පුදුම කරුමයක්නෙ බං මේක..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද?:confused:

    දෙදරු පියා ඔන්චිල්ලාවක ගෙල සිරවී මරණයට​


    1620993130-dead-L.jpg


    මුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.

    මෙසේ මරණයට පත්වී ඇත්තේ වේළුසුමනපුර පදිංචි ඒ. සංජීව සම්පත් නම් 27 හැවිරිදි දෙදරු පියෙකි.

    මෙම ඔන්චිල්ලාව නිවස අසල ගසක අත්තක ඇන්ටනා වයරයක් ආධාරයෙන් බැඳ තිබුණි.

    සාරියකින් එම ඔන්චිල්ලාව සකසා තිබු බව පොලීසිය කියයි.

    එම ඔන්චිල්ලාවේ වාඩිවී බුලත් විටක් සපමින් රැඳී සිටියදී වයරය ගෙලෙහි පැටලී ඔහුව මරණයට පත්වී ඇති බව පොලීසිය කියයි.

    මියගිය පුද්ගලයාගේ බාල දැරිවියගේ වයස දින 7ක් බව අප වාර්තාකරු පැවසීය. අනෙක් දැරිය 3න් හැවිරිදිය.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    වෙන්න පුලුවන් ඉතාම කලාතුරකින්. බෙල්ල හිර උනාම අතපය වැඩ කරන්නෙ නැතිව යනවා. වටේ කවුරු හරියේ ඉදල උදව් කලේ නැත්නම් සොරි තමයි. බෙල්ල හිරවෙන්න මූ මොකක් කරන්න ගිහිල්ලද කියල තමයි සැක. 🤔🤔😁ආඈ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,696
    113
    බුලත් විටක් කිව්වට වෙන පවර්ෆුල් මොකුත් කෑවද දන්නෑ
     
    • Like
    Reactions: Stimulus mind