පුරාතන ලෝකයේ පුදුම හත
පුරාතන ලෝකය ලෙස සලකනු ලබන්නේ ක්‍රිස්තු වර්ශ වල ආරම්භයට ප්‍රථම කාලවකුවානුව වේ. එම කාලය ජේසුස් වහන්සේගේ උපත්තියට ප්‍රථම කාලවකවානුව ලෙසද සලකන අතර ,විවිධ ගනයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර එම යුගයේ විටින් විට විවිධ කාල වල පහළ වී තිබේ. එම කාලයේදි ගොඩනගන ලද විස්මිත ගොඩනැගිලි පුරාතන ලෝකයේ පුදුම හතට ඇතුලත් වෙනු ලැබේ, ඒවා අතර ගීසා හී දැවැන්ත පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, ආර්ටිමිස් දෙවොල, සියුස් දෙවියන්ගේ දැවැන්ත ප්‍රතිමාව, හාලිකාර්නසස් සොහොන් ගැබ, කොලෝසොස් ප්‍රතිමාව, ඇලෙක්ස්‍රැන්ඩියාවේ ප්‍රදීපාගාරය දැක්වීමට හැක.
ගීසා හී දැවැන්ත පිරමීඩය
පුදුම හතෙන් ,පැරණිතම වගේම තවමත් ඉතුරු වී ඇති එකම නිර්මාණය ගිසා හී දැවන්ත පිරමීඩය ලෙස දැක්වීමට හැක. මෙය ක්‍රිස්තූ පූර්ව 2584–2561 යන කාලවකවානුවේ ඊජිප්තුවේ නයිල් ගගට යාබදව, ගීසා නෙක්‍රෝපෝලිස් යන ස්ථානයේ ඊප්ත්තු ශිෂ්ඨාචාරය විසින් ගොඩනගා තිබේ. තවමත් නොනැසි ඉතිරි වුවද ,කාලාන්තරයක් තිස්සේ රැකවරණයක් නොලැබීම හේතුකොටගෙන විවිධ අකාරයේ සූරාකෑම් වලට ලක්ව තිබේ. එම නිසා වර්තමානයේ කෞතුක වස්තූන් විශාල ප්‍රමාණයක් ගොඩනැගිල්ල තුළ දක්නට නැත, ඉතිරව ඇති සමහර කෞතුක වස්තූන් යටත් විජිත සමයේ විවිධ බටහිර රටවලට ගෙනගිය අතර, සමහරක් අදටද ඊජීප්තු කෞතුකාගාරයේ දක්නට ලැබේ. ඊජීප්තු කෞතුකාගාරය ඊජීප්තුවේ කයිරෝ නුවර පිහිටා ඇත.
බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය
බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ටයිග්‍රීස්, යුප්‍රටීස් ගංගාවට යාබදව පිහිටා තිබූ පුරාතන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ, බැබිලෝන් නගරයේ ගොඩ නගා තිබේ. මෙය දෙවැනි නෙබුචැඩ්නීසාර් විසින් තමන්ගේ බිරිද වෙනුවෙන් ගොඩනංවන ලද්දක් බව සදහන් වේ. දෙවැනි නෙබුචැඩ්නීසාර්ගේ බිරිද ,ඇමිටිස් ඔෆ් මිඩියා, බැබිලෝන් නගරය කාන්තාරයක් වූ බැවින් එය ශාක වලින් සාරවත් කිරිමට, මෙය ගොඩනැංවීමට ඇයගේ ස්වාමියාට යෝජනා කර තිබේ, එයට පිළිතුරක් වශයෙන් දෙවැනි නෙබුචැඩ්නීසාර් විසින් මෙය පසුව ගොඩනංවා තිබේ. දෙවැනි නෙබුචැඩ්නීසාර් 634 – 562 BC කාලයේ බිහිවූ නව බැබිලෝන් ශිෂ්ඨාචාරයේ පාලකයා වේ. 600 BC කාලයේ ගොඩනංවන ලද මෙම නිර්මාණය ,පළමු සියවසේදි ඇතිවු භූමිකම්පාවක් නිසා සදහටම විනාශවීම් තිබේ.
එප්හෙසස් හී ආර්ටිමිස් දෙවොල
එප්හෙසස් හී ගොඩනංවන ලද ආර්ටිමිස් දෙවොල පුරාතන ලෝකයේ දැවැන්ත නිර්මාණයක් වේ. මෙය ක්‍රිස්තු පූර්ව 550 දී ගොඩනංවන ලද නිර්මාණයක් ලෙස
සැලකෙනතර, පසුව විවිධ හේතුන් නිසා නිර්මාණය විනාශ වීම හේතුකොටගෙන ,නැවත ක්‍රිස්තු පුර්ව 323 දී ගොඩනංවන ලදි. එප්හෙසස් වර්තමානයේ තුර්කියේ
නගරයක් වේ ,එය ඉස්මිර් වලට කිලෝමීටර් 50 ක් දකුණින් පිහිටා තිබේ. ආර්ටිමිස් දෙවොල ගොඩනංවන ලද්දේ ග්‍රීක දෙවගනක් වෙන ආර්ටිමිස් හෙවත්
සින්තියා ට වේ නමුත් විවිධ ජන කොටස් ඇනටෝලියන් දෙවගනක් වන සයිබිලිටත් මෙම දෙවොලේ වන්දනාමාන කරතිබේ. සයිබිලි ඇනටෝලියන් පුරාවෘතයේ
දෙවගනක් වෙනතර, ආර්ටිමිස් ග්‍රීක පුරාතනයේ දෙවගනක් වේ. ආර්ටිමිස් ග්‍රීක පුරාතනයේ දෙවියන්ගේ රජුවන සියුස් රජුගේ දරුවෙක් ලෙස සැලකෙනතර ඇය
ඇපලෝ දෙවියාගේ නිවුන් සොහොයුරියද වේ. ආර්ටිමිස් දෙවොල ඉතා සශ්‍රික ප්‍රදේශයක පිහිටාතිබූ බව සැලකේ. මේ නිසා විවිධ කොටස් මෙම දෙවොලට ඉතා ඈත
ප්‍රදේශවල සිට පැමිණ තිබේ. තුර්කිය ඈත අතීතයේ සිටම වෙළද කේන්ද්‍රස්ථානයක් ලෙස පිහිටා තිබේ, පෙරදිග සිට එන වෙළදුන් තුර්කිය හරහා බටහිරටත්, බටහිර
සිට පැමිණි වෙළදුන් තුර්කිය හරහා පෙරදිගටත් පැමිණ තිබූ බවට විවිධ සාධක වර්තමානයේ සොයාගත හැක. වෙළද කේන්ද්‍රස්ථානයක් බදු ප්‍රදේශයේ
පිහිටා තිබූ දෙවොල විවිධ ජන කොටස් හී ගෞරවයට සහා වන්දනාමානයට පාත්‍රවූ බවට අතීත සාධක සාක්ෂී සපයයි. දෙවොල ලයිඩියන් ප්‍රදේශවාසින් හූ විසින් ගොඩනංවන ලද අතර එය ක්‍රිස්තුපූර්ව 356 දී හෙරෙස්ට්‍රාටිස් නම් පුද්ගලයෙකු විසින් ගිනිතබා විනාශ කර තිබේ ,පසුව එය ගෝත්ලා විසින් ක්‍රිස්තුවර්ෂ 262 දී කොල්ලකා ඉතිරිය විනාශ කර තිබේ. තුර්කියේ පළමු අධිරාජ්‍යය හෙවත් ආර්කිමෙනින්ඩ් නම් අධිරාජ්‍යයේ නිර්මිත මෙම දෙවොල, වර්තමානයේදී, අතීත ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකේ
ඔලිම්පියා හී සියුස් දෙවියාගේ ප්‍රතිමාව
ග්‍රීසියේ ඔලිම්පියා හීදී ගොඩනංවන ලද සියුස් දෙවියාගේ ප්‍රතිමාව, අතීත ලෝකයේ පුදුම හතෙන් තවත් එක් නිර්මාණයක් ලෙස සැලකේ. මෙය ග්‍රීක පුරාතනයේ සියුස්
දෙවිය උදෙසා නිර්මාණය කර තිබුනේය. ප්‍රතිමාව පිඩියාස් නම් නිර්මාණය ශිල්පියෙක් විසින් ක්‍රිස්තුපූර්ව 432 දී ගොඩනංවන ලදි, ඔහු ඒ සදහා ඔලිම්පියාදි වෙනමම
කම්මලක් ඔහුටම ගොඩනංවා තමන්ගේ ජීවිත කාලය පුරාවටම ඔලිම්පියාහි සිටිබවට දැක්වේ. ප්‍රතිමාව ඔලිම්පියා දෙවෙලේ පිහිටා පිහි බවට සැලකේ, දෙවොල
ගොඩනංවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 466 ත් 456 ත් අතර කාලයේදි වනතර ඊට පසුව ක්‍රිස්තුපූර්ව 435 දී ප්‍රතිමාව ගොඩනංවන ලද බවට සදහන් වේ. ප්‍රතිමාව මීටර්
12.40 පමණ විශාල වේ ,එයහි අත්, මූණ, කකුල් ඇත්දළ වලින් නිර්මිත වෙනතර, කබාය, රැවුල සහ කොණඩය රත්තරන් වලින් නිර්මිත කර තිබේ, ප්‍රතිමා හිසහි රිදි
පළදනාවක් පළදවා තිබූ අතර ,ඊට එහායින් රත්තරන්, කළුවර, මැණික්, තඹ වලින් නිර්මිත දැවැන්ත ඔටුන්නක් තිබූ බවට සැලකේ. ග්‍රීසිය රෝමන් වරුන් විසින්
පාලනය කරන කාලයේදි එවකට සිටි කැලිගුලා නම් අධිරාජ්‍යයා විසින් ප්‍රතිමාව රෝමයට ගෙන්වා එයහි හිස ගලවා තමන්ගේ හිසට සමාන ලෙස නිර්මිත හිසක්
එයට ඇටවීම උදෙසා, ප්‍රතිමාව රෝමයට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුනත් ,එය කෙසේ හෝ කොන්ස්තන්තිනෝපලයට නැව්ගත වී ,ක්‍රිස්තුපූර්ව 475 දී විනාශ වූ බවට සැලකේ.
හෙලිකාර්නසස් හී සොහොන් ගැබ
හෙලිකාර්නසස් හී සොහොන් ගැබ හෙවත් මෞසොලස් ගේ සොහොන පුදුම හතෙන් තවත් විශ්මිත නිර්මාණයක් ලෙස සැලකේ. මෙම සොහොන නිර්මාණය කරන
ලද්දේ අතීතයේ පර්සියන් අධිරාජ්‍යයේ හෙලිකාර්නසස්හි ප්‍රාදේශීය පාලකයා සහා ඔහුගේ බිරිද/සොහොයුරුය යන දෙපොළටයි . අතීතයේ හෙලිකාර්නසස් ප්‍රදේශය
වර්තමානයේ බොඩ්‍රම් ලෙස සැලකේ මෙය තුර්කියේ පිහිටා තිබේ. මෙම නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නේ ඒය කැටයම් විශාල සංඛ්‍යාවකින් නිර්මාණය කර
තිබීමයි එම කැටයම් උන්නති අකාරයට නිර්මාණය කර තිබූ අතර එම නිරමණයේ නිර්මාණ කරුවන් වන්නේ බ්‍රැඇක්සිස්, ලියෝචැරස්, ස්කෝපස්, තිමෝතීස් යන
අයගෙන් එක්කෙනෙක් වේ. සමස්ථ සොහොන ගැබ සැලසුම් කරන ලද්දේ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන සැටිරස් විසින් බව දැක්වේ. ක්‍රිස්තු පූර්ව 351 දී
නිර්මාණය කරන ලද දෙවොල ,ක්‍රිස්තු වර්ෂ 12ත් 15 ත් අතර කාලයේදි භූමි කම්පාවක් නිසා විනාශ වී තිබේ. වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙන
"mausoleum (සොහොන් ගැබ)" යන වචනය මෙම නිර්මාණය හේතු කොටගෙන ඇති වූවක් බව දැක්වේ.
රෝඩස් හී කෝලෝසස් ප්‍රතිමාව.
රෝඩස් හී කෝලෝසස් ප්‍රතිමාව අතීත පුදුම හතෙන් තවත් වැදගත් නිර්මාණයක් වේ. මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ හිරුට අධිපති හෙළියස් නම් දෙවියා වේ.
ඔහු ග්‍රීක පුරාවෘතයේ දැක්වෙන ටයිටන් දෙවියන්ගෙන් කෙනෙකු වනතර ,හයිපිරියන් සහා තියා නම් දෙපොලගේ පුත්‍රයා වේ. ප්‍රතිමාව ග්‍රිසියේ රෝඩස් දූපතේ
නිර්මාණය කර තනා ඇත්තේ සයිප්‍රස්-රෝඩස් දූපතේ පාලකයාගේ ජයග්‍රහණය හේතුකොටයි. රෝඩස් දූපත එවකට එහි පාලකයා වූ ඇන්ටිගොනස්
මොනෝපැතලමස් ගේ පුත්‍රයා විසින් වටකොට දැවැන්ත වැටලීමක් ක්‍රිස්තුපූර්ව 305 දී ගෙනියන ලදි නමුත් කේසේ හෝ ඇන්ටිගොනස් එම ප්‍රයන්තය වළකා
ජයග්‍රහණය කර තිබේ ,පසුව එම ජයග්‍රහණය සමරණු වස් ඔහු විසින් මෙම ප්‍රතිමාව ගොඩනැංවීමට අණකොට තිබේ. ප්‍රතිමාව එවකට ග්‍රීකයේ ගෘහ නිර්මාණය
ශිල්පිණ් දෙදෙනෙකු වන චාරස් සහා ලින්ඩස් විසින් නිර්මාණය කරා ගොඩනංවා තිබේ. මෙය තනි ලෝකඩින් නිමවා ඇති තිබූ අතර අඩි 100 දක්වා උසකට දිවගොස්
තිබේ එනයින් අතීත පුදුම හතෙන් උසම ප්‍රතිමාව ලෙස සැලකේ. ප්‍රතිමාව රොඩොස් දූපතේ නැව් ගමනා ගමනයට පහසු පිණිස රෝඩස් තොටුපොළේ ඉදිරිපස
නිර්මාණය කර තිබේ ,එය එක්තරා අකාරයක ප්‍රදිපාගාරයක් ලෙස ක්‍රියාකර තිබූ අතර ,ප්‍රතිමාවේ ඉහළම කොටසේ ගිනි දැල්ල නැව් වලට අවැසි මගපෙන්වීමක් ලෙස
ක්‍රියාකර තිබේ. ක්‍රිස්තු පූර්ව 292 සහා 280 අතර කාලයේදි නිර්මිත ප්‍රතිමාව ක්‍රිස්තුපූර්ව 226 දීරෝඩස් හි ඇතිවූ භූමිකම්පාවක් නිසා විනාශ වී ගිය බව දැක්වේ.
ඇලෙක්ස්‍රැන්ඩියාවේ ප්‍රදිපාගාරය
ඇලෙක්ස්‍රැන්ඩියාවේ ප්‍රදිපාගාරය ,ඊජිප්තුවේ ඇලෙක්ස්‍රැන්ඩියාවේ ගොඩනංවා තිබේ. මෙය අතීත පුදුම හතෙන් උසම ප්‍රතිමාවනතර එයහි උස මීටර් 115-145 දක්වා
දිව ගොස් තිබේ. ප්‍රදිපාගාරය නිර්මාණය කොට ගොඩනංවා ඇත්තේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියෙක් වන සොස්ට්‍රැටස් විසිනි. මෙය ටොලමි 1 සොටර්ගේ පාලන
කාලයේදි නිර්මාණය කර තිබේ. ප්‍රදිපාගාරය ඊප්තුවට පැමිණි නාවිකයන්ගේ නැව්ගමනාගමනයට මග පෙන්වා තිබේ, දවල් කාලයේදි එයහි මුදුනේ තිබූ දැවැන්ත
දර්පණය යොදාගෙන තිබූ අතර, රාත්‍රියේදි ගින්දර යොදා ආලෝකය සපයා තිබේ. ක්‍රිස්තුපූර්ව 280 දී නිර්මිත ගොඩනැගිල්ල ,ක්‍රිස්තුපූර්ව 1303 දී ඇතිවූ
භූමිකම්පාවක් නිසා විනාශ වී තිබේ.
මම ලිව්වේ මේක ඒක නිසා copy කරොත් source එක හැටියට මේ thread එකේ link එක දාන්න.

eka eka pronounce karana widiya wenas