වසර 40,000කට පමණ පසු මේ රට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    3,828
    4,576
    113
    වසර 40,000කට පමණ පසු මේ රට




    මේ රට ගැන ඔබ මොනවද දන්නේ ???? මේකේ වැල විතරක් bump කර කර ඉදලා කොහේ හරි රටකට පැනපල්ලා

    මේක බාගෙට බලලා කමෙන්ට් දාන්න එපා විශේෂයෙන් රාජ් සොමදෙවගේ video ටිකවත් ඉවර වෙනකන් බලන්න data වැය උනාට පාඩු නැහැ
    එරෝසෝන් මොන්සෝන් උබලගේ මහ එවුන්ටත් මේවා ගැන කියලා දීපල්ලා


    47278266_1712844505486076_1112455744378109952_n.jpg


    ආචාර්‍ය එස්. යූ දැරණියගල කියන්නේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස ගැන පර්යේෂණ කරපු ඉතා විශිෂ්ඨ මට්ටමේ උගතෙක්. ඔහු කරපු එක්තරා කැණීමකදී බලංගොඩ මානවයා විසින් පරිහරණය කරපු කුඩා (සෙමී 4ට වඩා දිග අඩු) තිරුවාණ පතුරු සහ (දුලබ ලෙසින්) අර්ධ චන්ද්‍රාකාර, ත්‍රිකෝණාකාර සහ ත්‍රපීසියමාකාර හැඩ තල ගැන්වුනු කහඳු යන දෙයින් සමන්විත ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාවන් ඇති මෙවලම් කට්ටලයක් හමු වෙනවා.
    මේ සොයා ගැනීමේ වැදගත්ම කාරණය වෙන්නේ මීට සමාන ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාත්මක මෙවලම් යුරෝපියානු ශිෂ්ටාචාරයක භාවිත වෙන්නේ ඊට වසර 20,000කට පමණ පසු වීම.
    .
    .
    .
    .
    පල්ලෙහා රූපයේ ඉන්නේ බලංගොඩ මානවයාගෙන් වසර 40,000කට විතර පස්සේ ඒ ප්‍රදේශයෙම ජීවත් වෙන අල්ලපු රටෙන් ලොරි චැසියට තහඩු ගහලා සීට් තියලා එවන ලයිට් හයි කරලා ස්ටිකර් ගහලා තියන තොරොම්බල් කරත්තයක් බලන්න පොර කන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්!

    මේවත් බලන්න කොච්චර අපේ රටේ දේවල් වලට වෙන රටවල් වලින් පේටන්ට් අරන් තියෙනවාද ?




    https://www.facebook.com/694893720884733/videos/575039999601056/?t=9














    ✅.....සිංහලයා ගැන නොදත් සිංහලුන්ට......✅

    ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද?

    ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 - 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 - 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්මාණය (ක්‍රි.ව. 273 - 301 මහසෙන් රජ සමය), ලොව මුල්ම රෝහල (ක්‍රි. පූ. 437 - 367 පන්ඩුකාභය රජ සමය), ලොව මහා පුදුමයක් වූ සීගිරිය (ක්‍රි.පූ. 477 - 495 කාශ්‍යප රජ සමය), ලොව මවිත කළ බහු වායු නල වානේ තාක්ෂණය (ක්‍රි.ව. 2 - 4 සියවස), ලොව මුල්ම ඇස් කණ්නාඩිය වන දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනය (ගම්පොල රාජධානි සමය), දස දහස් ගණනින් වන ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම හා කැටයම් තාක්ෂණය, රාමායනය ග්‍රන්ථයට අනුව රාවනා රජ දවස විමාන හා බිමන් හෙවත් අහස් යාත්‍රා නැතහොත් දඩුමොණර භාවිතය, සෘෂිවරුන් ලෙසින් විශ්වය සමඟින් ගනුදෙනු කිරීම, අකුණු තාක්ෂණය ආදිය සිදු කරණු ලැබුවේ සිංහලයන් මිස ලොව අන් ජාතියක් නොවේ.

    පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය රැඳෙන්නේ කලාශිල්ප මත පමණක්ම නොවේ. සිංහලයන් ගොඩනැගූ මහා ශිෂ්ටාචාරය තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ තලයක තිබිණි. සිංහලයන් ළගාකරගත් තාක්ෂණික ජයග්‍රහණ කිහිපයක් පහත පෙළගස්වා අත.

    01. ලොව කිසිඳු ගංගා නිම්න ශිෂ්ටාචාරයක දැකිය නොහැකි 'දිය වැටෙන තැනම වැව් බැඳි මහා වාරි ශිෂ්ටාචාරයක්' බිහි කළ සිංහලයෝ

    මහවැලි ව්‍යාපාරය සමයේදී මාදුරුඔය වේල්ල බැදිය යුතු ස්ථානය විද්‍යාත්මකව තීරණය කිරීම විදේශීය ඉංජිනේරුවන්ට අභියෝගයක්වීය. ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මහත් පරිශ්‍රමයක් යොදා වේල්ල ගොඩනැගිය යුතු ස්ථානයතීරණය කරගත් අතර එම ස්ථානයේ වේල්ල ගොඩනැගීම උදෙසා වූ කැණීම් කටයුතු ඇරඹුණී. එනමුත් එම ස්ථානයෙන්ම පුරාණ සිංහල වේල්ලක් මතුවූයේ විදේශ ඉංජිනේරුවන් මවිත කරවමිණි. මාදුරුඔය ජලාශය නිමවා, එය විවෘත කරන අවස්ථාවේදී, විදේශ ඉංජිනේරුවරු අතීතයේ එම ස්ථානයේම පුරාණ තාක්ෂණය ඔස්සේවේල්ලක් ගොඩනැගූ සිංහල ඉංජිනේරුවරුන්ට සිය උපහාරය පුද කළහ.

    ලොව පුරා විවිධ ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වී ඇති නමුදු, මහා පරාක්‍රමබාහු රජුගේ ආදර්ශ පාඨය වන 'අහසින් වැටෙන එක දිය බිඳක් වුවද ප්‍රයෝජනට නොගෙන මුහුදට යාමට ඉඩ නොදෙමු' යන්න මත පිහිටා දිය වැටෙන තැනම වැව් බැදි මහා වාරි ශිෂ්ටාචාරයක් ලොව ප්‍රථම වරට බිහි කළේ සිංහලයන්ය. ක්‍රි.ව. 1155 වන විට ලොව ශ්‍රේෂ්ඨතම වැව් ජාලය හා වාරි කළමණාකරන පද්ධතිය ගොඩනැගිමට සිංහලයෝ සමත් වූහ. 12 වන සියවසේ කාශ්මීර ඉතිහාසඥයෙකු වන කල්හාන විසින් කාශ්මීර රාජ පරම්පරාවේ ඉතිහාසය පිළිබද සංස්කෘත භාෂාවෙන් රචිත 'රාජතරංගනිය' කෘතියේ කියැවෙන්නේ, වාරි කර්මාන්තය උගන්වනු පිණිස රාස්ස ඉංජිනේරුවන් හෙළබිමින් ඉන්දියාවට සපැමිණි බවයි.

    ක්‍රි.ව. 1155 දී, එනම්, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගූ මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ (1153-1186) සමය වන විට, ඇලවල් 4,000කින් බැඳී ගිය වැව් හා ජලාශ 5,000ක වාරි පද්ධතියක් රජරට පුරාවට හා රටේ සෙසු පළාත්වල ද පැවතුණි. රටේ සෑම ගමකම ඉදිවූ වැවකින් ගොවිතැන් කටයුතු සදහා ඇවැසි ජලය සැපයුණි. ලොව කිසිදු රටක මෙවැනි චිරස්ථායී ලෙස ජල කලමණාකරනය සිදු කෙරුණ වාරි පද්ධතියක් නොවී ය. ලංකාවේ වාරී තාක්ෂණය මෙහිම අනන්‍යව දියුණු වූවක් වන අතර එය ලංකාවේ වියළි කලාපයට ඉතා සුදුසු ලෙස පරිනාමය වූවකි.

    ලොව කිසිම රටක දක්නට නැති 'සැතැප්මට අඟලක් බෑවුම් වන' සේ ඉදිකළ යෝධ ඇල ලංකා වාරි ශිල්පයේ ශ්‍රේෂ්ඨ තාක්ෂණික නිර්මාණයකි. තවද පුරාණ වැව්වල වැව් බැම්ම හා සම්බන්ධව ඉදි කල 'බිසෝකොටුව' නම් වූ ජල පීඩනය පාලනය කොට පිටකිරිමේ ක්‍රමෝපාය ඉතා උසස් තාක්ෂණික නිර්මාණයකි.

    සැතපුමට අඟලේ බැස්ම ඇති යෝධ ඇළ (රූප අනුග්‍රහය - lanakasinhala වෙබ් අඩවිය)පරාක්‍රම සමුද්‍රයේ බිසෝ කොටුව (රූප අනුග්‍රහය -sinhalaheritage වෙබ් අඩවිය)
    02. ලොව මුල්ම මහල් ගොඩනැඟිල්ල වන ලෝවාමහාපාය ඉදි කළ සිංහලයෝ


    ලොව පළමු මහල් ගොඩනැඟිලි ඉදිවූයේ දුටුගැමුණු රජ සමයේදී (ක්‍රි.පූ. 161-137) සිංහලයන් අතිනි. රෝමයේ කොලෝසියම ගොඩනැගිම ඇරඹෙන්නේ ක්‍රි. ව. 70 දී ය. භික්ෂුන්ගේ වාසස්ථානයක් වූ ලෝවාමහාපාය මහල් නවයකින් යුක්තව ඉදි කෙරුනු අතර එහි වහලයට තඹ තහඩු යොදා තිබුණු බැවු කියවේ. ලෝවාමහාපායේ එක් පසෙක දිග අඩි 400ක් විය. 40 බැගින් වූ ගල් කණු පේළි 40ක් එනම් ලොවාමහපායේ පහළම තට්ටුවේ ගල්කණු 1600 ක් තවමත් ඉතිරිව තිබේ.

    03. අතීත ලෝකයේ උසම හා ගඩොලින් බැඳි ලොව විශාලතම ගොඩනැඟිලි නිර්මාණය කල සිංහලයෝ

    ජේතවනාරාම දාගැබ අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එකල ලෝකයේ උසම ස්ථූපය යි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වන්නේ ද ජේතවනාරාම දාගැබ යි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව, හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව, පබ්බතන්ත ඇළ ආදී (දැනට හඳුනාගත්) වාරී කර්මාන්ත 16ක් හා විශාල ඇළක් නිර්මාණය කළ අදත් මහසෙන් දෙවියන් හා හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබන බෞද්ධ රජෙකු වන මහසෙන් (ක්‍රි.ව. 273 - 301) රජු විසිනි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් ද වේ.

    පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීම වන්නේ ජේතවනාරාම දාගබයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8ක් පමණ (හෙක්. 5.6) විශාල ය. 3,000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේ ය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතු ය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට හා සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණ ද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරුවල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග‍්‍රහයෙන් ද කවුරුන් ඊට දායක වූයේ ද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය.

    04. ලොව මුල්ම රෝහල ඉදිකළ සිංහලයෝ

    ලොව පැරණිතම රෝහල් නෂ්ඨාවශේෂ හමුවන්නේ ලංකාවේ ය. එනම් 9 වන සියවසේ ඉදි වූ මිහින්තලය රෝහල යි. මිහින්තලේ, අනුරාධපුර හා මැදිරිගිරිය යන ප්‍රදේශවල රෝහල්වල නටබුන් දැකිය හැකි ය. එම රෝහල් හි ශෛල්‍යකර්ම උදෙසා භාවිතා කළ සියුම් උපකරණ ආදියේ නෂ්ටාවශේෂ පවා අද දිනයේ සොයාගෙන තිබේ.

    ක්‍රි.ව. 6 වන සියවසේ දී ලියැවුණු මහාවංශයට අනුව පන්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ. 437 - 367) නේවාසික රෝහල් (සිවිකාසොත්ති ශාලා) ලංකාව පුරා විවිධ පළාත්වල ඉදි කෙරුණි. මෙය මුළු ලෝකයෙම අසනීප වූවන් රැකබලා ගැනීම උදෙසාම ආයතන ඉදිකලේ යැයි සදහන් වන පුරාණතම අවස්ථාව යි.

    05. ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය ඇති කළ සිංහලයෝ

    'ක්‍රි.පූ. පස්වෙනි සියවසේ දී ලෝකයේ පැවති අග්‍රගණ්‍ය ආගමික සිද්ධස්ථානය අභයගිරිය විය. එවකට අභයගිරි විහාරයේ භික්ෂුන් වහන්සේලා 5,000ක් වැඩ සිටීමත්, විදේශ ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් විවිධ විෂයයන් හැදෑරූ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසට පැවතීමත් මෙම සිද්ධස්ථානයේ විශාලත්වය පිළිබද සාක්ෂියෝ ය. ලෝකයේ පැරණිම විශ්ව විද්‍යාල ආරම්භ වන විටද ලංකාවේ පැවති විශ්ව විද්‍යාල ඉතා දියුණු මට්ටමක පැවති බව පැහැදිලි වේ. මහා විහාරය එවකටත් ලෝකයේ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිතව පැවතිණ. ත්‍රිපිටක ධර්මය පාලි බසට පරිවර්තනය කිරීම සදහා ඉන්දියාවේ සිට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට එම කාර්යයට තමන් සුදුසු බව පෙන්වීම සදහා නිබන්ධනයක් ලියා ඉදිරිපත් කිරීමට සිදුවිය. නිබන්ධනය විසුද්ධිමග්ගය විය. එය පිටු 400කින් යුත් නිබන්ධනයකි. එම නිබන්ධනය පිළි ගැනීමෙන් පසු බුද්ධගෝෂ හිමියන්ට මහා විහාරය සතු සුවිශාල පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාව ලැබිණ.'

    අපේ බොහෝ අය සිතා සිටින්නේ ලෝකයේ දියුණුව ඇරඹුනේ බටහිරයන් විසින් සොයා ගත් දැනුම නිසා කියාය. ඔවුන් මහත් බැතියෙන් බටහිරට වන්දනා කරන්නේ ඒ අනවබෝධය ඇතිවය. එහෙත් ඒ රටවල ශිෂ්ඨාචාරයන් බිහි වෙන්නටත් ප්‍රථම සිංහලයා සතුව ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුණි. අද අප බටහිරට වන්දනාමාන කරන්නේ අපේ ජාතිය සතු අභිමානය ගැන නොදන්නා කමිනි. බටහිරයන් හා බටහිර ගැත්තන් විසින් ද ආක්‍රමණිකයින් විසින් ද අපෙන් මංකොල්ලකා වසන් කළ ඒ අභිමානය අප විසින් දැනගත විය යුත්තේ අපේ ශ්‍රේෂ්ඨ අතීතය මතක් කර සිංහලයාගේ පිට කොදු සවිමත් කිරීම සදහාය. මානසික වහල් බවින් මිදුනු නිවහල් අනාගත සිංහලයන් බිහි කිරීම උදෙසාය

    අභයගිරි විහාරයේ තිබු පැරණි විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව (රූප අනුග්‍රහය - විකිපීඩියා නිදහස් විශ්වකෝෂය)

    06. ලොව මහා පුදුම අතරට එක් වූ සීගිරිය නිර්මාණය කළ සිංහලයෝ

    ලොව මහා පුදුම අතරට එක් වූවකි, සීගිරිය. සම්ප්‍රදායික ඉතිහාසයට අනුව සීගිරියේ අතීතය කාශ්‍යප රජ දවස දක්වා දිවය යි. නමුත් එහි සැබෑ ඇරඹුම නිසැකවින්ම ඉන් වසර දහස් ගණනාවක් අතීතයට ගමන්කොට සොයාගත යුතු වේ. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙහි පිහිටා ඇති පුරාණ පර්වත රාජධානියක් වූ සීගිරිය ලංකාවේ සුප්‍රකට ම ඓතිහාසික ස්ථානය යි. සීගිරිය ප්‍රචලිත වන්නේ එහි සිංහ පාදය, කවි ලියා ඇති කැටපත් පවුර, සීගිරි චිත්‍ර හා සුවිශේෂි නගර සැලසුම් හේතුවෙනි. චූලවංශයට අනුව කාශ්‍යප රජතුමන් (ක්‍රි.පූ. 477 - 495) සීගිරිය තම අග නගරය කොට ගත්තේ ය. ඔහු සීගිරි පර්වතය මුදුනේ මාළිගය ගොඩනැගුවේ ය. විකල්ප මත වලට අනුව රාවණා රජතුමන්ගේ පුරාණ මාළිගය ද පිහිටා තිබී ඇත්තේ සීගිරියේ ය. සීගිරියේ ජල උද්‍යානය විවිධාකාර පොකුණුවලින් සමන්විත වනඅතර ජල පීඩනය ඔස්සේ ජල නල මගින් ක්‍රියාත්මක වන දියමල් එහි සුවිශේෂි තාක්ෂණික නිර්මාණයකි. වර්ෂා සමයේ දී මේවා අද ද ක්‍රියාත්මක වේ.

    07. ලොව පැරණිතම වානේ තාක්ෂණය හිමිව තිබූ සිංහලයෝ

    සිංහලයේ තිබූ වානේ උණු කිරීමේ තාක්ෂණය ඉතා දියුණු එකක් වූ අතර, අරාබියේ දැමස්කස් කඩු සදහා අවශ්‍ය වූ වානේ රැගෙන ගියේ ලංකාවෙනි. ලංකාවේ වානේ නිෂ්පාදනය උදෙසා ලොව ප්‍රථම වරට සුළං ශක්තියයොදා ගැනුණු අතර එසේ නිෂ්පාදනය කරන ලද වානේ දමස්කස්යේ කඩු නිෂ්පාදනය සදහා අරාබියට ද අපනයනය කෙරුණි. බ්‍රොන්සන් අල් හසන්ගේ වාර්තා වලට අනුව දමස්ක කඩු සදහා අවශ්‍ය වූ වුට්ස් නම් වානේ ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. එසේම අල් කන්ඩි නම් ලේඛකයා ලියා ඇත්තේ ද යේමන්, ෆාස්, කොරාසන් සහ මනිසුරා යන අරාබි කඩු නිෂ්පාදනය සඳහා සෙරන්ඩිබ් හෙවත් ලංකාවෙන් වානේ ලබාගෙන ඇති බව යි.

    සමනළ වැව ප්‍රදේශයේ ඉතා ඉහල ගණයේ වානේ නිෂ්පාදනය කෙරුණු යකඩ උදුන් සිය ගණනක් හමු වී තිබේ. එම වානේ නිෂ්පාදන උදුන් නිරිත දිග මෝසම් සුළං වලට මුහුණලා නිපදවා ඇති අතර යකඩ පෙරා ගැනීම සිඳුකර ඇත්තේ චූෂණ (suction) ක්‍රියාවලියකින් කි.මි. 70 සුළං පීඩනය හේතුවෙන් උදුන තුළ නිෂ්පාදනය වන තාපය උපකාරයෙනි.

    මීට අමතරව මහාචාර්ය සේනක බන්ඩාරනායකයන්ගේ මග පෙන්වීම මත ආචාර්ය රෝස් සෝලංගආරච්චි මහත්මිය විසින් සිඳුකල ගවේෂණවලදී කිරිඔය නිම්නයේ යකඩ නිෂ්පාදනාගාර සියගණනක් හමු වී තිබේ. ඇය සීගිරියේ කළ පර්යේෂණවලදී සනාථ වූයේ කිරිඔය නිම්නයේ යකඩ තාක්ෂණයට භාවිතා කොට තිබුණේ දුර්ලභ ගණයේ මැග්නයිට් යපස් බව යි.

    නුවරගල කන්ද මුදුනෙන් නැඟි මින්නේරි වැව දක්වා ගලන කිරි ඔය දෙව්රේ මෙම වානේ නිෂ්පාදනාගාර පිහිටා තිබුණි. පිහිටිගල හෙවත් මව් පාෂාණය දක්වා හාරනු ලබන පොළොවෙහි මැටියෙන් සෑදූ උදුන මීටර් දෙකක පමණ උසකින් යුක්ත විය. චිම්නියක හැඩයට සෑදූ මෙම උදුන් ඉහළට යන විට කේතූකාරව කුඩා වි ය. හැම විටම මෙම උදුන් සුළං හමන දිශාවට මුහුණලා කදු බෑවුම් වල නිර්මාණය කර තිබුණි. මෙම උදුන් සඳහා වාතය සපයා ගැනීමට නල අටක් විය. එය බහු වායු නල තාක්ෂණය නම් වේ. ක්‍රි.ව. 2-4 අතර කාලයට අයත් යැයි සැලකිය හැකි මෙම යකඩ නිෂ්පාදනාගාර මහසෙන් රජ සමයට අයත් බව කාබන් කාල නිරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.

    අතීතයේ, යකඩ පමණක් නොව යකඩවල හොදම කොටස් ගෙන නිෂ්පාදනය කරන වානේ තාක්ෂණය ද මෙරට ක්‍රියාත්මක විය. ඉහළ තත්වයේ යකඩ කැබලි ගෙන මැටි හා දහයියා වලින් සැකසූ කෝවවල දමා විශේෂිත දැව වර්ග යොදා උණු කර තිබේ. මේ වානේ තාක්ෂණයට උදාහරණ සීගිරීයෙන් හමුවී ඇත. සර් රොබර්ට් හැඩ්ෆිල්ඩ් සීගිරියෙන් හමුවූ යකඩ හා වානේ නියැදි කිහිපයක් පරීක්ෂා කොට පැවසුවේ Case Hardning යන වානේ ශක්තිමත් කිරිමේ කලාව සීගිරිය ප්‍රදේශයේ සිටි වානේ ශිල්පීන් දැන සිට ඇති බවත් එසේම ජල පිළියම මගින් වානේ ශක්තිමත් කිරිමේ කලාව ලංකාවේ පැවත ඇති බවත් ය. මලියසේන නම් වූ ශ්‍රි ලාංකික පුරා ලෝහ විද්‍යාඥයා කියා තිබුණේ ඔහු දන්නා පරිදි මේ වානේ ශක්තිමත් කිරිමේ කලාවට දිය හැකි පැරණිම දින වකවානු සාක්ෂි ද හමුවන්නේ ලංකාවෙන් බවය.

    08. ලොව මුල්ම ඇස් කණ්නාඩි හා චූඩා මාණික්‍ය නිෂ්පාදනය කළ සිංහලයෝ

    ලොව මුල්ම ඇස් කණ්නාඩි මෙන්ම චූඩා මාණික්‍ය නිෂ්පාදනය කරන ලද්දේ ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ දී ලංකාවේ වන අතර, එම දියතරිප්පු කණ්නාඩි නිපද වූ පරපුරේ අවසන් පුරුක වන ශිල්පියා අද ද එම කර්මාන්තයේ නිරත වේ. උඩුනුවර කහඹේ වෙසෙන සුධාමිණි ගෙදර ගුණසෝම ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ ඇරඹුන දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයේ මෙන්ම මාණික්‍ය නිෂ්පාදනයේ තවමත් යෙදෙන එම පරපුරේ අවසාන පුරුක යි. ඔහු සහ ඔහුගේ කර්මාන්තය පිළිබද ලිපියක් 2011 නොවම්බර් 27 දින රිවිර පුවත්පතේ 33 වන පිටුවේ පල වී තිබුණි. යට දැක්වෙන්නේ වයි. එස්. ටී. බී. වික්‍රමනායක විසින් රචිත එම ලිපියේ උපුටා ගත් කොටස් කිහිපයකි.

    'ගුණසෝම මහතා පවසන පරිදි ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දොසක් සදහා දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කරදී ඇත්තේ ද ගුණසෝම පරපුරේ ආදීතමයෙකි. ඒ රජුගේ ඔටුන්නේ මැණික් වැඩ කළේ ද ගුණසෝම පරපුරේ මුතුන්මිත්තෙකි.

    බුවනෙකබාසිටිවෙනමිණිරජ දවස
    කිරුළකඅගමිණක්සාදාදී විගස
    සිරිලකපවතින්ටඅපපරපුර වෙසෙස
    හසුනකලියාදීසිළුමිණි ගම සතොස

    ගුණසෝම පරම්පරාවේ අය බුවනෙකබා රජුගේ ඔටුන්නේ මැණික් ඔබ්බවා දීමෙන් ලැබු සන්නසේ සදහන් වන්නේ එසේ ය.

    ගුණසෝමට දියතරිප්පු කන්ණාඩියක් හදන්නට දවස් නවයක් දහයක් පමණ ගතවේ. එසේම ඔහු දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි හදන්නේ ද නැත. කන්ණාඩිය අවශ්‍යය තැනැත්තාගේ පෙනිමේ දුර්වලතාව මත කන්ණාඩි නිර්මාණය කරනු ලැබේ. මෙම කන්ණාඩිවල විශේෂත්වය වනුයේ ඇසට ලැබෙන සිසිල යි. එසේම ඔහු කියන්නේ දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බව යි.

    මාස තුනකට වතාවක් රත්නපුර ගොරකාඇල පතල්වලට යන ගුණසෝම දින ගණන් නැවතී සිට කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍ය පළිඟු ගල්, අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ගෝනිවල දමාගෙන පිළිමතලාව කහඹේට ගෙන එයි. ඒ බස් රියෙනි. එසේ ගෙන එන ගල්, වර්ගකර පලා සකස් කර ගන්නේ ගෙදර අයගේ ද සහාය ඇතිව ය. එසේ ගෙනෙන පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා ගන්නා ගුණසෝම මැණික් කට්ටා ගල් කැට කුඩු කර පෙරා ගන්නා අතර භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. අනතුරුව රත්නපුරයෙන් ගෙන එන හීන්වැල්ල එරමුදු ලීයේ තවදුරටත් මැදගනී. ඉන්පසු දිස්නෙ දෙන දියමන්තියක් සේ ඔප වැටෙන පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට පත් කරගන්නා ගුණසෝම නැගි සිට අව්වට අල්ලා එය පිරික්සා බලන්නේ සටනින් ජයගත් සෙන්පතියෙකු මෙනි. එම වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුව ය. ඒ රිදී තිරුවානාවේ ඇල්ලිමෙනි.

    පෘතුගීසී සමයේදී මෙම තාක්ෂණය උගත් ජේසුයිට් නිකායික පාදිලිවරු එම තාක්ෂණය යුරෝපයට ගෙන යන්නට ඇති බවට සැලකේ. අදටත් ඇස්කන්ණාඩි සොයාගත් පුද්ගලයෙකු පිළිබදව සදහනක් නොමැති අතර ඇස්කන්ණාඩි තාක්ෂණය යුරෝපයේ දියුණු වී ඇත්තේ 16 වන සියවසෙන් පසුව ය.'

    'ලෝකයේ මුල්ම ඇස්‌ කණ්‌ණාඩි හැදූ පරම්පරාවේ අන්තිමයා ගුණසෝම' යන නමින් තරංග රත්නවීර විසින් දිවයින පුවත්පතට කළ ලිපියේ චූඩා මාණික්‍යය නිෂ්පාදනය පිළිබඳව ගුණසෝම තම අදහස් දක්වා තිබුනේ පහත ලෙසිනි.

    ''දිය තරිප්පු පරම්පරාව කණ්‌ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට ද සැබෑ දක්ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ දිය තරිප්පු පරම්පාරවය. ලංකාවේ බොහෝමයක්‌ ඓතිහාසික විහාරස්‌ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද දිය තරිප්පු පරපුර බවට සැක නැත.'චූඩා මාණික්‍යයන් හදන්න වෙනම පළිඟු තියෙනවා. ඒ පළිඟු කැටත් කණ්‌ණාඩි හදන්න වගේම මුලින්ම ගා ගන්න ඕනා. ඊට පස්‌සෙ තමයි මට්‌ටම් කරලා හැඩ කරලා පොලිෂ් කරන්නේ. චූඩා මාණික්‍යයන් හදන්න දැන් මිනිස්‌සු හොයන්නේ වතුර වගේ ගල්. ගල් හැදෙන්නේ පොළවේ. ඒ නිසා පළුදු නැති ගල් හොයන්න අමාරුයි. පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යයවලට පැළඳු විට පන්සලට ගමට අපලයි කියලා මතයක්‌ තියෙනවා. මම ඔහුට නැවත පැනයක්‌ යොමු කළෙමි. 'අපේ සීයා ඉන්නකොට පළුදු ගල් විතරක්‌ නෙමෙයි පුපුරපු ගල්වලිනුත් චූඩා මාණික්‍යයන් කපලා තියෙනවා. ඒත් කිසිම අපලයක්‌ නම් පල දුන්නේ නැහැ.

    09. ලොව කිසිඳු රටක දැකිය නොහැකි සඳකඩ පහන නම් අගනා නිර්මාණය කළ සිංහලයෝ

    සිංහල ශිෂ්ටාචාරයේ ඉතුරු වී ඇති ගල් කැටයම් හා ලී කැටයම් වශයෙන් වන ගණනය කළ නොහැකි දස දහස් සංඛ්‍යාත වූ නිර්මාණ අද ද ලොව මවිත කරවන සුළුය. මේ අතරින් කැපීපෙනෙන නිර්මාණයකි, ලොව කිසිඳු රටක දැකිය නොහැකි, සඳකඩ පහන. අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටුවල පියගැට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවාකාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්ව යි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේ දී හා පොලොන්නරු යුගයේ දී ය.

    10. අහසින් ගමන් ගිය, විශ්වය හා ගනුදෙනු කළ සිංහලයෝ

    පුරාතනයේ රාවනා රජ දවස ලංකාවේ පුරාණ විමාන, අහස් යාත්‍රා එනම් දඩුමොණරයන් පවා තිබූ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බැව් රාමායනය ආදී පුරාණ වාර්තාවල කියවේ. එම පුරාණ ශිෂ්ටාචාරය කෙතරම් විශ්මිත දියුණුවක් අත්පත් කරගෙන තිබුණේ ද යත් පිටසක්වල ජීවීන් සමග ද පණිවුඩ හුවමාරු කරගැනීමට සමත් සිත දියුණු කළ සෘෂිවරු මෙහි වූ බැව් කියැවේ. අනුරාධපුර රන්මසු උයනේ “සක්වල චක්‍රය” එනම් විශ්වයේ සිතියමක් යැයි විශ්වාස ‍කෙරෙන විශාල ගල් පුවරුවක කොටා ඇති ගුප්ත කැටයම් සමූහය හා ඒ ඉදිරිපස එරමිණියා ගොතා ගෙන වාඩි සිත සමාධිමත් කිරීමට ඉදිකර ඇති ගල් ආසන සහිත ස්ථානය එසේ පිටසක්වල ජීවීන් සමග ගණුදෙනු කිරීමට යොදාගත් විශ්ව දොරටුවක් (Star Gate) ලෙස ඇතැම්හු මත පලකරති

    continue to 2nd page

     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    189
    63
    ඉන්දියන් චැසියක ගහපු යකඩ තහඩු ගොඩකට අපෙ ගමෙ එකාලා පොර කති ,කොළඹ ඇත්තෙ කින්ඩි කරති

    කොළඹ එකාලා පු* එලියෙ දාගෙන නටති ගමෙ එකාලා කින්ඩි කරති .

    රට වට සිටින විදග්ධයින් රටෙ ගැන කළකිරවති

    එහෙත් ඔබ දන්නෙහිද ?


    අපෙ කොල්ලන් කෙල්ලන් ඉන්දියන් චැසියක යකඩ තහඩු ගොඩ වඳින අතර


    දියුණු ඇමරිකාවෙ උන් නොකා නොබී අයිෆෝන් එක වෙනුවෙන් පොලිම් ගැසෙන බව කූඩාරම් පවා තනාගෙන ?


    දියුණු චීනයෙ අයි ෆෝන් එක වෙනුවෙන් වකුගඩු විකුණන බව ?

    කලාපීය බලවත් ඉන්දියාවෙ ජනගහනයෙන් අඩක් පාරෙ රෙන බව? ?


    ආසියාවෙ අභිමානය වුණු ජපානෙ එකාලා මිනිස් කෙල්ලෙකුට වඩා ඩිජිටල් කතකට පෙම් බඳින්න පුරුදු වී ඇති වග ?
    එම ජපානයෙම පීනස් ෆෙස්ටිවල් නමැති උස්තවයක් හරහා පයියවල් වන්දනා කරන බව?
    ඇතමුන් පයියවල් හැඩැති අයිස් ක්‍රීම්ද විවිද පලඳනාද සාදා විකුණති



    කොයි රටෙත් ඔය වගෙ පිස්සො ඉන්නවා එක එක ජාතියෙ

     
    • Like
    Reactions: Pessimist

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    534
    113
    ඉන්දියන් චැසියක ගහපු යකඩ තහඩු ගොඩකට අපෙ ගමෙ එකාලා පොර කති ,කොළඹ ඇත්තෙ කින්ඩි කරති

    කොළඹ එකාලා පු* එලියෙ දාගෙන නටති ගමෙ එකාලා කින්ඩි කරති .

    රට වට සිටින විදග්ධයින් රටෙ ගැන කළකිරවති

    එහෙත් ඔබ දන්නෙහිද ?


    අපෙ කොල්ලන් කෙල්ලන් ඉන්දියන් චැසියක යකඩ තහඩු ගොඩ වඳින අතර


    දියුණු ඇමරිකාවෙ උන් නොකා නොබී අයිෆෝන් එක වෙනුවෙන් පොලිම් ගැසෙන බව කූඩාරම් පවා තනාගෙන ?


    දියුණු චීනයෙ අයි ෆෝන් එක වෙනුවෙන් වකුගඩු විකුණන බව ?

    කලාපීය බලවත් ඉන්දියාවෙ ජනගහනයෙන් අඩක් පාරෙ රෙන බව? ?


    ආසියාවෙ අභිමානය වුණු ජපානෙ එකාලා මිනිස් කෙල්ලෙකුට වඩා ඩිජිටල් කතකට පෙම් බඳින්න පුරුදු වී ඇති වග ?
    එම ජපානයෙම පීනස් ෆෙස්ටිවල් නමැති උස්තවයක් හරහා පයියවල් වන්දනා කරන බව?
    ඇතමුන් පයියවල් හැඩැති අයිස් ක්‍රීම්ද විවිද පලඳනාද සාදා විකුණති



    කොයි රටෙත් ඔය වගෙ පිස්සො ඉන්නවා එක එක ජාතියෙ


    පට්‍ට කතාව
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,828
    4,576
    113
    ඉන්දියන් චැසියක ගහපු යකඩ තහඩු ගොඩකට අපෙ ගමෙ එකාලා පොර කති ,කොළඹ ඇත්තෙ කින්ඩි කරති

    කොළඹ එකාලා පු* එලියෙ දාගෙන නටති ගමෙ එකාලා කින්ඩි කරති .

    රට වට සිටින විදග්ධයින් රටෙ ගැන කළකිරවති

    එහෙත් ඔබ දන්නෙහිද ?


    අපෙ කොල්ලන් කෙල්ලන් ඉන්දියන් චැසියක යකඩ තහඩු ගොඩ වඳින අතර


    දියුණු ඇමරිකාවෙ උන් නොකා නොබී අයිෆෝන් එක වෙනුවෙන් පොලිම් ගැසෙන බව කූඩාරම් පවා තනාගෙන ?


    දියුණු චීනයෙ අයි ෆෝන් එක වෙනුවෙන් වකුගඩු විකුණන බව ?

    කලාපීය බලවත් ඉන්දියාවෙ ජනගහනයෙන් අඩක් පාරෙ රෙන බව? ?


    ආසියාවෙ අභිමානය වුණු ජපානෙ එකාලා මිනිස් කෙල්ලෙකුට වඩා ඩිජිටල් කතකට පෙම් බඳින්න පුරුදු වී ඇති වග ?
    එම ජපානයෙම පීනස් ෆෙස්ටිවල් නමැති උස්තවයක් හරහා පයියවල් වන්දනා කරන බව?
    ඇතමුන් පයියවල් හැඩැති අයිස් ක්‍රීම්ද විවිද පලඳනාද සාදා විකුණති



    කොයි රටෙත් ඔය වගෙ පිස්සො ඉන්නවා එක එක ජාතියෙ


    මේ දාලා තියෙන එකේ හරය ඔය කියන එක නෙවෙයි සහෝදරයා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    1,784
    3,199
    113
    මෙහෙමයි,

    1. වර්තමානෙ දැරණියගල, රාජ් සෝමදේව එළිකරපු විද්‍යාත්මක ඉතිහාසය හොයන්න පෙළඹීමක් උනන්දුවක් තියෙනවා. අන්න ඒක පාසැල් පෙල පොතේ ඉඳන් සමාජගත කරන්න ඕනෙ. අද ඉතිහාසය කියලා උගන්නන නීරස රාජ නාමවලිය කටපාඩම් කිරීමට වඩා ලේ වලට වදින විදියට කරන්න ඕන.

    2. මොකක්හරි ලබ්බක් වෙච්චි ගමන් 2,500 ඉතිහාසෙයි, මේක මේ ලංකාවෙ විතරයි වුනේ, ලංකාව තරම් චාටර් රටක් නැතෙයි යන ගොබ්බ කතා වලට පිළිතුරු දෙන්න ඕනි. අනෙක් රටවල් වල ලංකාවට වඩා පිස්සු හුටං ලා ඉන්නෙ කියලා මේ සැබෑ ලිංමැඩියන්ට ප්‍රතිඋත්තර දෙන්න ඕනි වගේම ලංකාව යනු අසමත් රාජ්‍යයක් ය යන හැඟීම හිත් වලින් අයින් වෙන විදියට වැඩ කරන්න ඕනි.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    712
    113
    Ambepussa
    මෙහෙමයි,

    1. වර්තමානෙ දැරණියගල, රාජ් සෝමදේව එළිකරපු විද්‍යාත්මක ඉතිහාසය හොයන්න පෙළඹීමක් උනන්දුවක් තියෙනවා. අන්න ඒක පාසැල් පෙල පොතේ ඉඳන් සමාජගත කරන්න ඕනෙ. අද ඉතිහාසය කියලා උගන්නන නීරස රාජ නාමවලිය කටපාඩම් කිරීමට වඩා ලේ වලට වදින විදියට කරන්න ඕන.

    2. මොකක්හරි ලබ්බක් වෙච්චි ගමන් 2,500 ඉතිහාසෙයි, මේක මේ ලංකාවෙ විතරයි වුනේ, ලංකාව තරම් චාටර් රටක් නැතෙයි යන ගොබ්බ කතා වලට පිළිතුරු දෙන්න ඕනි. අනෙක් රටවල් වල ලංකාවට වඩා පිස්සු හුටං ලා ඉන්නෙ කියලා මේ සැබෑ ලිංමැඩියන්ට ප්‍රතිඋත්තර දෙන්න ඕනි වගේම ලංකාව යනු අසමත් රාජ්‍යයක් ය යන හැඟීම හිත් වලින් අයින් වෙන විදියට වැඩ කරන්න ඕනි.

    2500 සෙට් එකනම් මට පේන්න බෑ. බල්ලෙක් චූ කලත් උන්ට මතක් වෙන්නෙ 2500
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,545
    113
    🌎
    ඉන්දියන් චැසියක ගහපු යකඩ තහඩු ගොඩකට අපෙ ගමෙ එකාලා පොර කති ,කොළඹ ඇත්තෙ කින්ඩි කරති

    කොළඹ එකාලා පු* එලියෙ දාගෙන නටති ගමෙ එකාලා කින්ඩි කරති .

    රට වට සිටින විදග්ධයින් රටෙ ගැන කළකිරවති

    එහෙත් ඔබ දන්නෙහිද ?


    අපෙ කොල්ලන් කෙල්ලන් ඉන්දියන් චැසියක යකඩ තහඩු ගොඩ වඳින අතර


    දියුණු ඇමරිකාවෙ උන් නොකා නොබී අයිෆෝන් එක වෙනුවෙන් පොලිම් ගැසෙන බව කූඩාරම් පවා තනාගෙන ?


    දියුණු චීනයෙ අයි ෆෝන් එක වෙනුවෙන් වකුගඩු විකුණන බව ?

    කලාපීය බලවත් ඉන්දියාවෙ ජනගහනයෙන් අඩක් පාරෙ රෙන බව? ?


    ආසියාවෙ අභිමානය වුණු ජපානෙ එකාලා මිනිස් කෙල්ලෙකුට වඩා ඩිජිටල් කතකට පෙම් බඳින්න පුරුදු වී ඇති වග ?
    එම ජපානයෙම පීනස් ෆෙස්ටිවල් නමැති උස්තවයක් හරහා පයියවල් වන්දනා කරන බව?
    ඇතමුන් පයියවල් හැඩැති අයිස් ක්‍රීම්ද විවිද පලඳනාද සාදා විකුණති



    කොයි රටෙත් ඔය වගෙ පිස්සො ඉන්නවා එක එක ජාතියෙ


    film tv series වල ඒව පෙන්නෑනෙ බං ඒකයි අවුල :sorry:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    189
    63
    film tv series වල ඒව පෙන්නෑනෙ බං ඒකයි අවුල :sorry:





    දම් රැජිණ ගැන මට වෙනම විවෙචනයක් තියෙනවා.

    එත් මුන් කරන්නෙ සමස්ථ රටට -ජාතියට මෙ කාරණාව අල්ලගෙන පහර දෙන එක.
    කොයි රටෙත් ඔය වගෙ පිස්සො ඉන්නවා කියලා හිතන්නෙ නැහැ.



    උඹ කිව්වා වගෙ ෆිල්ම් වලයි ටී වී සීරියස් වලයි ඔළුව හිරකරගෙන ඉන්නෙ.
    එතනින් එහාට දකින්න හිතන්නෙ නැහැ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    189
    63
    මෙහෙමයි,

    1. වර්තමානෙ දැරණියගල, රාජ් සෝමදේව එළිකරපු විද්‍යාත්මක ඉතිහාසය හොයන්න පෙළඹීමක් උනන්දුවක් තියෙනවා. අන්න ඒක පාසැල් පෙල පොතේ ඉඳන් සමාජගත කරන්න ඕනෙ. අද ඉතිහාසය කියලා උගන්නන නීරස රාජ නාමවලිය කටපාඩම් කිරීමට වඩා ලේ වලට වදින විදියට කරන්න ඕන.

    2. මොකක්හරි ලබ්බක් වෙච්චි ගමන් 2,500 ඉතිහාසෙයි, මේක මේ ලංකාවෙ විතරයි වුනේ, ලංකාව තරම් චාටර් රටක් නැතෙයි යන ගොබ්බ කතා වලට පිළිතුරු දෙන්න ඕනි. අනෙක් රටවල් වල ලංකාවට වඩා පිස්සු හුටං ලා ඉන්නෙ කියලා මේ සැබෑ ලිංමැඩියන්ට ප්‍රතිඋත්තර දෙන්න ඕනි වගේම ලංකාව යනු අසමත් රාජ්‍යයක් ය යන හැඟීම හිත් වලින් අයින් වෙන විදියට වැඩ කරන්න ඕනි.


    ඔනිම රටකට ජාතියකට ඉතිහාසයක් තියෙනවා.
    ඒ ගොඩාක් ඉතිහාසයන් වල අවුල තමා රජවරුන්ගෙ පම්පොරිය සහ විරක්‍රියා තියෙනවා එත් ඒ කාලෙ ජීවත් වෙච්ච සාමාන්‍ය වැඩියා ගැන සඳහන් වෙලා තියෙනවා අඩුයි.
    අපෙ උනත් එහෙම තමා.
    අපි ඉතිහාසයෙ සඳහන් නොවු පැත්ත ගැනත් කතා කරන්න ඔනි.
    අපෙ රටෙ අතීත වැඩියාගෙ ජීවන රටාව කෙසෙද ? වෙච්ච අසාධාරණ කම් වලට නැඟි හිටියෙ කෙසෙද ?
    සමාජ විපර්‍යාස වෙද්දි එව්වාට උර දුන්නෙ කොයි වගෙ අයද ?
    වගෙ දෙවල් ගැන තව හොයලා කතා කරන්න ඔනි.

    ඔය ඒ කාලෙ හාමුදුරුවරු ලිව්ව පුස්කොල පොත් වලයි, සෙල්ලිපි වලයි ඔව්වා නැහැ. මොකද එව්වා ලියන්නෙ රජාගෙ උවමනාවට නෙ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,828
    4,576
    113
    මේක බාගෙට බලලා කමෙන්ට් දාන්න එපා විශේෂයෙන් රාජ් සොමදෙවගේ video ටිකවත් ඉවර වෙනකන් බලන්න data වැය උනාට පාඩු නැහැ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,828
    4,576
    113
    11. අකුණු තාක්‍ෂණය ලොවට හඳුන්වාදුන් සිංහලයෝ

    අකුණු සරයට අප බිය වන්නෙමු. අකුණු අධික වැසි කාලයේදී රූපවාහිනිය,රේඩියෝව, ඇතුළු විදුලි උපකරණ ක්‍රියා විරහිත කරන්නටත් ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටින්නටත් පියවර ගත යුතුය. එමෙන්ම තැනිතලා බිම්වල සිටීමද අනතුරුදායකය.

    ලෝකයේ බොහෝ රටවලට අකුණු තර්ජන පවතින බව සැබෑවකි. විද්‍යාව කොතරම් දියුණු වුවත් ස්වාභාවධර්මයේ තවත් එක දරුණු ක්‍රියාවක් වන අකුණු සරය මුළුමණින් නවතාලන්නට තවමත් අපට නොහැකිය. කෙසේ වෙතත් අකුණුවලින් සිදුවන විපත් හා එයින් ආරක්ෂා වීම ගැන කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. යුරෝපයේ ශිෂ්ටාචාරය දියුණුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැළවෙන්නට කළ යුතු දෑ පිළිබඳ දැන සිටි බව මේ වන විට තහවුරු වී තිබේ.

    ශ්‍රී ලංකාවේ අකුණු සන්නායක භාවිතය පිළිබඳ මුලින්ම තොරතුරු ලැබෙන්නේ අවුරුදු 1500 කටත් වඩා ඈත අතීතයෙනි. පුරාණ දාගැබ්වල සවිකරන ලද චූඩාමානික්‍ය අකුණු සැරයෙන් දාගැබත්,අවට ප්‍රදේශයත් ආරක්ෂාද කළ බව මේ වන විට ලෝකයම පිළිගනී.

    අකුණු සාරයෙන් ආරාක්ෂා වීමේ ක්‍රමවේදයක් මුලින්ම බිහි වූයේ ශ්‍රී ලංකාවේ බව ලෝකයාට ඒත්තු ගැන්වීම හිතන තරම් පහසු කටයුත්තක් නොවීය. මේ සඳහා මහාචාර්ය චන්දිම ගෝමස් ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට අවුරුදු දහයක් තිස්සේ පර්යේෂණ කරන්නට සිදු වී ඇත.

    කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලාංකීය මහාචාර්ය චන්දිම ගෝමස් වුවත් පර්යේෂණය සිදු කෙරුණේ මැලේසියාවේ පුත්‍රා විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙනි.

    මහාවංශයට අනුව අනුරාධපුර රාජධානියේ දාගැබ්වලට අකුණු සරයෙන් ආරක්ෂාව සැලසීම පිණිස චූඩා මාණික්‍යය සවිකිරීම සිදු කෙරිණි. රුවන්මැලි සෑයේ ආරක්ෂාව පිණිස පළමුවැනි සංඝතිස්ස රජු (ක්‍රි.ව. 243-247) වජ්‍ර චුම්බට නම් උපකරණයක් සවිකළ බව මහාවංශයෙහි සඳහන් වෙයි. වජ්‍ර චුම්බට යන්නෙහි තේරුම අකුණු චුම්බකය යන්නය. නැතහොත් අකුණු ආකර්ෂණය කරන උපකරණය යන්නය. ඉන්පසු ක්‍රි.ව. 437 - 455 සමයෙහි රජ කළ ධාතුසේන රජතුමා නැවතත් වජ්‍ර චුම්භව උපකරණයක් රුවන්වැලි සෑයට සවිකළ බව සඳහන්ය. එසේම ජේතවනාරාමය හා අභයගිරියටත්, ධාතුසේන රජතුමා විසින් වජ්‍ර චුම්බව සවිකරන ලදී. ඉන්පසු ක්‍රි.ව. 561-564 දී රජ පැමිණි මහානාග රජතුමාද ප්‍රධාන ස්ථූප තුනටම වජ්‍ර චුම්බට උපකරණ සවි කළේ ය.

    මෙම කරුණ මහා වංශය තුළින් මුලින්ම අනාවරණය කරගනු ලැබුවේ ජර්මන් ජාතික පාචීන විශේෂඥයකු වූ විල්හෙම් ලුඩ්වින් යායිගර් විසිනි. ඉන් පසුව වාස්තු විද්‍යාඥ එක්. අමේන්ද්‍ර විසින්ද ස්තූපවල අකුණු ආරක්‍ෂණ පද්ධතියේ සැකැස්ම පිළිබඳව සැලකිය යුතු සොයා ගැනීම් රැසක් සිදූ කළේ ය. කෙසේ නමුත් අකුණු ආරක්‍ෂණ ඉංජිනේරුකරණය පිළිබඳ වූ ප්‍රාමාණිකයන්ගේ හිඟකම හේතුවෙන් ස්ථූපවල ආරක්ෂාව සැලසුණු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් නිසි අයුරින් තවමත් සිදු වී නැත.

    ශ්‍රී ලාංකික චන්දිම ගෝමස්, අෂේන් ගෝමස්, මලේසියානු සයිනර් කදිර් සහ ඉරාන ජාතික බේයි ඉසාදි යන මලයාසියානු පුත්‍ර විශ්ව විද්යාලීය කණ්ඩායම ස්තූපයක මෙකී අකුණු ආරක්ෂ ක්‍රියාවලිය ගැන සිද්ධාන්තමය හා පර්යේෂණික අධ්‍යයනයක යෙදුනි. ඒ අනුව ඔවුන් උත්සාහ කරන්නේ චූඩාමාණික්‍ය රැඳවූ ලෝහ කරඬුවේ අක්ෂය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟෙන සමමිතික හැඩය අකුණු පොළොව වෙත ගෙන යාමේ ආරක්ෂාකාරී මාර්ගයක් තැනීමට ඉවහල් වී ඇති බවයි.

    මහාචාර්ය ගෝමස් පවසන්නේ, අප මෙම අධ්‍යයනය තුළින් පෙන්වා දුන්නා අක්ෂය පදනම් කර ගනිමින් හුණු බදාමයෙන් ගොඩනැගූ සමමිතික ආකෘතියේ පවතින පුළුල් මතුපිට හරහා අකුණක පවතින විදුලිය තුනී ලෙස බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව. මෙය විශේෂ එතිහාසික පර්යේෂණයක් පමණක් නෙවෙයි. අපි දැනට මේ වසර දෙදහසකට වඩා පැරණි තාක්ෂණය යොදා ගනිමින් වර්තමාන ලෝකයේ අකුණු ආරක්‍ෂණ උපකරණ වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටිනවා. එය අද පවතින විධික්‍රමයන්ට වඩා හාත්පසින්ම වෙනස් වුවත් වැඩි එලදායීතාවක් සහ අඩු වියදමක් සහිත ක්‍රමයක්."

    පසුගිය ඔක්තෝබරයේ චීනයේ ෂැන්හයි පැවති අන්තර්ජාතික සම්මේලනයකදී ප්‍රකාශයට පත් කළ මෙම වාර්තාව IEEE සහ Scopus තොරතුරු පද්ධති තුළටද ඇතුළත් කරන ලදී.

    මහාචාර්ය ගෝමස් පවසන පරිදි ලොව ඉහළ පෙළේ අකුණු ආරක්‍ෂණ ක්‍ෂේත්‍ර පුරෝගාමීන් සහභාගිවන එම වැඩසටහන වෙත සිය වාර්තාව ගෙන යාම තරමක් දුෂ්කර කර්තව්‍යයක් වී ඇතත් ඔවුන් සිය සොයා ගැනීම පිළිබඳ තාක්ෂණික මෙන්ම සමාජයීය හා වාස්තු විද්‍යාත්මක කරුණු ඇතුළත් වාර්තා දෙකක් එහිදී එළිදැක්වීමට සමත් වී ඇත.

    "අපි දැනට ඉතා ඉහළ වෝල්ටීයතාවකින් යුක්ත විද්‍යාගාරයක් තුළ රුවන්මැලි මහා සෑයේ ආකෘතියක් යොදා ගනිමින් අකුණු ආරක්‍ෂණ ක්‍රියාවලිය පිළිබඳව නවතම සොයා බැලීම් සිදු කරනවා. ඉතාමත් ඉක්මනින් ඒ පිළිබඳ හෙළි කිරීමට හැකිවනු ඇති." මහාචාර්ය චන්දිම ගෝමස් සිය කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ අපේක්ෂාවෙන් එලෙස පවසයි.

    බටහිර විද්‍යාව තුළ අකුණු සරයෙන් ආරාක්ෂා වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින්නේ සීමිත ඉතිහාසයකි. ඇමෙරිකානු ඉතිහාසය තුළ අකුණුසරයෙන් ආරක්ෂා වීම ඈ සඳහන් වන්නේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් යුගයේ පටන්ය. එනම් වර්ෂ 1752 දීය. නිරීක්ෂණ හා අත්හදා බැලීම් මත පදනම් වූ ආරක්‍ෂණ ක්‍රමවේදයකි ඒ තුළ ගැබ් වූයේ.

    බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් උත්සහ කළේ උස් තියුණු තුඩක් වැනි ස්ථානයක් සකසා එමගින් වලාකුළක ඇති ආරෝපණ ආකර්ෂණය කිරීමටය. එමගින් අකුණු වැඩීම වළක්වන්නට හෙතෙම උත්සාහ ගත්තේ ය. ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානයේ සිට අඩි හයක්, හතක පමණ අහසට නැඟුණු යකඩ කූරක් පිහිටුවා එහි අනෙක් කෙළවර තෙත් බිමක අඩි තුන හතරක් යටට බැස්සවීම මගින් අකුණු සන්නායකයක් සකස් කර ගත හැකි බව ඔහු වටහා ගත්තේ ය.

    මෙහිදී ගොඩනැගිල්ල දිගින් වැඩි නම් එහි මුදුන් කිහිපයකම අකුණු සන්නායක සවි කිරීම අවශ්‍ය වේ. අතීතයේ දාගැබක චූඩා මානික්‍යයක කාර්යය ද මෙයට බෙහෙවින් සමාන ය.

    ශ්‍රී ලංකාවේදී දක්නට ලැබෙන දාගැබ් ධාථූන් වහන්සේ ආරක්ෂාකර ගැනීම සඳහා කරන ලද නිර්මාණයකි. එසේම ඊජිප්තුවේ දී හමුවන පිරමීඩද මමියක් හෙවත් මළ සිරුරක් ආරක්ෂා කරන්නකි. පිරමීඩයේ හැඩය දාගැබට වඩා වෙනස් වුවද දාගැබත්, පිරමීඩයත් යන ආකෘති දෙකම එකම වෘත්තයක පිහිටුවීමට හැකියි. පිරමීඩ සම්බන්ධයෙන් කරන ලද මෑත කාලීන පර්යේෂණවලදී ඒවායෙහි ඒවායෙහි අභ්‍යන්තර කුටීර ව්ද්‍යුතය හා චුම්බක ශක්තීන් නිපදවීමට යොදා ගන්නට ඇතැයි මතයක් පළ වී තිබේ. ඇතැම් විට දාගැබ තුළ ද එවැනි ශක්තියක් නිපදවීමේ හෝ ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබුණා විය හැකිය. ඒ පිළිබඳව වැඩිපුර පරීක්ෂණ කළ යුතුව තිබේ
     
    • Like
    Reactions: terminator.101

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    701
    62
    63
    සිංහල රට
    මෙහෙමයි,

    1. වර්තමානෙ දැරණියගල, රාජ් සෝමදේව එළිකරපු විද්‍යාත්මක ඉතිහාසය හොයන්න පෙළඹීමක් උනන්දුවක් තියෙනවා. අන්න ඒක පාසැල් පෙල පොතේ ඉඳන් සමාජගත කරන්න ඕනෙ. අද ඉතිහාසය කියලා උගන්නන නීරස රාජ නාමවලිය කටපාඩම් කිරීමට වඩා ලේ වලට වදින විදියට කරන්න ඕන.

    2. මොකක්හරි ලබ්බක් වෙච්චි ගමන් 2,500 ඉතිහාසෙයි, මේක මේ ලංකාවෙ විතරයි වුනේ, ලංකාව තරම් චාටර් රටක් නැතෙයි යන ගොබ්බ කතා වලට පිළිතුරු දෙන්න ඕනි. අනෙක් රටවල් වල ලංකාවට වඩා පිස්සු හුටං ලා ඉන්නෙ කියලා මේ සැබෑ ලිංමැඩියන්ට ප්‍රතිඋත්තර දෙන්න ඕනි වගේම ලංකාව යනු අසමත් රාජ්‍යයක් ය යන හැඟීම හිත් වලින් අයින් වෙන විදියට වැඩ කරන්න ඕනි.

    සහතික ඇත්ත :dull:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,828
    4,576
    113
    12718371_10208958599706649_4797347054660613645_n.jpg


    අදාල ලිපිය මතු දැක්වේ....
    රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engine)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි.
    එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.
    ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.
    දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
    "මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කා‍ලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ.
    මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවු‍ලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි."
    මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.
    රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.
    එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.
    ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
    එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.
    නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
    මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.
    අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ‍ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.
    ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.
    බන්දුල ධර්මතිලක —
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,689
    113
    කැමති තැනක
    02. ලොව මුල්ම මහල් ගොඩනැඟිල්ල වන ලෝවාමහාපාය ඉදි කළ සිංහලයෝ


    ලොව පළමු මහල් ගොඩනැඟිලි ඉදිවූයේ දුටුගැමුණු රජ සමයේදී (ක්‍රි.පූ. 161-137) සිංහලයන් අතිනි. රෝමයේ කොලෝසියම ගොඩනැගිම ඇරඹෙන්නේ ක්‍රි. ව. 70 දී ය. භික්ෂුන්ගේ වාසස්ථානයක් වූ ලෝවාමහාපාය මහල් නවයකින් යුක්තව ඉදි කෙරුනු අතර එහි වහලයට තඹ තහඩු යොදා තිබුණු බැවු කියවේ. ලෝවාමහාපායේ එක් පසෙක දිග අඩි 400ක් විය. 40 බැගින් වූ ගල් කණු පේළි 40ක් එනම් ලොවාමහපායේ පහළම තට්ටුවේ ගල්කණු 1600 ක් තවමත් ඉතිරිව තිබේ.


    mekanam patta boruwak yako.:rofl::rofl::rofl: meta kalin kochara mahal goda nagili hadala thiyanawada rome ganakatha karanna kalin ita wada aurudu 3000-12000 wage parana civilization kochara thibila thiyanawada loke paranama mahal goda nagili thibbe egyptian civilization eke itath kalin thiyenne puluwan kiyala dan kiyanne.


    apith kamathi lankawe ithihase hamoma igana ganawata aluth soya gaim eli dakwanwata eth mehema boru dala minsiu nomaga yawanna epa eken wenne ape ihithasema baldu wenaeka.