පුන් සඳයි අහසේ දිලෙනා...
පුන් සඳයි අහසේ දිලෙනා
තරු එළියයි ගනඳුර නසනා
පැන් පොදයි පවස නිවනා
පියුම නුඹයි මා දිවියේ පිපෙනා...
සුසුමන් පාවෙයි පාවෙයි හඬනා
කඳුළැලි සැඟවෙයි සැඟවෙයි ගලනා
දුක හද රිදවයි රිදවයි සැමදා
නුඹ හිනැහෙයි හිනැහෙයි අප හින්දා..
ආදර අම්මේ..නුඹගේ සෙනෙහේ
ඇත හද සපුරා මා මියෙන තුරා
නෑ අමතක වෙන්නේ මට දෙන ජීවේ
සිහින සපුරා ලන්නට දිවිය පුරා
දිරියෙන් සිත වඩවා දුක් ගිනි හද සඟවා
නුඹ ජීවත් වන්නේ දරු සෙනෙහෙ දරා..
ආදර අම්මේ ඔබ ජීවන දැක්මේ
මා ලද ජීවේ රැඳේ සදා
ජීවිත අරුමෝසම් එපා සුව තහනම්
ඉවසීමෙන් හැක යන්නට සතුට කරා..
පුන් සඳයි අහසේ දිලෙනා
තරු එළියයි ගනඳුර නසනා
පැන් පොදයි පවස නිවනා
පියුම නුඹයි මා දිවියේ පිපෙනා...
සුසුමන් පාවෙයි පාවෙයි හඬනා
කඳුළැලි සැඟවෙයි සැඟවෙයි ගලනා
දුක හද රිදවයි රිදවයි සැමදා
නුඹ හිනැහෙයි හිනැහෙයි අප හින්දා..
ආදර අම්මේ..නුඹගේ සෙනෙහේ
ඇත හද සපුරා මා මියෙන තුරා
නෑ අමතක වෙන්නේ මට දෙන ජීවේ
සිහින සපුරා ලන්නට දිවිය පුරා
දිරියෙන් සිත වඩවා දුක් ගිනි හද සඟවා
නුඹ ජීවත් වන්නේ දරු සෙනෙහෙ දරා..
ආදර අම්මේ ඔබ ජීවන දැක්මේ
මා ලද ජීවේ රැඳේ සදා
ජීවිත අරුමෝසම් එපා සුව තහනම්
ඉවසීමෙන් හැක යන්නට සතුට කරා..
Last edited: