මේ පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය. ඒ සතර මොනවාද ?"
.
"මෙහිලා ආර්ය ශ්රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක.. සුගත වන සේක.. ලෝකවිදූ වන සේක.. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක.. සත්ථා දේවමනුස්සානං වන සේක.. බුද්ධ වන සේක.. භගවා වන සේක වශයෙනි.."
.
මෙහිලා ආර්ය ශ්රාවකයා ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය මනාකොට දෙසන ලද්දේ ය.. මේ ධර්මය සන්දිට්ඨික වූත්.. අකාලික වූත්.. ඇවිත් බලන්න කිව හැකි වූත්.. තමා තුළට පමුණුවා ගත හැකි වූත්.. නැණවතුන් විසින් තම තම නැණ පමණින් දත යුතු වූත් ධර්මයකි යි වශයෙනි.."
.
"මෙහිලා ආර්ය ශ්රාවකයා සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක.. උජුපටිපන්න වන සේක.. ඤායපටිපන්න වන සේක.. සාමීචිපටිපන්න වන සේක.. මාර්ගඵල යුගල වශයෙන් සතර දෙනෙකුත්, පුද්ගල වශයෙන් අටදෙනෙකුත් වන සේක.. ආහුණෙය්‍ය වන සේක.. පාහුණෙය්‍ය වන සේක.. දක්ඛිණෙය්‍ය වන සේක.. අංජලිකරණීය වන සේක.. ලොවට උතුම් පින්කෙත වශයෙනි.
.
"මෙහිලා ආර්ය ශ්රාවකයා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි. එනම් නොකැඩුණු.. සිදුරු රහිත වූ.. පැල්ලම් රහිත වූ.. කැලැල් රහිත වූ.. ණය රහිත වූ.. දෘෂ්ටි පරාමර්ශ රහිත වූ.. නැණවතුන්ගේ පැහැදීමට ලක්වන චිත්ත සමාධිය පිණිස පවතින්නා වූ සීලය යි.."
.
"මේ වනාහී පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරයි.. මෙයින් සුගති සැප ලබා දෙයි.. සැප විපාක සළසයි.. සුගතිය පිණිස පවතින්නාහු ය.. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය.."
.
.
[
[
•═════════════════════••