පුදුමයි ඒත් ඇත්තයි..!
(ලංකා ඊ නිව්ස් -2014.සැප්.04, ප.ව.6.30) ඌව මැතිවරණය ඍජුවම ඡන්ද මංකොල්ලයක් බවට පත්කරමින් ඊයේ සවස ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හතේ සියළුම ස්ථානාධිපතිවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 50,000 බැගින් මුදලින් අල්ලස් ප්රදානය කළ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
මෙවන් සිදුවීමක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙදිනකවත් සිදුව නැති අතර මෙම අල්ලස් ලබා දීම මෙහෙයවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය, ඇමැති ආරක්ෂක අංශය, අධිකරණ ආරක්ෂක අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ විසිනි. මේ සම්බන්ධයෙන් පොල්පිති පොලිස්පති ඉලංගකෝන්ද දැනුවත් අතර මෙය නීති විරෝධී බරපතල ක්‍රියාවක් යැයි අනෙකුත් උසස් නිලධාරීන් විරුද්ධ වෙද්දී ''ඕවාට අත දමා අපි නරක මිනිස්සු වෙන්න අවශ්‍ය නැතැයි'' කියා නිහඬව සිට ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම ස්ථාන බාර නිලධාරීන් ඊයේ සවස බදුල්ලට කැඳවූ ඌව නි.පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මුදලින් රුපියල් 50,000 බැගින් ඛෙදන අතරේ පවසා ඇත්තේ මේ මුදල් ණයක් ලෙස ලබා දෙන නමුත් නැවත අයකරගන්නා ආකාරයක් දැනට නැතැයිද පසුව එවැන්නක් දැනුම් දෙන්නම් කියා ය.
මැතිවරණ දූෂණ සහ ප්රචණ්ඩ ක්‍රියා පිලිබඳ පොලිස් ස්ථානවලට පැමිණිලි ලැඛෙන්නේ නම් ඒවා ලියා ගැනීමට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබා ගන්නැයි පවසා අසල සිටි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගලප්පතිව පෙන්වා තිබේ. ඔහුටද පවසා ඇත්තේ අනවශ්‍ය පැමිණිලි ලියාගැනීමෙන් රජය අපහසුතාවයට පත් නොකරන ලෙසයි. මේ ඡන්දෙන් ජනාධිපති වරයා දිනන බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ අනාගත ජනාධිපති බවත් ඊට සහයෝගය දිය යුතු බවත් රොෂාන් ප්‍රනාන්දු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.
මෙලෙස නිරුවතින්ම නිල වශයෙන්ම අල්ලස් ලබා දුන් රොෂාන් ප්‍රනාන්දු වනාහී පොලිස් දෙපාර්තමේන්තුව පුරා කුප්‍රසිද්ධ කසිප්පු මුදලාලි කෙනෙකි. වෙන්නප්පුව ගම්පළාත වූ රොෂාන් ප්‍රනාන්දු කටුගස්තොට ස්ථානාධිපතිව සිටියදී පොලිස් ජීප් රථයේ කසිප්පු ප්‍රවාහනය කරද්දී පොලිසියටම හසුවූ නිලධාරියෙකි. එදා මොහුට එරෙහිව පරීක්ෂණ සිදුකෙළේ එවක ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා වූ ලක්ෂ්මන් සෙනෙවිරත්න විසිනි. ඔහු මේ නීති විරෝධී දූෂිත නිලධාරියා සම්බන්ධයෙන් වාර්තාවක් දුන්නද දේශපාලන හිතවත්කම් මත ඔහුට යලි පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබිණ. උසස්වීම් ද ලැබිණ.

Last edited: