙන් මෝටර් රථ නිපදවන රටවල් බොහොමයක් ඔවුන්ගේ රාජ්‍ය නායකයින් සඳහා වෙනමම රථ නිපදවීම පොදු කරුණකි.එක්සත් ජනපදය,ජපානය,චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය,ජර්මනිය,ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවල් මෙම සම්ප්‍රදාය අනුගමනය කරන රටවල්ය.මෙම සම්ප්‍රදායට සෝවියට් දේශය අවතීරණ වුනේ 1940 දශකයේ අග භාගයේදීය.නමුත් 1997 වර්ෂයේදී පළමු රුසියානු ජනපතිවරයා වූ බොරිස් යෙල්ට්සින් මෙම සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කර සන්නාහයමය මර්සිඩීස්-බෙන්ස් රථවලට මාරු විය.ඊට පෙර සෝවියට් දේශයේ ජනාධිපතිවරුන් භාවිතා කලේ ZIL රථය.2012 ජනාධිපතිවරණයෙන් පසුව මෙම සම්ප්‍රදාය වෙනස් කිරීමට අවශ්‍ය බව විලැඩ්මීර් පුටීන් කියා තිබිණි.රුසියාවේම නිෂ්පාදිත රථයක් ජනපති නිල රථය බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙන්නේ එතැන් පටන්ය.
සෝවියට් ජනපති මිකායිල් ගෝර්බචෙව් පාවිච්චි කල ZIL රථය
විලැඩ්මීර් පුටීන් දැනට පාවිච්චි කරන නිල රථය මර්සිඩීස් බෙන්ස් එස් 600
පසුගිය වසරේදී රුසියානු රජය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රූබල් බිලියන 3.7ක්(ඇ.ඩො.මිලියන 61.6ක් පමණ)අනුමත කරන ලදි.2015 වර්ෂයේදී ඒ සඳහා රූබල් බිලියන 3.6ක්(ඇ.ඩො.මිලියන 60)ලබාදී තිබේ.ආරක්ෂක අමාත්‍යාංශය සන්නාහමය රථයට ඇලුම් කරන බව පෙනෙන්නට තිබුණත් එය එලිදැක්වීම ලිමොසින්,සෙඩාන් සහ මිනිවෑන් යන රථ සම්පුර්ණ කිරීමෙන් පසුව සිදුවන බවයි වාර්තා වන්නේ.
Source:sputniknews.com
-HarshaLulzSec-
Last edited:

LANKAWATAT GENEI TAWA TIKA DAWASAKIN