පුරාවස්තුවල_කාලය මැන ගන්නා ක්‍රම
පුරාවස්තුවල කාලය මැන ගන්නා ක්‍රම
*විකිරණශීලී කාබන් දාහතර (C14) මගින් කාලය මැනීම මෙම ක්‍රමය ලෝකය පුරාම භාවිතා කිරීමට පටන් ගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. එය සොයා ගත්තේ ඇමරිකානු ජාතික රසායන විද්‍යාඥයෙකු වූ විලාර්ඩ් ලිබී විසින් 1949 දීය.ළමා ඔබ විද්‍යාව විෂය ඉගෙන ගැනීමේ දී මූලද්‍රව්‍යවල සමස්ථානික(ISOTOPS) ගැන අසා ඇති. සමස්ථානිකයන් ලෙස හඳුන්වන්නේ කුමක්දැයි බලමු. සමහර මූලද්‍රව්‍යවලට මෙන් කාබන්(C) මූලද්‍රව්‍යයට ද විවිධ ස්වරූප කීපයක්ම ඇත. ඒවා කාබන් මූල ද්‍රව්‍යයේ සමස්ථානික ලෙස හඳුන්වයි. ඒවායින් මෙහි දී අපට වැදගත් වන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධය 14 ක් වූ, කාබන් 14(C14) සමස්ථානිකයයි. එය වෙනස්වීමට කැමති (අස්ථාවර) කාබන් පරමාණුවකි. එය බීටා නම් වූ කිරණ වර්ගය පිට කරමින් නයිට්රජන් දාහතර(N14) පරමාණුව සාදයි. මෙම කි‍්‍රයාව හඳුන්වන්නේ විකිරණශීලී හායනය නමිනි. කාබන් දාහතර පරමාණුවක මෙම කි‍්‍රයාව දිගටම සිදු වෙයි.ශරීරයේ කාබන් දාහතර සමස්ථානිකය ශාක සහ සතුන් මැරුණු පසුව කාබන් දාහතර විනාශවීම ආරම්භ කරයි. මැරුණු ශරීරයක ඇති කාබන් දාහතර පරමාණු වලින් බාගයක් විනාශවීමට අවුරුදු 5730 ක් ගත වෙයි. මෙම කාලය අර්ධ ජීව කාලය (HALF LIFE) ලෙස හැඳින් වේ.මියගිය ශරීරවල අඩංගු විකිරණශීලී කාබන් 14 ප්‍රතිශතයක් ලෙස ගණන් ගැනීම සිදු කරයි. එසේ ලැබෙන උත්තර මගින් එම ජීවියා ගේ වයස නිවැරදිව ප්‍රකාශ වේ. මෙම ක්‍රමය විද්‍යාගාර තුළ සිදු කළ යුතුය. ඒ සඳහා විශාල මුදලක් වියදම් කළ යුතුය.
* තාප සන්දීප්තතා ක්‍රමය (Thermoluminescence Dating)පුරාවිද්‍යාත්මක ස්ථානවල දී විශාල ලෙස හමුවන පැරණි වළං කැබලි, උළු කැබලි, ගඩොල් වැනි ද්‍රව්‍යවල වයස සොයා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කරයි. අද සිට වසර 80,000 ක් පැරණි ද්‍රව්‍යවල පවා කාලය සොයා ගත හැකිය.එම පුරාවස්තුවල විකිරණශීලී මූල ද්‍රව්‍ය යම් කිසි ප්‍රමාණයක් අඩංගු වෙයි. යුරේනියම්, තෝරියම් ආදී මූල ද්‍රව්‍ය ඇල්ෆා, බීටා, ගැමා වැනි විකිරණ පිට කරන නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය ලෙස නම් කරයි.මේ මූල ද්‍රව්‍යවල ඇති විකිරණ මගින් පුරාවස්තුවල ඉලෙක්ට්‍රෝන නම් වූ අංශු පිහිටන ස්ථාන වෙනස් කරයි. ඉලෙක්ටේර්රීන එම ද්‍රව්‍යයෙ විවිධ ස්ථානවලට ගොස් සිරවෙයි. යම් පුරාවස්තුවක් නිපදවා ඇති කාලය වැඩිවත්ම එසේ හිරවන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ද වැඩි වෙයි.තාප සන්දීපතා ක්රමයේ දී සිදු කරන්නේ අපට ලැබුණු පුරාවස්තුව සෙන්ටිග්‍රේඩ් අංශක 500 හෝ ඊට වඩා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමයි. එහි දී සිදු වන්නේ විවිධ ස්ථානවල හිරවුණු ඉලෙක්ට්‍රෝන එම ස්ථානවලින් පිටට පැමිණීමයි. එවිට ඉලෙක්ට්‍රෝන තුළ තිබූ ශක්තිය ආලෝකය ලෙස පිට කරයි.ප්‍රංශයෙන් හමු වූ පුරාවස්තු තොගයක් අතර පුරාණ මානවයින් පාවිච්චි කළ ගල් ආයුධ හමු විය. තාල සන්දීප්තතා ක්‍රමය මගින් මෙම ගල් ආයුධවල කාලය සෙව්වේය. ඒවා අවුරුදු 40,000 සිට 70,000 ක් පමණ පැරණි බවත්, මුස්ටේරියානු ගල් අයුධ සම්ප්‍රදායට අයිති බවත් සොයා ගැනීමට හැකි විය.
* පොටෑසියම් - ආගන් ක්‍රමය (Pottasium - Argon Dating)වසර මිලියන ගණනක් පැරණි පාෂාණ වර්ගවල කාලය සෙවීමට මෙම ක්‍රමය යොදා ගනියි. එවැනි පාෂාණ සමග පවතින ආදි මානවයින්ගේ මෙවලම් ආදියටද පහසුවෙන් දින ලබාදීමට හැකියාව ලැබෙයි.විකිරණශීලී කාබන් - 14 ක්රමයේ දී මෙන්ම පොටෑසියම් ආගන් ක්රමයේ ද සිදු වන්නේ විකිරණශීලී හායනයකි. පාෂාණ තුළ ඇති විකිරණශීලී පොටෑසියම් මූල ද්‍රව්‍යය ඉතා සෙමින් නමුත් නොකඩවා විකිරණ පිට කරයි. පොටෑසියම්වල අර්ධ ජීව කාලය (එම මූල ද්‍රව්‍යය බාගයක්වීමට ගතවන කාලය) අවුරුදු මිලියන 1.3 ක් පමණ වෙයි. පොටෑසියම් විකිරණ පිට කරමින් ආගන් මූල ද්‍රව්‍යය බවට පත් වෙයි.අප විසින් කාලය සෙවීමට ගන්නා පාෂාණයේ අඩංගුවන ආගන් මුලද්‍රව්‍ය ප්‍රමාණය මැන ගැනීමෙන් එම පාෂාණයේ වයස ප්‍රමාණය තීරණය කළ හැකිය.ටැන්සානියාවේ ඔල්දුවායී ගෝජ් නම් වූ ස්ථානයේ තිබී හමු වූ ආදි වානර - මානව පාෂාණීභූත ගල් ආයුධ සහ ඇට සැකිලි කොටස් ආදිය මෙම ක්‍රමය යොදා ගැනීමෙන් වසර මිලියන 2 ක් පමණ පැරණි බව සොයා ගත්තේය.
අන්තර්ජාලය ඇසුරිනි