පුරාවස්තු

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    481594_447175825346474_1365337965_n.jpg



    අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරිය ස්ථූපයේ සළපතල මළුව හා පේසා වළළු ආශ්‍රිතව දැන් සිදුකෙරෙන සංරක්ෂණ කටයුතු වලදී පුරාවස්තු බොහොමයක් හමුවී තිබේ. ගතවූ මසක පමණ කාලය තුල පුර්ණ සළපතල මළුවේ ගල්පුවරු ගැලවීමේදී ඊට යටින් තිබී මෙම පුරාවස්තු හමුවූ බව අභයගිරිය ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසයි.

    මීට මාස කිහිපයකට පෙර ස්ථූපයේ පේසා වළළු අතර තිබී
    හමුවූ මංජුසාව මෙතෙක් අභයගිරියෙන් හමුවූ පුරාවස්තු අතරින් විශේෂත්වයක් ගනී. වර්ණවත් ගල් ඔබ්බවා කැටයම් කරන ලද මෙම රන් මංජුසාව මිලිමීටර් 49 ක් උසින් හා මිලිමීටර් 39 ක විශ්කම්භයකින් යුක්තය.

    එම මංජුසාවේ උඩු පියන ගලවා විවෘත කිරීමේදී ඒ තුල බහා තිබු තවත් මංජුසාවක් හමුවී ඇති අතර එම මංජුසාව විවෘත කිරීමේදී ඒ තුල බහා තිබූ තවත් මංජුසාවක්ද හමුවී තිබිණි.

    ප්‍රධාන මංජුසාවේ පියනෙහි මැණික් බවට තවමත් සනාථ නොකෙරුණු වර්ණවත් ගල් හතක් ඔබ්බවා තිබේ. එම මංජුසාව තුල බහා තිබු අනෙක් මංජුසාව සමග මුතු පබළු යම් ප්‍රමාණයක් සහ පුරාණ ලෝහමය කාසියක් හෙවත් හස්ථබූකහපහනක් හමුවී තිබිණි.

    දෙවැනි මංජුසාව විවෘත කරන විට ඒ තුල බහා තිබූ තවත් මංජුසාවක් හමුවී ඇත. ප්‍රමාණයෙන් එය සුරයකට මදක් විශාලය. මහාචාර්ය කුලතුංග මහතා පවසන්නේ එම මංජුසාව තුලද යම් දෙයක් තිබිය හැකි බවය. නමුත් එය විවෘත කල යුත්තේ පර්යේෂණාගාරයකදී බව ඔහු පවසයි.

    මහාචාර්ය කුලතුංග මහතා පවසන අන්දමට හස්ථබූකහපහනය යනු ලංකාවේ භාවිත වූ පැරණිම කාසි විශේෂයයි. ක්‍රිස්තු පුර්ව තුන්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ එක දෙක සියවස් දක්වා මෙම කාසි විශේෂය ලංකාවේ භාවිතා වී ඇති බවට සදහන් වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    දෙවැනි මංජුසාව තුල බහා තිබු කුඩා මංජුසවට අමතරව රන් සුන්දු(රන්කුඩු) සහ මුතු පබළු යම් ප්‍රමාණයක්ද හමුවී තිබේ.

    ප්‍රධාන මංජුසාව විවෘත කරද්දී හමුවූ ලෝහමය කාසිය, නැති නම් හස්ථබූකහපහනය(කාසියක්) නිසා මහාචාර්ය, කුලතුංග මහතා පවසන්නේ එම මංජුසාව ස්ථූපයේ පේසා වළළු තුල නිදන් කල කාලවකවානු තීරණය කිරීමට පහසුවන බවයි.

    උපුටා ගැනීම ඉරිදා ලංකාදීප පුවත්පතෙනි.