පුරාවස්තුව විකිණීම පිටුපස ජනපති ලේකම්වරයෙක්

ජපන් ජාතිකයකුට රුපියල් කෝටි තිස් පහක මුදලකට අලෙවි කිරීමට යාමේදී පොලිස් භාරයට ගැනුණු වසර අටසියයක් පමණ ඉපැරණ මැණික් ගල් ඔබ්බවන ලද පෞරාණික පුන්කලස කාලයක් පුරා සඟවා තිබි ඇත්තේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ධම්මික ප්‍රේමලාල් රයිගම නැමැත්තාගේ නිවසේ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවස පිහිටා ඇත්තේ කඩුවෙල කොතලාවලය. ජපන් ජාතිකයාට අලෙවි කිරීමට පුරාවස්තුව රැගෙන ගොස් ඇත්තේද එම නිවසේ සිට බව හෙළි වී ඇත.
යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකු හා ව්‍යාපාරිකයකු එක්ව මෙම පුරාවස්තුව ජපන් ජාතිකයාට විකිණීමට සූදානම් වූ මොහොතේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස විසින් පසුගිය 14 දා වත්තලදී මේ ඉපැරණි පුරාවස්තුව ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් දීර්ඝ ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් ප්‍රශ්න කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම ප්‍රශ්න කිරීම්වලදී සම්බන්ධීකරණ ලේකම්වරයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.
මැණික් පතල් ව්‍යාපාරයකට සම්බන්ධ එම සම්බන්ධීකරණ ලේකම්වරයා ඔහුට අයත් මැණික් පතල් සම්බන්ධයෙන් ජ්‍යොතිෂ්‍ය කටයුතු කරගෙන ඇත්තේ දකුණේ කට්ටඩියකුගෙනි. හමුදාවේ විශ්‍රාමික මේජර්වරයකු මගින් එම කට්ටඩියාව ඔහු හඳුනාගෙන තිබේ.
එම පුද්ගලයා රුපියල් කෝටි 1 1/2ක් පමණ වූ මුදලක් සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ජ්යොතිශ්ය කටයුතු සඳහා ලබාගෙන ඇති බව සඳහන්ය.
සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවසට නිතර ආගිය පුද්ගලයෙක් වන කට්ටඩියා පවසා ඇත්තේ රාවනා බලය ඇති පුරාවස්තුවක් තමා ළඟ තිබෙන බවය. කළු ගලින් නිර්මාණය කර ඇති එහි කුහරයේ රාවනා තෛලය ඇති බවත් එය බල සම්පන්න බවත් සම්බන්ධීකරණ ලේකම්වරයාට ඔහු පවසා ඇත.
එම පුරාවස්තුව ගොඩගත්තේ යැයි කට්ටඩියා සඳහන් කර ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ රන්මුදු ඔයෙනි. එම ඔයේ රන් සෙම්බුවක් ඇති බවත් එම රන් සෙම්බුව ඇති ස්ථානයේ ඇති ගල්තලාව යට නිධානය ඇති බවත් ජනප්රවාදයේ සඳහන්ය.
සම්බන්ධීකරණ ලේකම්වරයාට කට්ටඩියා පවසා ඇත්තේ එම පුරාවස්තුව අදාළ ගල දෙපලු කර ලබාගත් පුරාවස්තුව බවය.
මේ වන විට කට්ටඩියත් ඔහු සමග එක්ව එම පුරාවස්තුව ගොඩගත් බව සඳහන් විශ්‍රාමික මේජර්වරයාත් සැඟවී සිටින බැවින් ඔවුන් කොටුකර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
(මුලාශය -ලක්බිම )
රජ ගේම් දෙන්නෙ මහ එවුන් තමයි. කුඩු කන්ටේනර් පිටින් ගෙන්නුවෙ අගමැතිගෙ ලේකම්. නිධන් වලට ගේම දෙන්නෙ ජනාධිපතිගෙ ලේකම් කෙනෙක්. මේවා කාට කියන්නද? තව ටික දවසකින් අපිට මේවා අමතක වෙනවා. ඒ අපෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටිනෙ. ආයෙ චන්දයක් ආව ගමන් උඩ පැනලා බල්ටියක් එහෙම ගහලා ආයෙම කතිරෙ ගහමු. ඇයි යුද්දෙ ඉවර කරානෙ..

Last edited: