පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

  • ඔව්

  • නැත

  • බෞද්ධයන් නිසා විශ්වාස කරනවා

Results are only viewable after voting.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ? (බුද්ධිමතුන්ගේ අවධානය පිණිස)
    https://elakiri.com/threads/කාලාම-සූත්‍රයේ-ඇත්තටම-එහෙමද-තියෙන්නෙ.1951947/

    අමතරව........
    “කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද ජ

    කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය.

    https://pitaka.lk/main?n=28165

    1. ඕකෙ කොතනද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිගන්න එපා කියලා තියෙන්නෙ? එහෙම කියලා නෑ.
    2. ඔතන මුලත් නෑ, අගත් නෑ. ඔයා අරගනෙ තියෙන්නෙ මැද තියෙන ඉතාම කුඩා කොටසක් විතරයි.
    මුලින්ම අපි මුල කොටස කියවලා ඉන්න ඕනෙ.

    ඔතනින් පස්සෙ ඊළඟ තැනේදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් ප්‍රශ්න කීපයක් අහලා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔවුන්ගෙන්ම අරගෙන ඊටපස්සෙ මෙහෙම දේශනා කරනවා....

    කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.

    මේ කියන්නෙ මොකක් ගැනද කියලා දැනගන්න නම් දේශනාව දිගටම කියවගෙන යන්න වෙනවා.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    It's Reincarnation vs Rebirth.

    Reincarnation is a Hindu concept that implies a "soul". It's the continuation of the soul from one life to another.
    Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,349
    113
    බුදු දහමේ මූලිකත්වය දෙන්නේ මරණින් පසු ජිවිතේ ගැන නෙමේ. අපි ජීවත් වෙන වර්තමාන මොහොතේ සතුටින් ඉන්න එක ගැන. ඒකයි බුදු දහම ප්‍රායෝගික ධර්මයක් වෙන්නේ. බුදු දහමේ ආත්ම සංකලපය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා පුනරුප්පත්තිය කියන සංකල්පය එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. නමුත් පුනර්භවය සම්බන්ධයෙන් බුදුදහමේ තියෙන්නේ විවෘත මතයක්. මගේ නම් අදහස පෙර ආත්මේ ගැනවත් ලබන ආත්මේ ගැනවත් හිත හිත ජීවත් වෙන එක මොඩකමක් මේ ආත්මේ සතුටින් හොදින් ජීවත් වෙන එක තමයි වැදගත්. පුනර්භවය විශ්වාස කරන්න සාධකත් නෑ අවිස්වසා කරන්න සාධකත් නෑ එක නිසා පුනර්භවය ගැන මධ්‍යස්ථ මතයක් තමයි මම නම් දරන්නේ.
    මචන් පුනර්භවය සහ පුනුරුප්පත්තිය කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. මොකද මට තියෙන්නෙ උබේ මතයට සම්පූර්ණ විරුද්ද්ධ මතයක්. හැබයි ඔය දෙකේ වෙනස ගැන හරි අයිඩියා එකක් නෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ? (බුද්ධිමතුන්ගේ අවධානය පිණිස)
    https://elakiri.com/threads/කාලාම-සූත්‍රයේ-ඇත්තටම-එහෙමද-තියෙන්නෙ.1951947/

    අමතරව........

    1. ඕකෙ කොතනද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිගන්න එපා කියලා තියෙන්නෙ? එහෙම කියලා නෑ.
    2. ඔතන මුලත් නෑ, අගත් නෑ. ඔයා අරගනෙ තියෙන්නෙ මැද තියෙන ඉතාම කුඩා කොටසක් විතරයි.
    මුලින්ම අපි මුල කොටස කියවලා ඉන්න ඕනෙ.

    ඔතනින් පස්සෙ ඊළඟ තැනේදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් ප්‍රශ්න කීපයක් අහලා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔවුන්ගෙන්ම අරගෙන ඊටපස්සෙ මෙහෙම දේශනා කරනවා....

    කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.

    මේ කියන්නෙ මොකක් ගැනද කියලා දැනගන්න නම් දේශනාව දිගටම කියවගෙන යන්න වෙනවා.
    බුදු හාමුදුරුවෝ කියන්නේ හරිම open minded ශාස්තෘවරයෙක්. ඒ වගේම බුදු දහම කියන්නේ හරිම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දහමක් කාටවත් කිසම දෙයක් බලෙන් පිළිගන්න කියන්නේ නෑ තමන් කැමති නම් තමාගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ.

    ’’ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වති. ප්‍රකාශ කරති. අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති."
    " ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම දක්වති, ප්‍රකාශ කරති, අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති,"

    "ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට සැක ශංකා ඇතිවන්නේය" කියායි.

    ’’කාලාමයෙනි, නුඹලා විසින් සැක ශංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ශංකා කළයුතු තන්හිම සැක උපන්නේය.

    "කාලාමයෙනි,
    1. නුඹලා අනුන් කියනු ඇසීමෙන් නොපිළිගත යුතුය.
    2. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගත යුතුය.
    3. මෙය මෙසේද විය හැකියයි නොපිළිගත යුතුය.
    4. අපගේ පොත පතෙහි සඳහන් බැවින් නොපිළිගත යුතුය. .
    5. තර්‍කානුකූලයයිද නොපිළිගත යුතුය.
    6. න්‍යායට අනුකූලයයිද නොපිළිගත යුතුය.
    7. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුය.
    8. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගත යුතුය.
    9. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගත යුතුය.
    10. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගත යුතුය.

    කාලාමයෙනි,

    යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍- විචාරකමයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.

    මචන් පුනර්භවය සහ පුනුරුප්පත්තිය කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. මොකද මට තියෙන්නෙ උබේ මතයට සම්පූර්ණ විරුද්ද්ධ මතයක්. හැබයි ඔය දෙකේ වෙනස ගැන හරි අයිඩියා එකක් නෑ.

    සියල්ලටම පෙර පුනුරුප්පත්තිය කුමක්දැයි විමසා බලමු. මෙම සංකල්පයේදී විමසා පවසන්නේ යම්කිසි සත්වයෙක් මරණයෙන් පසු නැවතත් යම තැනක ඉපදෙන බවය. එනම්, මෙම සත්වයන් දෙදෙනා වෙනත් කාලයන්ට අයත් වූවත් එකම සත්වයෙකු බවය. පෙර සිටි සත්වයා කල දේ අනුව ඔහු නැවත උපදින තැන තීරණය වේ. ඇතැම් විට මනුෂ්‍යයෙකු මියගොස් බල්ලෙකු වී ඉපදීමට මෙම සංකල්පය ඉඩ දේ. නියමිත ජීවිත කාලය තුලදී ශරීර ස්වභාවය මනුෂ්‍යයෙකු වුවත්, පූසෙකු වුවත්, පනුවෙකු වුවත්, සිටින්නේ එකම සත්වයෙකි. බැලූබැල්මට මෙම සංකල්පය ධර්මයේ එන ජාතක කතා සමග මනාව ගැලපේ. බොහෝ බෞද්ධයන් මෙම වැරදි සංකල්පයේ පැටලෙන්නේද මෙම ස්වභාවය නිසාය. මෙම සංකල්පය හේතුවෙන්, මෙම සියලුම ජීවිත වලට පොදු දෙයකුත් (ආත්මය), එය අවකාශයේ සැරිසරන ආකාරයකුත් (මනෝ කාය), ජීවිත දෙකක් අතර ඉඩ පරාසයකුත් (අන්තර භවය) යන බොහෝ වැරිදි සංකල්ප බිහිවී තිබේ.

    එසේනම් පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?

    මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි. දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.

    පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙන ඇතිවන චුති සිතයි. එය දැල්වීමට සුදුසුකම් සපුරා ඇති ගැලපෙන පහනක්‌ දල්වාලයි.

    පුනර්බවය තුල මෙම හේතු නිසාම අන්තරාභවයක් නොපවතී, අවකාශයේ හැසිරෙන මනොකායක් ද නොපවතී, භවයෙන් භවයට ගමන කරන ආත්මයක් ද නොපවතී. පවත්නා එකම දෙය කර්ම-පළ සම්භන්දය පමණි.

    මේ අනුව, පුනර්බහවය සහ පුනුරුප්පත්තිය අතර ඇති පරස්පරතාවය හංසයන් දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් වෙන්කර ගැනීමට ධර්මය තුලින් විමසා පැහැදිලි කරහනීමට, හැකිය….

    මෙතනින් ගත්තේ ඕක තමයි කතාව
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පුනුරුප්පත්තිය, හේතුපල දහම වගේ කිසිම පදනමක් නැති දකුණු ආසියාවේ වැදි සංකල්ප පිළිගන්න අමාරුයි.
    අපි පිළිගන්නේ දෙවියෙක් ලෝකේ මැව්වා වගේ තාර්කනුකුල සහ විද්‍යාත්මක සංකල්ප තමයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදු හාමුදුරුවෝ කියන්නේ හරිම open minded ශාස්තෘවරයෙක්. ඒ වගේම බුදු දහම කියන්නේ හරිම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දහමක් කාටවත් කිසම දෙයක් බලෙන් පිළිගන්න කියන්නේ නෑ තමන් කැමති නම් තමාගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ.

    ’’ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වති. ප්‍රකාශ කරති. අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති."
    " ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම දක්වති, ප්‍රකාශ කරති, අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති,"

    "ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට සැක ශංකා ඇතිවන්නේය" කියායි.

    ’’කාලාමයෙනි, නුඹලා විසින් සැක ශංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ශංකා කළයුතු තන්හිම සැක උපන්නේය.

    "කාලාමයෙනි,
    1. නුඹලා අනුන් කියනු ඇසීමෙන් නොපිළිගත යුතුය.
    2. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගත යුතුය.
    3. මෙය මෙසේද විය හැකියයි නොපිළිගත යුතුය.
    4. අපගේ පොත පතෙහි සඳහන් බැවින් නොපිළිගත යුතුය. .
    5. තර්‍කානුකූලයයිද නොපිළිගත යුතුය.
    6. න්‍යායට අනුකූලයයිද නොපිළිගත යුතුය.
    7. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුය.
    8. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගත යුතුය.
    9. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගත යුතුය.
    10. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගත යුතුය.

    කාලාමයෙනි,

    යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍- විචාරකමයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.

    මොනවද මේ කියන්නෙ? කොතනද එහෙම තියෙන්නෙ? (තමන් කැමති නම් තමාගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා). සාමාන්‍ය කෙනෙකුගෙ බුද්ධියට ගෝචර වෙන්නැති දේවල් අවබෝධ කරන්න තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. සූත්‍රය මුල, මැද, අග පිළිවෙලට කියවන්නැතුව ඉතාම පොඩි කොටසක් විතරක් අල්ලා ගෙන.... සර්පයාගෙ වලිගෙන් අල්ලා ගත්තා වගේ තමයි.

    ශාස්තෘන් වහන්සේ තමයි තමන් වහන්සේගේම ඥානයෙන් ධර්මය අවබෝධ කළේ. (සම්මා සම්බුද්ධ)
    ඒ අවබෝධ කරපු ධර්මය මනාව දේශනා කරලා තියෙනවා. (ස්වාක්ඛාත)
    ඉතින් අපිට අලුතෙන් සොයාගැනීම් කරන්න දෙයක් නෑ. කැමති කෙනෙකුට ධර්ම මාර්ගයේ යන්න හෝ නොයන්න පුලුවන්. ඒ මාර්ගයේ යන කෙනා ළඟා වෙන්නෙ නිවනට.
     
    Last edited:

    Udenit

    Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    කාලාම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා නම් ඒ පාඨය මෙතන සදහන් කරන්න. එතකොට අපිට පිලිගන්න පුලුවන් එහෙම දෙයක් දේශනා කරලා තියෙනවා කියලා.

    මම හිතන්නෙ ඔයා අදහස් කරන දෙය නෙමෙයි ඔය කියන දෙයින් ඉස්මතු වෙන්නෙ. බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කාලයක් එක්ක ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් සිදුවෙලා තියෙන එක. අන්න එතනදි අපිට සිද්ද වෙනවා නුවනින් විමසලා ගත් යුත්ත ගන්න.
    ''බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ'' මං හිතන්නෙ ඔයා අදහන්නෙ බුද්ධ ධර්මය නෙවෙයි වහබ්වාදය. ඔය දෙක පටලගන්න එපා.
     
    • Like
    Reactions: senal neveyi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    ශාස්තෘන් වහන්සේ තමයි තමන් වහන්සේගේම ඥානයෙන් ධර්මය අවබෝධ කළේ. (සම්මා සම්බුද්ධ)
    ඒ අවබෝධ කරපු ධර්මය මනාව දේශනා කරලා තියෙනවා. (ස්වාක්ඛාත)
    ඉතින් අපිට අලුතෙන් සොයාගැනීම් කරන්න දෙයක් නෑ. කැමති කෙනෙකුට ධර්ම මාර්ගයේ යන්න හෝ නොයන්න පුලුවන්. ඒ මාර්ගයේ යන කෙනා ළඟා වෙන්නෙ නිවනට.
    ඔය කියලා තියෙන්නේ "බුදුන් දේශනා කරා කියලා කියන දේ" පරම සත්‍ය විතරමයි කියලා විශ්වාස කරන්න අවබෝද උනේ නැති උනත් වගේ කතාවක්.
    ඕක තමයි ඉතින් හැම ආගමක්ම කියන්නේ. ආගම් අදහන්නන් ඉන්නේ ඔය වගේ... එහෙම වෙන්න ඕන නෑ . විමසන්න හරිද වැරදිද කියලා තමන් තේරුම් ගන්න ඕනේ... ශාස්තෘ ගුරුවරයා කියලා දෙන දේ හරිමයි කියලා පිලිගන්නවනම්, සිදුහත් ආලාර කාලම, උද්දකරාමපුත්ත වගේ අය ලග නවතිනවා..
     
    • Like
    Reactions: senal neveyi

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය කියලා තියෙන්නේ "බුදුන් දේශනා කරා කියලා කියන දේ" පරම සත්‍ය විතරමයි කියලා විශ්වාස කරන්න අවබෝද උනේ නැති උනත් වගේ කතාවක්.
    ඕක තමයි ඉතින් හැම ආගමක්ම කියන්නේ. ආගම් අදහන්නන් ඉන්නේ ඔය වගේ... එහෙම වෙන්න ඕන නෑ . විමසන්න හරිද වැරදිද කියලා තමන් තේරුම් ගන්න ඕනේ... ශාස්තෘ ගුරුවරයා කියලා දෙන දේ හරිමයි කියලා පිලිගන්නවනම්, සිදුහත් ආලාර කාලම, උද්දකරාමපුත්ත වගේ අය ලග නවතිනවා..
    තව තියෙනවනෙ. අයියෝ එකින් එකට කියන්න ඕනෙනෙ.
    තමා තුළට පමුණුවා ගත යුතුයි. (ඕපනයික)
     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    තව තියෙනවනෙ. අයියෝ එකින් එකට කියන්න ඕනෙනෙ.
    තමා තුළට පමුණුවා ගත යුතුයි. (ඕපනයික)
    අනේ බන් දහම් පාසල් පොත දිග අරිනවා වගේ වැඩක් නේ කරන්නේ :lol: ඕවා ඉතින් අපිත් කියන්නම්..
    විශ්වාස කරන්න කියලා දෙයක් නෑ බුදු දහමේ..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනේ බන් දහම් පාසල් පොත දිග අරිනවා වගේ වැඩක් නේ කරන්නේ :lol: ඕවා ඉතින් අපිත් කියන්නම්..
    විශ්වාස කරන්න කියලා දෙයක් නෑ බුදු දහමේ..
    එහෙනම් දෙවියො මැව්වා කියන එක තමයි ඇත්ත.
    හරි ඈ...

    ප.ලි. - කෙනෙක් යම් දවසක පටිච්ච සමුප්පාදය (හේතුඵල දහම) යම් තරමකින් හෝ තේරුම් ගත්තා නම්, ඔහුට ධර්මය තුළ විශ්වාස කිරීමට බොහෝ දේ තිබෙනවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    ඔව් නේද බං. එහෙනම් දෙවියො මැව්වා කියන එක තමයි ඇත්ත.
    හරි ඈ...
    ඔන්න කිව්වා. විශ්වාස කරන උන් තමයි ඔය තමන් ඉපදුන ආගමේ කියන කියන දේ ඔලුවේ තියන් අදහන්නේ.
    දැන් බුදු දහමේ පුනර්භාවයේ විදියට, උබ ලබන භවයේ කතෝලික හරි, හින්දු හරි පවුලක ඉපදුනොත් , එදාට ඒ ආගමේ දහම් පාසල් පොතේ තියන දේවල් කිය කිය ඒක තමයි ඇත්තම ඇත්ත කියලා කියයි. :lol: බුදු දහමේ ඔහොම අන්ද භක්තියක් ගැන කියලා නෑ .. ඕක අවබෝද කරගන්න මිසක් තේරුමක් නැතිව අදහන්න නෙවෙයි තියෙන්නේ. අනික නිවන් දකින්න පාලි ඉගෙන ගන්න ඕනෙත් නෑ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පුනර්බවය , දෙයියො , යක්කු , කුම්බාණ්ඩයො ඇර අනික් සියල්ල මට ඇත්ත කියලා හිතෙන හින්දා පිළිගන්නවා. පුනරුප්පත්තිය උනත් මූලද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය අතින් ගත්තම සෑහෙන තරමට ඇත්තයි. ඇගේ තියෙන අණු පරමාණු ඔක්කොම ආවෙ මීට කලින් හිටපු මිනිස්සුන්ගෙන්, සත්තුන්ගෙන්, ගස්වලින්, පොළවෙන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො ආත්මවාදය ප්‍රතික්ෂෙප කරල ඊට ටිකක් වෙනස් භවවාදය ඉදිරිපත් කරා.

    හේතුඵල වාදය බුදු දහමේ තැනින් තැන තිබුනට භවවාදය ඉදිරිපත් කරද්දි හේතුත් නෑ ඵලත් නෑ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ''බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ'' මං හිතන්නෙ ඔයා අදහන්නෙ බුද්ධ ධර්මය නෙවෙයි වහබ්වාදය. ඔය දෙක පටලගන්න එපා.
    මම කියපු දේ ඔයා තේරුම් අරන් තියෙන්නේ වැරදියට. බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. මොකද බුදු කෙනෙක්ට වඩා ශ්‍රේෂ්ට කෙනෙක් මේ මිහිපිට නෑ. බුදු කෙනෙක් කියන්නේ සියල්ල දත් කෙනෙක් වගේම මේ සසර ගමනින් එතෙර වෙන විදිහ ගැන මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න එන බොහොම කලාතුරකින් මේ ලෝකෙට පහළවෙන කෙනෙක්. අපි බුදු හාමුදුරුවො හිටපු කාලේ උන් වහන්සේගෙන් බණ අහලා ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් තරමට මනස හැදිලා තිබුනා නම් අපි කවදාවත් ප්‍රශ්න කරන්න යන්නේ නෑ ඒ ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ දැන් අපි ඉන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2600 කටත් එහා. බුදුන් වහන්සේම දේශනා කරපු පිරිසිදු ධර්මය දැන් අපිට ඇවිත් තියෙන්නෙ ත්‍රිපිටකයෙන්. ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් නිසා අපිට ගත යුත්ත ගන්න වෙන්නේ filter කරලා නුවනින් විමසලා. මම කියන්නෙ අන්ධ භක්තියෙන් ධර්මය පිළිගන්න කියන එක නෙමෙයි. දැන් අපි ඉන්න තත්ත්වෙත් එක්ක අපි දක්ෂ වෙන්න ඕනේ ඇත්ත සහ බොරුව අදුරගෙන ධර්මය අපේ ජිවිතයට ගලපගන්න.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔන්න කිව්වා. විශ්වාස කරන උන් තමයි ඔය තමන් ඉපදුන ආගමේ කියන කියන දේ ඔලුවේ තියන් අදහන්නේ.
    දැන් බුදු දහමේ පුනර්භාවයේ විදියට, උබ ලබන භවයේ කතෝලික හරි, හින්දු හරි පවුලක ඉපදුනොත් , එදාට ඒ ආගමේ දහම් පාසල් පොතේ තියන දේවල් කිය කිය ඒක තමයි ඇත්තම ඇත්ත කියලා කියයි. :lol: බුදු දහමේ ඔහොම අන්ද භක්තියක් ගැන කියලා නෑ .. ඕක අවබෝද කරගන්න මිසක් තේරුමක් නැතිව අදහන්න නෙවෙයි තියෙන්නේ. අනික නිවන් දකින්න පාලි ඉගෙන ගන්න ඕනෙත් නෑ
    කිසිම ගැළපීමක් නැති දෙයක්නෙ මේ කියලා තියෙන්නෙ.

    මේ භවයේදි වුණත් වෙනත් දෘෂ්ඨියක පැටලුණොත් ඉතින් නිවන් මාර්ගය වැහෙනවා.
    බුදුරජාණන් වහන්සේ තමයි ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ බව පිළිගන්න කවුරු අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඒ ධර්මය දේශනා කළේ පාලි භාෂාවෙන්. ඒ ඉගැන්වීම් පාලි භාෂාවෙන්ම තේරුම් ගන්න පුලුවන් නම් වඩා හොඳයි. එහෙම නැතත් සිංහලට පරිවර්තනය කරලා තියෙන නිසා අපිට ඉගෙන ගන්න පුලුවන්. ධර්මය ඉගෙන ගන්න කොට තමයි ඒක ඇත්ත බව තේරෙන්නෙ.

    හේතුඵල වාදය බුදු දහමේ තැනින් තැන තිබුනට භවවාදය ඉදිරිපත් කරද්දි හේතුත් නෑ ඵලත් නෑ
    සක්සුදක් සේ පැහැදිලියි ඔයා හේතුඵල දහම නොදන්නා බව.