පුතුනේ

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
පිහිටක් යැදිමි නූඹෙ කුසගිනි නිවන්නට
රට කිරි කොයිද පුත රසකර පොවන්නට
සෙවනක් නැතේ මගෙ පුතු සතපවන්නට
ගඟ රකුසනි මගෙ පුතු බාරයි නුඹට

බඩගිනි නැහැ නේද පුත දැන් දැනෙන්නේ
ගඟ දිය පතුලෙ සැතපී නිදියාගන්නේ
හදවත පැලී අම්මා ඉකිබිඳින්නේ
ඇකයට අරන් නලවන තුරු සිටින්නේ

කිරිකර පොවා ඇඟලේ නුඹහට පුතුනේ
ඇති දැඩි කලේ රජ කරවන්නට පුතුනේ
දඟ ගෙයි දුකක් නෑ සිහිවන විට පුතුනේ
සමාවෙයන් නුඹ වැදු වරදට පුතුනේ


:sorry::sorry::sorry:
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ගොඩක් හොද නිර්මාණයක්.... වෙනස් විදිහනට හිතලා කරපු නිර්මාණයක්
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පුවත හද කම්පා කලාට සැක නැත.

එත් එයට මුල්වු වෙන්න ඇති කාරනයන් ගැඹුරින් විමසූ වටිනා පදවැලක්.
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හැම කෙනාම වැරැද්ද......යොමු කරන...ඇයගේ පැත්තෙන්.......සිතන්නට ගත් සාර්ථක උත්සහයක්................

    නමුත් මගේ පුද්ගලික අදහස නම්...........මාතෘත්වය.......හට කුමන හේතුවකදි වත් ජීවිතයක් උදුරා ගැනීමට අයිතියක් නොමැත.. ඉතියොපියාව වැනි රට වලද, මෙවන් ගැටලු ඇති වුවත්......තමන් සමග තමන්ගේ ඇකයේ දරුවන් මිය යයි. අවසානය තෙක් මාතෘත්වය තම දරු සෙනෙහස, ගසක එතුනු වැලක් මෙන් එකිනෙකට බැඳි බැඳි පවතියි.

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා...ජීවත්වෙන්න ක්‍රමයක් නෑ කියලා විශේෂයෙන්ම තමන්ගේ බඩින් වදාපු දරුවගේ ජීවිතයේ අයිතිය මේ විදිහට ඉවර කරල දාන එක කිසිම විදිහකින් සාධාරණ නෑ..එහෙම අයිතියක් කිසිම අයුරකින්, කිසිම ලියවිල්ලකින් මොනම හේතුවක් මතවත් කවුරුවත් කාටවත් ලබා දී නැහැ..

    හැබැයි මිනිස්සු ඉන්නවා ජීවිතය හා පොරබදලා විසඳුමක් පේන තෙක් මානෙක නැති බව දැනුනම තමන්ගේ ජීවිතය වගේම තමන් ලඟින් ඉන්නා අයගේ ජිවිතත් නැති කරගන්න හා නැති කර දාන්න පුලුවන් අන්දමේ උච්ච මානසික ඒකාග්‍රතාවයකට පැමිණෙන....
    එතනදී ඉන්නේ සැබෑ මිනිසාට වඩා සහමුලින්ම වෙනස් සිහි විකල් වූ නොමිනිසාමයි...

    ඔතන බැලු බැල්මට අපි කවුරුත් දොස් නගන්නේ ඒ අපරාධය කල ගැහැණියටනේ..කවුරුත් හිතුවද දන්නේ නෑ ඇයට එහෙම කරන්න වුනේ ඇයි හා ඊට තුඩු දුන් හේතු කාරකය කුමක් වී ඇත්ද කියල....


    තව කෙනෙක් තර්ක කරන්න පුලුවන් එහෙම ප්‍රශ්ණ තිබුනා නම් ගැහැණියට තිබුනනේ ලමයව නොමරා තමන්ට මැරෙන්න කියල.. ඒ ඔක්කොම අපේ සිත්වල අපි දකින දේ හා ඇසූ දේ සාධාරණිකරනය කරගන්න දරන උත්සාහයන්වල අතුරුඵලයන් නේ..

    ඔතනදී ඇත්ත අපි කවුරුත් නොදන්න වෙනස්ම ආරක සැඟවුනු දෙයක් වෙන්න පුලුවන්නේ...ඔතන ප්‍රශ්නය තියෙන්නේ ලෝකයේ මුල් වරට මේ ගැහැණිය විතරක් නම් ඔය ක්‍රියාවට පෙලඹුනේ අන්න එතන සෙවිය යුතු හා පිලියම් යොදා මුලින් උපුටා දැමිය යුතු අපරාධයක් තියෙනවා. නමුත් මේ අන්දමේ සිදුවුනු සැහැසි ක්‍රියාවන්ගෙන් ලෝකේ කී වෙනි එක වෙන්න ඕනෙද මේ සිදුවීම.. කෝ අද වෙනතුරුත් අදින් පසුව එලැඹෙන හෙට දවසේත් මෙම ක්‍රියාවට මුල් වූ හේතුව සොයා බලා සප්පායම් විසඳුම් සොයා දෙන මාර්ගයක් පිලිසරණක් ගැන නිශ්චිත මාත්‍රාවක්වත් අප වෙසෙන සමාජය තුල අපට පැහැදිලිව පෙනෙන්නට තිබේද??


    හැබැයි මේ මොනවා නැතිවුනත් තව සුමාන ගණනක් ඔය සිද්ධිය වවාගෙන කන පිරිසක් නම් දැනටමත් ක්‍රියාකාරී වී ඇති බවට කිසිදූ සැකයක් නැහැ...

    එයිනුත් පිරිසකගේ සාක්කුව පිරෙන අතර සංසිද්ධියට පාදක වූ හේතු කාරකය තව කෙනෙක් ඔය දේම හෝ ඊටත් වඩා දරුණූ දෙයක් වුවත් ඉදිරියටත් කරනා තුරු යට ගසා උඩ මතු නොවෙන අයුරින් වග කිව යුත්තන් විසින්ම බොහෝ පරිස්සම් කරනා බව නම් ඉඳුරා පැහැදිලිය..


    වෙනම කෝණයකින් සංසිද්ධිය නිර්මිත කරන්නට දැරූ අගනා උත්සායක්.....

    වගකීමක් ඉටු කල හා ජනතාව දැනුවත් කල පද පෙලක්..


    නංගිට ජය...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මවකගෙ හිතේ නැගෙන විලාපය. ෙල්ාකයාගෙන් නේකවිද ගැරහුම් නැගෙත්දි තම දරු පැටියාව හදා වඩා ගන්නට නොහැකිව ලතවෙන මව්වරු කොපමණ ඉන්නවද?.
    අැය ගැන සානුකම්පිත ෙලස බැලීමක්. වැරදිම සොයන සමාජයට ඒ දෙය සිදුඋනෙ අැයිද? කියන ප්‍රශ්නයට පිලිතුරක් සොයන්නට , තව පැතිකඩකින් බලන්නට, ලස්සන නිර්මානයකට ගොනුකරල ක්‍රිශාන්ති ඔබ.
    සොයුරිය ඔබට ජය!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    meka liwwe langadi sidu una de nisa neada...?:)
    sanwediwa liyala thiyenawa Chris....digatama liyanna....!!!

    samaharawita ea lamayage amma ehema karanna eththe adala pirimi kenagen lebiya yuthu sahayogaya nolebunu nisa wennath puluwan....:)
    waradak patawanakota hema peththak genama hithanna oni...

    Godak pirimi karana deyak thamai gehenu ayawa prashnekadi thani karana eka...
    gehenu aya prashna walata muhuna dena widiya wenas...eka therum ganna oni...:)