පෙර සිටියේ මම නෙවෙයි කියන එකයි මට තියන ප්‍රශ්නේ.
මම කරපු වැරැද්දකට දිට්ඨ ධම්මවෙදනියව මේ භාවයේදීම කර්මය පල දුන්නනම් පිලිගන්නවා.
එත් මට පෙර මම නොවූ වෙනත් කෙනෙක් ගේ වැරදි වලට මම දඩුවම් විදීම සාධාරණද?
පෙර මමෙක් හිටියෙත් නෑ, අද මමෙක් අත්තෙත් නෑ, මතු මමෙක් පහල වෙන්නේත් නෑ,
පෙර තිබුනෙත් පංචස්කන්ධ, අද පවතින්නෙත් පංචස්කන්ධ, මතුවක් ඇත්නම් ඒ පහල වෙන්නෙත් පංචස්කන්ධ.
ක්‍රියාව හේතුවක් වෙලා විපාකය ඵලයක් වෙනවා. ඒ කියන්නේ කර්ම්-ඵල.
හේතූන්ට අනුව ඵල ඇතිවෙනවා. රැස් කරේ කුසල් සහිත පංචස්කන්ධ නම්, විපාකෙත් ඒ ඒ තැනට අනුරූපව ඒ ඒ සුදුසු පංචස්කන්ධ පහල වෙනවා. (මනුස්ස, දේව ලෝක වගේ)
රෑස් කරේ අකුසල් සහිත පංචස්කන්ධ නම්, විපාකෙත් ඒ ඒ තැනට සුදුසු ආකාරයෙන් පහල වෙනවා (අපාය, තිරිසන් වගේ)
හැබැයි ඉතිං බුදු හාමුදුරුවෝ නම් කිව්වේ, සංඛිත්තේන පංචූපාදානස්කන්ධා දුක්ඛා කියලා (කෙටියෙන් කියනවා නම්, පංච උපාදාන ස්කන්ධයක පහල වීමම දුකයි කියලා)

එක තමයි කිව්වේ දන්නේ නෑ කියලා මනුස්සයෝ. 
