පුන් සඳයි අහසේ දිලෙනා...

Niki92

Member
Jul 10, 2014
14
8
0
පුන් සඳයි අහසේ දිලෙනා...

පුන් සඳයි අහසේ දිලෙනා
තරු එළියයි ගනඳුර නසනා
පැන් පොදයි පවස නිවනා
පියුම නුඹයි මා දිවියේ පිපෙනා...


සුසුමන් පාවෙයි පාවෙයි හඬනා
කඳුළැලි සැඟවෙයි සැඟවෙයි ගලනා
දුක හද රිදවයි රිදවයි සැමදා
නුඹ හිනැහෙයි හිනැහෙයි අප හින්දා..


ආදර අම්මේ..නුඹගේ සෙනෙහේ
ඇත හද සපුරා මා මියෙන තුරා
නෑ අමතක වෙන්නේ මට දෙන ජීවේ
සිහින සපුරා ලන්නට දිවිය පුරා
දිරියෙන් සිත වඩවා දුක් ගිනි හද සඟවා
නුඹ ජීවත් වන්නේ දරු සෙනෙහෙ දරා..


ආදර අම්මේ ඔබ ජීවන දැක්මේ
මා ලද ජීවේ රැඳේ සදා
ජීවිත අරුමෝසම් එපා සුව තහනම්
ඉවසීමෙන් හැක යන්නට සතුට කරා..
 
Last edited:
  • Like
Reactions: thilihare and argan

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවන එකාට කෙළ මෝලෙන් ඇන්න වගේ කියන්න තියන දේ කියන්නේ නැතුව උපමා, අලංකරණ, ව්‍යංගය වගේ දේවල් පාවිච්චි කලොත් හොද නැද්ද සහෝදරයා/සහෝදරිය..?????
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :cool:
    11.gif