පුනරුද යුගය හෙවත් සොයා යෑමේ යුගය නැත්නම් Renaissance or Age of Exploration ලෙස හඳුන්වන්නේ යුරෝපයේ ඇති වෙන යුගයක වෙනස් කමක්.
5 වන සියවසේ ඉඳලා 15 වන සිය වස වෙනකම් කාලය හඳුන්වන්නේ මද්‍යතන යුගය කියලා. ඒ කාලේ යුරෝපය පාලනය උනේ පල්ලියට අධික බලයක් ලබා දෙමින්. දේව විශ්වාසය මුල් කර ගත්ත, වැඩවසම් රාජාණ්ඩු පාලන ක්‍රමයක් තිබුනේ. කිසි කෙනෙකුට ඒ වෙලාවේ තියෙන ක්‍රමයට අභියෝග කරන්න බෑ. විශ්වාසයට, ඇදහිල්ලට අභියෝග කරන කිසිවෙකුට යහතින් ඉන්න ලැබුනේ. නඩු අහලා මරා දැමුවා.
ඉතිං ඒ කාලේ මතය උනේ සූර්‍යා ලෝකය වටේ කැරකෙනවා කියන එක. සූර්‍ය ග්‍රහ මණ්ඩලයක් ගැන, ගුරුත්වාකර්ෂණයක් ගැන දැනුමක් තිබුනේ නෑ. හැබැයි පෝලන්ත ජාතික කොපර්නිකස් විසින් සූර්‍යා ලෝකය වටා නොව ලෝකය සූර්‍යා වටා යන බවට සොයා ගත්තා. ඒ 1513 දී පමණ. හැබැයි දැන් මේක කියන්න ඔහුට බයයි. කිව්වොත් ඒක තේරුම් ගන්න බැරි මිනිස්සුන්ගෙන් මැරුම් කන්න වෙනවා. ඒ පොදුවේ පිළිගැනුන විශ්වාසයට අභියෝගයක් වීම නිසා. ඉතිං ඔහු කාලයක් බලා ගෙන ඉඳලා ලෙඩ ව්‍ර්ලා වයසට ගිහින් මැරෙන්න ලංවුනාම 1543 දී තමයි ඒක ජනගත කරන්නේ. ඊට පස්සේ මාස කීපයකින් ඔහු මිය යනවා.
එම සිද්ධාන්තය පසු කලෙක අනුමත කිරීම නිසා ඉතාලි ජාතික බෲනෝ නම් දාර්ශනිකයාට අවුරුදු 8 ක් නඩු අහලා 1600 දී රෝමයේදී පණ පිටින් පුළුස්සා මරා දමනවා.
පසු කළෙක පහළ වෙන ගැලීලියෝ ගැලලි සැළකෙන්නේ නවීන විද්‍යාවේ ශ්‍රේෂ්ඨයෙකු ලෙසින්. ඔහු විසින් ද ඉහත මතය අනුමත කල විට පල්ලියෙන් ඒ ආ විශාල ප්‍රතිරෝදය හමුවේ සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නට ගැලිලීයෝට සිදු වෙනවා. එම නිසා ඔහුට මරණයෙන් ගැලවීමට හැකි උනත්, ජීවිතයේ ඉතුරු කාලය නිවාස අඩස්සියේ ගත කිරීමට ඔහුට සිදු වෙනවා.
එහෙත් මේ තත්ත්වය තව දුරටත් සඟවා තබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. මිනිස්සු ටික ටික ඇත්තට හුරු වෙනවා. විද්‍යාව තේරුම් ගන්නවා. පසු කළෙක 1618 වන විට පාප් වහන්සේගේ බලය බිඳ වැටී යුරෝපයේ රට වල් අතර ආගමික විශ්වාස මුල් කර ගෙන විශාල යුද්ධයක් හට ගන්නවා. එය අවුරුදු 30 ක් ඇදී යෑම නිසා එය තිස් අවුරුදු යුද්ධය ලෙස හඳුන්වනවා. එය අවසන් වන්නේ මිලියන 8 ක් මිනිසුන් මියගොස් යුරෝපයේ අධිරාජ්‍යයා ලෙස ලන්දේසීන් මෙන්ම විද්‍යාව අභිශේක කරමින්.
ශ්‍රී ලංකාවේ අපිත් දැන් ඉන්නේ මේ වගේ තැනක. කාලයක් තිස්සේ තියෙන වාමාංශික රාජ්‍ය මූලික ආර්ථිකයක් නිසා කඩා වැටුනු ආර්ථිකයක්. මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය අර දේව විශ්වාස වගේ. පදනමක් නැතුව විශ්වාස වලින් සකස් වෙලා. ඒ වගේම වෙනස් වෙන්න අකමැති, බය ජනතාවක් ඉන්නේ. අලුත් දේවල් වලට බයයි.
මේ පසුබිමේ තමයි අපි නොබියව නූතන වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කතා කරන්න ගත්තේ. රාජ්‍ය කුඩා කිරීම, රාජ්‍ය සේවය අඩු කිරීම, පුද්ගලීකරණය, වෙළෙඳපොළ නිදහස ගැන කතා කරන්න ගත්තේ බැනුම් අහගෙන. මේ ක්‍රමයෙන් මිදෙමු, අලුත් නායකයින් හදමු, අලුත් රටක් හදමු කියලා අපි කියන්නේ අපිට බනින, ගරහන දේවල් ඉවසගෙන.
ඒ පැහැදිලිව මේ රට වෙනස් කරනවා නම්, යන්න තියෙන පාර පේන නිසා. ඒ මාර්ගයේ නොයා බොරුවට ජනතාවගේ හිත් දිනන සුන්දර කතා කියලා මේ රට ගොඩ දාන්න බෑ. කොහොම උනත් මේ වගේ වෙනස් කම් ඇති වෙන්නේ අමාරු කාල පරිච්ඡේදයක් තුලින් යෑමෙන් පමණයි. යුරෝපයට පුනරුදය ගේන්න අවුරුදු 30 ක් යුද්ද කරන්න උනා වගේ, අපිටත් කාලයක් මේ දේවල් දරා ගෙන ඉන්න වෙනවා. නොබියව සටන් කරන්න වෙනවා. ඒක මතවාදී සටනක් වෙන්න පුළුවන්. එතනින් ඔබ්බට ගිය දුෂ්කරතා වලට මුහුණ දීලා, විඳවලා , කට්ට කාලා වෙනස් වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්.
කොහොම උනත්, වෙනස් නොවී පවතින්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. වඳවීම හෝ පැවතීම තෝර ගන්න තීන්දුවෙදී මිනිස්සු අනිවාර්යයෙන් තෝර ගන්නේ පැවැතීම කියන තීන්දුව. ඒ නිසා අපි වෙනස් වෙයි. අපි ඒ වෙනුවෙන් නොබියව කටයුතු කරනවා.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්