පුද්ගලික දාන ලක්ශයකට වඩා ආනිසංස ඈති සාංගික දානය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    මාගල්කන්දේ ටත් මේක කියලා වදින්නන ඕනද ?
    මහරජ...
    මේ සස්නෙහි ශ්‍ර‍මණ දුශ්ශීල තෙමේ බුදුන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ වේ, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ වේ. එක් ව මහණදම් පුරන ආචාර්යෝපාධ්‍යායාදීන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ, ධර්මය උගෙනීමට උත්සාහ කරන්නේ වේ, බොහෝ කොට බණ අසන්නේ වේ. මහරජ, බිඳුණු සිල් ඇත්තා වූ ද දුශ්ශීල තෙමේ පිරිස් මැදට ගියේ ශ්‍ර‍මණාකල්පය පවත්වන්නේ වේ. ගර්හාවට බිය ව කය වචන රක්‍ෂා කෙරේ. ඔහුගේ සිත ප්‍ර‍ධානයට අභිමුඛ ව පවතී. භික්ෂු සංඛ්‍යාවට පැමිණ සිටින්නේ වේ. මහරජ, ශ්‍ර‍මණ දුශ්ශීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ, යම් සේ සැමියකු ඇති ස්ත්‍රිය සැඟවී රහසින් ම පාප ක්‍රියාවෙහි යෙදේ ද, මහරජ, එපරිද්දෙන් ශ්‍ර‍මණ දුශ්ශීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ, ගිහි දුශ්ශීලයාට වඩා විශේෂයෙන් මේ ගුණ දශය අතිරේක වශයෙන් ශ්‍ර‍මණ දුශ්ශීලයා හට ඇත්තේ ය” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය.

    *ශ්‍ර‍මණ දුශ්ශීලයාගේ පවා මෙතෙක් ගුණ ඇති කල්හි සිල්වත් පැවිද්දකුගේ ගුණ ගැන කවර කථා ද?*
    *මහත් වූ ගුණස්කන්ධයක් ඇති බැවින් පැවිද්දාගේ තත්ත්වය ගිහියන්ගේ තත්ත්වයට වඩා බොහෝ උසස් ය.

    එසේ හෙයින් දක්නා වරදේ පවා පැවිදි උතුමන් හට ගර්හා කිරීමට මත්තෙන් මෙසේ සිතා තම සිත රැකගත යුතුය.
    ------ Post added on Jul 10, 2023 at 10:51 AM
     
    • Haha
    Reactions: dilann