පුනර්ජනනී විදුලිය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පුනර්ජනනී නංගි පෙන්වා දූෂිතා අක්කා ජනතා කර මතට….

    June 10, 2022 at 3:20 am | lanka C news

    පුනර්ජනනී නංගි පෙන්වා දූෂිතා අක්කා ජනතා කර මතට….
    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු කිරීමේ යම් යම් විධිවිධාන මේ වන විට ද ඇති බැවින් පුනර්ජනනීය ගැටලුවක් ඉදිරියට දමමින් පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය අහෝසිකර දූෂිතයන්ට ඉඩකඩ විවර කිරීමට දරන වෑයමට තමන් විරුද්ධ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ (09) ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හා එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

    අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත සම්මත කළ යුත්තේ ඇයි? ඒ පිළිබඳව ඇමතිතුමා ඉතා අපූරු හේතු ගණනාවක් පසුගිය දින කීපයේ ඉදිරිපත් කළා. ගම්මන්පිල ඇමතිතුමාගේ ගෙදර සෝලා පැනල් එකට සබඳතාවය දෙන්න මාස හයක් විදුලිබල මණ්ඩලය ගත්තා. විදුලි බිල 300% කින් වැඩි කිරීමට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක මගේ සාක්කුවේ තියාගෙන මම ඉන්නවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප වසර තුනකට වතාවක් සියයට 25කින් වැඩි කරන්නට වෙලා තියෙනවා. මේ පනත සම්මත නොකළොත් පුනර්ජනනීය විදුලිය කරන්නට වෙන්නේ නැහැ. ජනතා ද්‍රෝහීන් විදිහට තමුන්නාන්සේලා ලේබල් වෙන්නට ඉඩ තියෙනවා.

    අගමැතිතුමාත් නිකන් හිටියෙ නැහැ. එතුමාත් අපූරු හේතුවක් කිව්වා. අදානිගේ ව්‍යාපෘතිය නතර කරලා ඉන්දියාවෙන් ණය ඉල්ලන්න නම් මට කියන්න එපා කියලා එතුමා මේ සභාවේ දී ප්‍රකාශ කළා.

    මේ උදාන වාක්‍ය ඇහුවහම ඇගේ මයිල් කෙලින් වෙනවා. මහා කුමන්ත්‍රණයක් පරාජය කරන්න ඇමතිතුමා යනවා කියලා හිතලා ඒ සටනට අපිත් එකතුවිය යුතුයි කියන අදහසක් ඇති වෙනවා. නමුත් තිත්ත ඇත්ත නම් මේ කියන කාරණා සහ මේ පනත අතර කිසිම සම්බන්ධයක් නැහැ. පුනර්ජනනීය කියන වචනය වත් මේ පනතේ කොතනකවත් නැහැ. එහෙම නම් ජනතාව රවටන හැඟීම්බර ප්‍රකාශ කරනවා වෙනුවට මොකක්ද මේ පනතින් ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා අපි සොයා බලන්නට ඕනේ.

    මේ පනතෙන් කාරණා දෙකයි වෙන්නේ. වර්තමානයේ මෙගා වොට් 25 කට වඩා වැඩි ව්‍යාපෘතියක් සඳහා ආන්ඩුවේ සහභාගිත්වය තියෙන්නට ඕනේ. එහෙම නැතුව විදුලි ව්‍යාපෘතියක් කරන්නට බැහැ. ඒ අවශ්‍යතාවය මේ පනතින් ඉවත් කරනවා. බොහොම හොඳ දෙයක්. ආණ්ඩුවට සල්ලි නැත්නම් සල්ලි තියෙන අයට විදුලිය නිෂ්පාදනය කරන්න දෙන්නට ඕනෑ. විශේෂයෙන්ම විදේශ විනිමය තියෙන අයට එන්න දෙන්නට ඕනෑ. අපි ඒ යෝජනාවට සම්පූර්ණයෙන් සහය පළ කරනවා.

    දෙවැනි සංශෝධනය තමයි හතළිස්තුන්වැනි වගන්තියෙ හතරවෙනි උප වගන්තිය ට කරනු ලබන සංශෝධනය. ඒ හරහා විදුලි නිෂ්පාදනයේ නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලට ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවය සහමුලින්ම ඉවත් කර දමනවා. ඔන්න ඔතනයි ඇත්තටම අපිට ප්‍රශ්නය තියෙන්නේ.

    සියලුම විදුලි නිෂ්පාදකයන්ගෙන් තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් විදුලිය මිලදී ගැනීම ප්‍රායෝගික නැහැ. මගේ වහලයේ මම කිලෝ වොට් 5 ක සෝලා පැනල් දාලා තියෙනවා. ඕකට වෙන කාටවත් ටෙන්ඩර් දාන්න බැහැ. වත්ත පහල දිය ඇල්ලකින් ජල විදුලිය නිෂ්පාදනය වෙනව නම් ඒක වෙන කාටවත් කරන්නට බැහැ. පුංචි ව්‍යාපෘති අනිවාර්යෙන්ම ටෙන්ඩර් කැඳවීමේ නිදහස් කළ යුතුයි. අපි ඒකට එකඟයි. හැබැයි මහා පරිමාණ ව්‍යාපෘති, ව්‍යාපෘතිය විශාල වන්නට විශාල වන්නට ඒකක පිරිවැය අඩු වෙනවා නම් ඒකෙ වාසිය විදුලි බිල ගෙවන ජනතාවට ලබා දුන්නේ නැතිවීමේ විපාකය තමයි අපි මේ විදින්නේ.

    2009 වනතුරු මේ ටෙන්ඩර් කතාව තිබුණේ නැහැ. හිතුණු හිතුණු මිලගණන් වලට විදුලිය මිලදී ගන්න නිලධාරීන් දේශපාලකයන් මැදිහත්වෙලා ගිවිසුම් ගැහුවා. එහි පාඩුව අද විඳින්නේ දැවැන්ත විදුලි බිලක් ගෙවන ජනතාව. ඒකෙන් මිදෙන්න නම් ටෙන්ඩර් පටිපාටියට යන්න ඕන කියන එක අපි යෝජනා කළා.

    පසුගිය හත්වැනි දා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී විපක්ෂ නායකතුමා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සහ මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා මෙගාවොට් දහයෙන් ඉහළ දැවැන්ත ව්‍යාපෘති වලදී එම ව්‍යාපෘතිය විශාල වීමේ වාසිය විදුලි බිල අඩු වීම හරහා ජනතාවට විදුලි පාරිභෝගිකයාට ලබාගන්න මේවා තරගකාරී ටෙන්ඩර් වලට විවෘත කරන්න කියලා. අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරා.

    නමුත් අගමැතිතුමා කැඳවපු සාකච්ඡාවේදී මෙගාවොට් දහයට වඩා වැඩියි ව්‍යාපෘති සඳහා තරගකාරී ටෙන්ඩර් කැඳවීමට අගමැති තුමා එකඟතාවය පළ කරා. එතුමා එතුමාගේ මතය අද මෙතන කියාවි.

    නයෝමි ක්ලේන් (Naomi Klein) ද ෂොක් ඩොක්ට්‍රින් (The Shock Doctrine ) කියලා පොතක් ලිව්වා. මේ පොතේ සඳහන් කරන්නේ සමහර රටවල ව්‍යසනයන් හිතා මතා ඇති කර ගන්නවා මොකද ව්‍යසනයන් මැද ජාතික සම්පත් කොල්ල කන්න ලේසියි. ව්‍යසනයන් පෙන්නලා වංචා දූෂණ කරන්නත් ලේසියි. කොමිස් ගහන්නත් ලේසියි කියලා.

    මේ රට මේ අර්බුදයට ගමන් කරනවා කියලා 2020 ඔක්තෝම්බර් ඉඳලා අපි කිව්වා. අපි කියන දේ අහන්නෙ නැති උනාම මේ රට සිතා මතා අර්බුදයට රැගෙන යනවා කියන චෝදනාව අපි මේ ආණ්ඩුවට එල්ල කළා. ඒ චෝදනාව එල්ල කළාම අපිවත් කනෙන් ඇදලා ඇමති මණ්ඩලයෙන් එළියට දැම්මා.

    අද සිදුවෙන්නේ ඒක. පුනර්ජනනීය නංගි පෙන්වා දූෂිතා අක්කාව ජනතාවගේ කරමත පට වන්නයි හදන්නේ. පුනර්ජනනීය විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘති ඕනෑනම් ජාතික ආපදා අවස්ථාවක ටෙන්ඩර් කැඳවන්න අවශ්‍ය නැහැ කියලා වගන්තියක් තියෙනවා. ඒක යටතේ ඔය පුනර්ජනනීය විදුලිය වහාම ගන්න බාධාවක් නැහැ. ආණ්ඩු ආණ්ඩු අතර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා වගන්තියක් තියෙනවා. ඒ නිසා මේ පුනර්ජනනීය ප්‍රශ්නයක් ඉස්සරහට දාලා පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය නැති කරලා දූෂිතයන්ට යටි මඩි ගහගන්න සහ එහි බර නැවත වතාවක් විදුලි පාරිභෝගිකයා මත පටවන්න දරන මේ වෑයමට අපි විරුද්ධයි. නමුත් අගමැතිතුමන් සමග අපි එකඟතාවක් හදාගත්තා. ඒ කිව්ව සංශෝධන මීට ඇතුළත් වෙනවා නම් අපි අපේ සහාය දෙන්නත් සූදානම්.

    – Media unit


    From ev group

    An analysis by Asanka Tennakoon a renewable energy expert.
    Dear All,
    This is how I see this power crisis and I apologize for the delay to submit my views.
    CEB Engineers have been kept in comfort zones and they are very late a lethargic for innovative concepts.
    Like in other industries such as Aluminum, Copper, and tiles, our power generation industry was streamlined for a handful of personnel (companies) who managed to get their deals done by bribing the ministers and officials. However, this power industry was opened to the SME sector in 2016, and many investors and developers got the opportunity of investing in renewable energy. However, CEB failed to capitalize on the situation and finally played into the hands of these business tycoons.
    These business tycoons have their own paid writers and they are opinion leaders in the society. They have their media personnel on their pay list. These business tycoons managed to stop the competitive tender bidding for 3 years in the minister's drawers. However, now the biggest portion will be grabbed by Adani & Marubeni. It is a costly deal where we are going to pay USD linked tariff for 30 years and we will be leased benefitted or even could end up paying a heavy price.
    With this newly amended act, the competitive bidding will be abolished and the minister can give Solar & Wind licenses at their will. Of course, people who can pay the minister will get a chance of developing the project.
    However, CEB failed to get the support of common people as they were unnecessarily delaying projects. The government is very unpopular, yet CEB failed its mission of blocking it. This show how unpopular they are.

    C E B lost the public trustworthy as a result they couldn't gather public support for go against some cunning amendments of CEB act
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    oke sides 2k tiyenawa ban. kauruth hariyata details denne neh.
    oya panatha oita wada hodata genna tibba, eth eka politician kenek wat oluwen kata kare neh debate eke. un nikan drama ekak kale.
     
    • Sad
    Reactions: bravehearts