පුද්ගලික, තාක්ෂණික, විද්‍යාත්මක සාක්ෂි තියෙනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින් පිරිසක් ඇතුළු වී සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

    අද (02) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවය.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “ඒ සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට ඉතාම විදිමත් හා පුර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා දැනටමත් නියෝග දීලා තියෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර විසින්, ඔහුගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලණිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා තියෙනවා මේ සම්බන්ධ අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්න. ඒ වගේම රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් සහ ඒ රියදුරා වෛද්‍ය පීඨයේ සිසුන් විසින් අත්අඩංගුවට අරගෙන පොලීසියට භාරදීලා තියෙනවා. ඔහු රාගම පොලීසියේ අත්අඩංගුවේ සිටින්නේ. පුද්ගලික, තාක්ෂණික, විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේ සියලුම සාක්ෂි ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ. ඒ අනුව සියලුම පුද්ගලයින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිස්පතිතුමාට විශේෂ නියෝගයක් දුන්නා.”

    කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩාවැදුණු මැර පිරිසක් සිදුකළ පහරදීමකින් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර තිබේ.

    අද අලුයම 3.00ට පමණ මෝටර් රථ දෙකකින් නේවාසිකාගාර පරිශ්‍රයට පැමිණි මැර පිරිසක් එම පහරදීම සිදුකර තිබුණි.

    පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

    පහරදීමෙන් අනතුරුව පිරිස එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පහරදීම සඳහා පැමිණි එක් පුද්ගලයෙක් සහ මෝටර් රථයක් එහිදී සිසුන් ග්‍රහණයට ගෙන තිබුණි.

    අදාළ මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් වන අතර එහි තිබී රාජකාරි හැඳුනුම්පතක් සොයාගැණුනි.

    2018 වසරේ නිකුත් කළ එකක් වන එම හැඳුනුම්පත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකුට අයත් බව එහි දැක්වේ.

    සිසුන් අල්ලා ගත් එම පුද්ගලයා පසුව රාගම පොලිසිය වෙත භාරදී තිබුණි.

    සිසුන් දෙපිරිසක් අතර පසුගිය දිනෙක හටගත් ආරවුලකට බාහිර පාර්ශ්වයක් මැදිහත් වීම ගැටුමට හේතුවන්නට ඇතැයි සැක පළ කරයි.

    රාගම පොලීසිය මඟින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය





    ohoma thamai rishad bhdurdeen allala kiuwe, anthimata mukuth naha kiuwa

    පුද්ගලික, තාක්ෂණික, විද්‍යාත්මක සාක්ෂි තියෙනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැය 24ම කඩේ යන්නේ නැතුව නිදා ගනින් පොන්ස් 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පැය 24ම කඩේ යන්නේ නැතුව නිදා ගනින් පොන්ස් 🤭

    biththara ponnaya, anna ara jeppo denna missing. nandasenge policiya ube amma ekka Nugegoda handiye polin danawada