පුලුවන් කට්ටිය කියන්න බලන්න
Tik Tok Tik Tok Tik Tok Tik Tok Tik Tok
ඔබ එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ අවදිවෙයි. ඔබ ඉන්නේ එක්තරා කොන්ක්‍රීට් කාමරයක් තුලය. මේ කාමරයට ඔබ කෙසේ පැමිණියේදැයි ඔබට මතක නැත. ඔබ සතුව ඇත්තේ ඔබ ඇඳන් සිටි අඳුම පමණි.
කාමරය එක හා සමාන දොරවල් දෙකකින් යුක්තය. එම දොරවල් දෙක ඇරුනුකොට කාමරයෙන් පිටවීමට වෙනත් කිසිම මාර්ගයක් දක්නට නැත.
තවද කාමරයෙහි එක හා සමාන පෙනුම ඇති, එක හා සමාන අඳුමින් සැරසුනු පුද්ගලයින් දෙදෙනෙකු සිටිති. ඔවුන් සමග කතා කිරීමට තැත් කළද එය සාර්ථක වූයේ නැත.
ඔබ තවත් කාමරය පරීක්ෂා කිරීමේදී ඔබට බිත්ති ඔරලෝසුවක් සහ "අවවාදයයි" ලෙස නම් කෙරුණු පුවරුවක් දක්නට වූයේය.
"අවවාදයයි!
1.
කාමරයෙන් පිටවීමට හැක්කේ එක් දොරකින් පමණි. අනෙක් දොර විවෘත කළ සැනින් ක්ෂනික මරණය අත්කරදෙයි.
කාමරයෙන් පිටවීමට හැක්කේ එක් දොරකින් පමණි. අනෙක් දොර විවෘත කළ සැනින් ක්ෂනික මරණය අත්කරදෙයි.
2.
ඔබ සමග කාමරයෙහි සිටින අනෙක් පුද්ගලයින් දෙදෙනා අමරණීය නිඹූල් සහෝදරයන් වන අතර ඔවුන් කිසිඳු අයුරකින් මරණයට පත්කල නොහැක. තවද, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍යය පමණක් වන අතර අනෙකා අසත්‍යය පමණක් ප්‍රකාශකරයි. ඔබ මෙම පුවරුව කියවනු දැකීමෙන් පසු පමණක් ඔවුන් ඔබ සමග කතාකරනු ඇත.

සැළකිය යුතුයි
ඔබට එක් සහෝදරයකුගෙන් ඇසිය හැක්කේ එක් ප්‍රශ්නයක් පමණි. එක්වරක් කතාකිරීමෙන් පසු ඔවුන් නැවත ඔබ සමග කතා නොකරනු ඇත.
ඔබට එක් සහෝදරයකුගෙන් ඇසිය හැක්කේ එක් ප්‍රශ්නයක් පමණි. එක්වරක් කතාකිරීමෙන් පසු ඔවුන් නැවත ඔබ සමග කතා නොකරනු ඇත.
3.
ඔබට මෙම කාමරයෙහි සිටියහැක්කේ එක් පැයක් පමණි. හරියටම පැයකට පසුව අමරණීය පුද්ගලයින් දෙදෙනා ඔබව මරාදමනු ඇත. ඔබගේ පැයක කාලය ආරම්භ වූයේ පස්වරු 3.00 ය.
ඔබට මෙම කාමරයෙහි සිටියහැක්කේ එක් පැයක් පමණි. හරියටම පැයකට පසුව අමරණීය පුද්ගලයින් දෙදෙනා ඔබව මරාදමනු ඇත. ඔබගේ පැයක කාලය ආරම්භ වූයේ පස්වරු 3.00 ය.
ස්තූතියි."
මෙය කියවූ විගස වේලාව බැලූ ඔබට දක්නට ලැබුනේ, දැන් වේලාව පස්වරු 3.30 බවත්, තම ජීවිතය බේරාගැනීමට ඇත්තේ තව විනාඩි 30ක් බවත්ය.
ඔබ නිවැරදි දොර තෝරාගන්නේ කෙසේද?
Tik Tok Tik Tok Tik Tok Tik Tok Tik Tok