පුම්බපු ජීප් බබාලට වඩා

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    පුම්බපු ජීප් බබාලට වඩා

    අලුත් පුම්බපු ජීප් බබාලට වඩා රියල් වැඩ කාරයෝ වෙච්චි මේ ජීප් වැඩ්ඩො දක්කම ආසා නොහිතුනොත් තමා පුදුමේ

    පොඩි කාලේ හැමෝට ම හීනයක් තියෙනවා ඒ සෙල්ලම් කාර් එකක් හරි අයිති කර ගන්න. ලොකු වෙන්න වෙන්න ඒ කාර් හීනෙ වැඩෙනවා. එයිනුත් ජීප් පිස්සුව ටිකක් විශේෂයි. ප්‍රධාන වශයෙන්ම ජීප් තියෙන්නේ off road safari යන්න විතරක්ම කියලා හිතුවට එතනින් එහාටත් මේ ජීප් වර්ග භාවිතා වෙන වෙලාවල් ගොඩක් තියෙනවා. ඉතින් එහෙව් ඔබේ හිත සොරා ගත්තු ජීප් කිහිපයක් ගැනයි අනිවා අපි ඔබට කියන්න යන්නේ.

    1. Land Rover Series 1

    Jeeps-02.jpg



    එංගලන්තේ මහා රැජිණත් පාවිච්චි කරපු වාහනයක් වෙන මේ වාහනේ ලංකාවට ආවේ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදීයි. ඕනෑම බරක් දාගෙන ඕනෑම දුරක් යන්නට පුළුවන් මේ වාහනය කලකදී අපේ රාජ්‍ය ආරක්ෂක අංශයේ භාවිතාවටත් ආවා. අනික ඉතින් මෙතෙක් කල් Land Rover ආයතනයෙන් නිෂ්පාදනය කරපු වාහන වලින් 70%ම ධාවනය වන තත්වයේ තියෙනවා කියන එකෙන්ම මේ වාහනේ කොලිටිය ගැන හිතා ගන්න පුළුවන් නේ?

    40 දශකයේ නිර්මාණය කරපු මේ වාහනේ ශක්තිය ගැන මේ වීඩියෝ එක බැලුවා ම හිතා ගන්න පුළුවන් වෙයි.



    Land Rover ගැන වැඩි විස්තර මෙතනිනුත් බලන්න.

    https://www.youtube.com/results?search_query=land+rover+series
    මේකෙ පොඩි ලෝකල් කතන්දරයක්…

    මේ ජීප් එකේ සමහර අමතර කොටස් වර්තමානේ මිලදී ගන්න නැහැ. එහෙම වෙලාවකට ලියවන පට්ටලෙකට යකඩ කෑල්ලක් දීලා අපිට උවමනා සමහර අමතර කොටස් ලියවා ගන්නට වුනත් පුළුවන්

    2. Toyota FJ40 Land Cruiser

    Jeeps-03.jpg


    ටොයෝටා මෙතෙක් කල් හදපු ඔෆ් රෝඩ් ජීප් ගත්තම මේ FJ40ක් කියන්නේ සුපිරි භාණ්ඩයක් තමා. Hard top සහ canvas top ලෙස වහල වර්ග රැසකින් සමන්විත මේ වාහනය අපිට මතක තියෙන්නේ ලස්සන මුණක් තියෙන පොඩි පැන්ඩා බබෙක් වගේ නිසා.

    වර්තමානයේ මේ වර්ගයේ 2016 වර්ෂයේ වාහනයක් මිලියන 12කට (බදුත් එක්ක ඈ) වුනාට මොකෝ… මීට අවුරුදු 20කට 30 කට කලින් අපේ ආදරණිය ජීප් ලෝලීන්ගේ ප්‍රියතම වාහනයක් තමයි මේක. ඩීසල්වලින් වැඩ කරන ලීටරේකට කිලෝමීටර් 8-12ත් අතර වැඩ කරන මේ වාහනේ ප්‍රධානම විශේෂාංගය තමා අධිබල එන්ජිම. උවමනා තරම් අමතර කොටස් හොයාගන්න තියෙන මේ වාහනේ අමතර කොටස්, මිලෙන් වෙනත් වාහන වලට වඩා අඩු වීමත් අපේ ජීප් මිතුරන් අතරේ ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි.

    වැඩිය මොකවත් උවමනා නැහැ. මේ වාහනේට මොඩිෆයි කරන්න කියලා තියෙන්නේ හොඳ බැලුන් සයිස් ටයර් හතරක් දාන එක විතරමයි.




    3. Mitsubishi Jeep 4DR5

    Jeeps-04.jpg


    Willys Jeep එක ගුරු කොට අරගෙන හදපු ජීප් එකක්ද කියලා හිතෙන්නේ මේ සුපිරි භාන්ඩේ ගැන තමයි. මොන්ටෙරෝවල එහෙම ආදී මුතුන් මිත්තලා වෙලා ඉන්නේ. ලංකාවේ පොලිසියට වගේම පලාත් සභාවට, ප්‍රාදේශීය සභාවට එහෙම දීලා තිබුණු මේ වාහනේ අදටත් මහා මාර්ගවල දකින්නට පුළුවන්. වර්තමානයේ රුපියල් මිලියන 2කින් එහා මිලකට ලන්සු වදින මේ වාහනේ මාකට් එකත් අඩු වෙන්නෙම නැහැ කියනවකො.




    4. Willys Jeep

    Jeeps-05.jpg


    වර්තමානය වෙනකොට අලුතින් එන හැම ජීප් එකකටම හැඩය සම්බන්ධයෙන් ගුරු හරු කම් ගන්නවා ඇත්තේ මේ ජීප් එක දිහා බලලා වෙන්න ඇති. රවුම් ලයිට් එකයි හුරු පුරුදු පෙනුමින් යුතු ග්‍රිල් එක නිසා ලේසියෙන් අමතක වෙන්නේ නැති වෙන මේ වාහනය, 1947 ලෝක යුද්ධ සමයේ ඇමරිකානු යුධ පෙරමුණු වලට දෙදෙනෙකුගෙන් යුතු භට කණ්ඩායම් යවන්නට අඩු බර ඇති වාහනයක් උවමනා වුන විට තෝමස් බි ජෙෆ්රි සමාගමෙන් ඒ ඇනවුම භාර අරන් හදපු එකක්.

    කෙටි කතාවක්

    මෙහෙම කතන්දරයක් අහලා තියෙනවාද? “ජීප්” කියන නම මුලින්ම ආවේ “General Purpose” කියන වචනවලට යෙදෙන “GP” කියන අකුරු වලින් කියා මතයක් තියෙනවා. ඒත් ඔයිට වෙනස් තවත් කතාවකුත් තියෙනවා. සමහරු කියන්නෙ ගැටළු පහසුවෙන්ම විසඳගන්න උදව් වන හුරුබුහුටි ගතිලක්ෂණ නිසා, දෙවැනි ලෝක යුද්ධ කාලෙ ඇමෙරිකානු සොල්දාදුවන් විසින් එවන්ම ගතිලක්ෂණ තියෙන Popeye කාටුනයේ “Eugene the Jeep” නම් සුරතල් සතාගේ නමින් මේ වාහනේ හැඳින්වූවා කියයි. ඉතින් මේ හැඳින්වීම අපේ කතා නායකයට ගැලපෙන්නේ නැද්ද?





    5. Mitsubishi පළාත් සභා

    Jeeps-06.jpg


    කෙටියෙන්ම කිව්වොත් මේ ලයිස්තුවේ තුන් වැනියට තියෙන ජීප් එකේ තවත් එක පුර්වජයෙක් කිව්වොත් නිවැරදියි. වාහනේ මතක නැති නම් මෙහෙමත් කියන්නම් කෝ.

    32 ශ්‍රී පරණ දොර දෙකේ පැජරෝ දැකලා තියෙනවා නේද? අන්න ඒ කාණ්ඩය ගැන තමා අපි මේ කතා කරන්නේ. මීට දශක දෙකකට විතර කලින් මහවැලි ව්‍යාපෘතිය, පළාත්සභා වගේ රාජ්‍ය ආයතන වල බහුලව භාවිත වුනු මේ වාහනේ නිසා ජීප් කැටගරියට අයිති වාහන වලට කාලයක් පැජරෝ කියලා හඳුන්වපු කාලයක් තිබ්බා. සුවපහසුව, අධිබල එන්ජිම මේ වගේ දේවල් නිසා තවමත් මේ ජීප් වර්ගයට තියෙන අලෙවිය බොහොම ඉහලයි.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම සූටි එකා කාලේ ගියපු වාහන. .
    අදටත් පට්ට තමා. .