පුනර්භවය තහවුරු වන සාක්ෂි

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පුනර්භවය තහවුරු වන සාක්ෂි

පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන සාක්ෂි, වර්ග තුනකට බෙදා දක්වනු ලැබේ. එහි පළමු වර්ගය හැඳින්වෙන්නේ සම්පරීක්ෂණමය සාක්ෂි කියායි. ඒවා විවිධ පර්යේෂණ මගින් හෙලි කරනු ලබන සාක්ෂියි. පුද්ගලයකු මෝහනයට පත් කර ඒ පුද්ගලයාගේ අතීත ජීවිත පිළිබඳ තොරතුරු හෙලි කර ගත් අවස්ථා ඇත. එබඳු එක් ප්‍රසිද්ධ ම අවස්ථාවකි ඇමෙරිකාවේ රූත් සීමන්ස් මහත්මිය පිළිබඳ සිද්ධිය. වශීකරණයට භාජනය කරනු ලැබූ ඇය වසර 160 කට පමණ පෙර අයර්ලන්තයේ ‘බ්‍රයිඩේමර්ෆි’ නම් කාන්තාවක වූ බව හෙළි කළාය.

ඇගේ පෙර ජීවිතයට අදාළව පළ කළ තොරතුරු රැසක්ම සත්‍ය බව අනාවරණය කර ගන්නා ලදි.

ඇතැම් අය ස්වයං මෝහනයට පත්වී අන් අය ගැන පළ කළ තොරතුරුවලින් ඒ අයගේ අතීත ආත්මභාව ගැන කියවී ඇත. එබඳු තොරතුරු රැසක් ‘සංසාර මන්දිර’ නම් පරිවර්තන කෘතියෙහි ඇතුළත්ව තිබේ. එහි තිබෙන්නේ එඩ්ගා කේසී නම් තැනැත්තා ස්වයං මෝහනයට පත්වය කරන ලද හෙලි කිරීම්ය. ඉහත ආත්මභාවයකදී විරුද්ධ ගෝත්‍රිකයන්ගේ ඇස්වලට උල්වලින් ඇණ අන්ධ කිරීමේ නියුතු වූවකු වර්තමාන ජීවිතයේදී අන්ධවීම පිළිබඳ පුවත එහි සඳහන් වන්නකි.

පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන දෙවන සාක්ෂි වර්ගය හැඳින්වෙන්නේ ස්වයංමුද්ගත සාක්ෂි කියායි. ඒ නම් කුඩා ළමයින්ට ජාතිස්මරණ ශක්තිය ලැබී ඔවුන් පළ කළ තොරතුරුවලින් හෙලි වන කරුණුය. ඉන්දියාවේ ශාන්තිදේවි නම් දැරිය පෙර ආත්මභාවයේදී ලුග්දි නමින් උපත ලබා සිටි බව හෙලි කළාය. ලංකාවේ ඤාණතිලකා නම් දැරිය ඊට පෙර තිලකරත්න නමින් උපත ලබා සිටි බව පැවසුවාය . ඒ දෙදෙනා සිය අතීත ජන්මයන්ට අදාළව පළ කළ තොරතුරු බොහොමයක් සත්‍ය බව පරීක්ෂණ වලින් හෙළි විය.

සම්පරීක්ෂණමය සාක්ෂි හා ස්වයංමුද්ගත සාක්ෂි හැර අනෙක් ඒවා තුන්වන සාක්ෂි වර්ගයට ඇතුලත් කෙරේ. අසාමාන්‍ය දක්ෂතා ඇති ළමයින් පුනර්භවය සනාථ කරන එක්සාධකයක් ලෙස එහිදී ඉදිරිපත් කැරේ. ඇමෙරිකාවේ ආශ්වර්යවත් දරුවා නමින් හදුන්වන ලද විලියම් ජේම්ස් සිඩ්ස් වයස දෙක වන විට ප්‍රංශ ජර්මන් රුසියන් හා ඉංග්‍රීසි යන භාෂා කාථා කිරීමටත්, කියවීමටත් හා ලිවීමටත් හැකියාව ලැබූවෙකි. වයස එකොළහේදී මහාචාර්ය සම්මේලනයක් අමතා නවින විද්‍යාව පිළිබඳ දේශනයක් විලියම් ජෙම්ස් විසින් පවත්වා ඇත. එබඳු හැකියාවන් පෙර භවයකදී ලත් පුහුණුව මත ලැබෙන්නට ඇතැයි සිතනු ලැබේ. බෞද්ධ සූත්‍ර ධර්ම ඉතා නිවැරදි ලෙස කට පාඩමින් කියන දරුවකු පිළිබඳ ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. ඔහු එම සූත්‍ර ධර්ම මේ ජීවිතයේ කිසි දිනෙක පාඩම් කර නැත. එසේ නම් පෙර භවයකදී පාඩම් කර ගත් ‍ ඒවා විය යුතුය.

පෙර කිසි දිනෙක හමුනොවූ ඇතමුන් හමු වූ විට බෝ කලක සිට ඇසුරු කළ සේ සුහද හැඟීම් ඇතිවීම ද පෙර ආත්මභාවයක සම්බන්ධය කියාපාන්නක් විය යුතුය.

මෙබඳු කරුණු ගැන බුද්ධිමත් ව කල්පනා කරන්නෙකුට පුනර්භවය මිථ්‍යා සංකල්පයක් නොවන බව වටහා ගැනීම අපහසු නොවේ.
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Ela wadak... ++++repped..
Samaharuntanam ithin kochchara practical saakshi thibbath pothwala nattan owa piliganna bailu..:P:P:P:P
(Hamotama newe.. thoppiya harinam pamanaki..)
 
  • Like
Reactions: ela_eluwa120

Similar threads