පුලුවන් කට්ටිය කියන්න බලන්න

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    පුලුවන් කට්ටිය කියන්න බලන්න

    ඔබ එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ අවදිවෙයි. ඔබ ඉන්නේ එක්තරා කොන්ක්‍රීට් කාමරයක් තුලය. මේ කාමරයට ඔබ කෙසේ පැමිණියේදැයි ඔබට මතක නැත. ඔබ සතුව ඇත්තේ ඔබ ඇඳන් සිටි අඳුම පමණි.

    කාමරය එක හා සමාන දොරවල් දෙකකින් යුක්තය. එම දොරවල් දෙක ඇරුනුකොට කාමරයෙන් පිටවීමට වෙනත් කිසිම මාර්ගයක් දක්නට නැත.

    තවද කාමරයෙහි එක හා සමාන පෙනුම ඇති, එක හා සමාන අඳුමින් සැරසුනු පුද්ගලයින් දෙදෙනෙකු සිටිති. ඔවුන් සමග කතා කිරීමට තැත් කළද එය සාර්ථක වූයේ නැත.

    ඔබ තවත් කාමරය පරීක්ෂා කිරීමේදී ඔබට බිත්ති ඔරලෝසුවක් සහ "අවවාදයයි" ලෙස නම් කෙරුණු පුවරුවක් දක්නට වූයේය.

    "අවවාදයයි!

    1.
    කාමරයෙන් පිටවීමට හැක්කේ එක් දොරකින් පමණි. අනෙක් දොර විවෘත කළ සැනින් ක්ෂනික මරණය අත්කරදෙයි.

    2.
    ඔබ සමග කාමරයෙහි සිටින අනෙක් පුද්ගලයින් දෙදෙනා අමරණීය නිඹූල් සහෝදරයන් වන අතර ඔවුන් කිසිඳු අයුරකින් මරණයට පත්කල නොහැක. තවද, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍යය පමණක් වන අතර අනෙකා අසත්‍යය පමණක් ප්‍රකාශකරයි. ඔබ මෙම පුවරුව කියවනු දැකීමෙන් පසු පමණක් ඔවුන් ඔබ සමග කතාකරනු ඇත.

    සැළකිය යුතුයි
    ඔබට එක් සහෝදරයකුගෙන් ඇසිය හැක්කේ එක් ප්‍රශ්නයක් පමණි. එක්වරක් කතාකිරීමෙන් පසු ඔවුන් නැවත ඔබ සමග කතා නොකරනු ඇත.

    3.
    ඔබට මෙම කාමරයෙහි සිටියහැක්කේ එක් පැයක් පමණි. හරියටම පැයකට පසුව අමරණීය පුද්ගලයින් දෙදෙනා ඔබව මරාදමනු ඇත. ඔබගේ පැයක කාලය ආරම්භ වූයේ පස්වරු 3.00 ය.

    ස්තූතියි."

    මෙය කියවූ විගස වේලාව බැලූ ඔබට දක්නට ලැබුනේ, දැන් වේලාව පස්වරු 3.30 බවත්, තම ජීවිතය බේරාගැනීමට ඇත්තේ තව විනාඩි 30ක් බවත්ය.

    ඔබ නිවැරදි දොර ‍තෝරාගන්නේ කෙසේද?

    :rofl: Tik Tok Tik Tok Tik Tok Tik Tok Tik Tok :rofl:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    මුලින්ම අහඹු ලෙස එකෙක් ළගට ගිහිල්ලා අහනවා මේ දවස් වල ලංකාවේ බඩු මිළ ගැන.
    අහනවා ඒක වැඩියිද අඩුයිද කියලා ඌ කියනවා නම් අඩුයි කියලා ඒහෙනම් ඌ තමයි බොරු කාරයා. ;)
    ඌ කිව්වොත් වැඩියි කියලා දැන් අපි අදුන ගත්තේ ඇත්ත කියන එකාවයි. එකෙක්ගෙන් එකපාරයි නිසා ප්‍රශ්ණ කරන්න පුලුවන්. දැන් උත්තරය දීපු එකා ඇත්ත කියන එකානේ දැන් අහනවා ගිහිල්ලා බොරු කියන එකාගෙන් මොන දොරද අරින්න ඕනේ කියලා. ඌ ඉතින් බොරු කියන නිසා කියන දොර නෙවෙයි අනෙක් දොර ඇරලා එළියට එනවා. :lol:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මුලින්ම අහඹු ලෙස එකෙක් ළගට ගිහිල්ලා අහනවා මේ දවස් වල ලංකාවේ බඩු මිළ ගැන.
    අහනවා ඒක වැඩියිද අඩුයිද කියලා ඌ කියනවා නම් අඩුයි කියලා ඒහෙනම් ඌ තමයි බොරු කාරයා. ;)
    ඌ කිව්වොත් වැඩියි කියලා දැන් අපි අදුන ගත්තේ ඇත්ත කියන එකාවයි. එකෙක්ගෙන් එකපාරයි නිසා ප්‍රශ්ණ කරන්න පුලුවන්. දැන් උත්තරය දීපු එකා ඇත්ත කියන එකානේ දැන් අහනවා ගිහිල්ලා බොරු කියන එකාගෙන් මොන දොරද අරින්න ඕනේ කියලා. ඌ ඉතින් බොරු කියන නිසා කියන දොර නෙවෙයි අනෙක් දොර ඇරලා එළියට එනවා. :lol:

    :lol: :lol: :lol: that could work :lol: :lol: :lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මුලින්ම අහඹු ලෙස එකෙක් ළගට ගිහිල්ලා අහනවා මේ දවස් වල ලංකාවේ බඩු මිළ ගැන.
    අහනවා ඒක වැඩියිද අඩුයිද කියලා ඌ කියනවා නම් අඩුයි කියලා ඒහෙනම් ඌ තමයි බොරු කාරයා. ;)
    ඌ කිව්වොත් වැඩියි කියලා දැන් අපි අදුන ගත්තේ ඇත්ත කියන එකාවයි. එකෙක්ගෙන් එකපාරයි නිසා ප්‍රශ්ණ කරන්න පුලුවන්. දැන් උත්තරය දීපු එකා ඇත්ත කියන එකානේ දැන් අහනවා ගිහිල්ලා බොරු කියන එකාගෙන් මොන දොරද අරින්න ඕනේ කියලා. ඌ ඉතින් බොරු කියන නිසා කියන දොර නෙවෙයි අනෙක් දොර ඇරලා එළියට එනවා. :lol:

    :baffled::baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,693
    839
    113
    In La Srinka
    දැන් ඉතින් වෙලාවත් බලපු එකේ එකෙක්ගෙන් අහනවා දැන් වෙලාව කීයද කියලා. ඉතින් ඌ හරි උත්තරේ දුන්නොත් අනික් එකාගෙන් අහනවා කොයි දොර ද අරින්න ඕනා කියලා.. ඉතුරු වෙලා ඉන්නේ බොරු කියන එකා හින්ද ඌ පෙන්නන දොර නැතුව අනික් දොරෙන් පිට වෙනවා.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    I've seen the same story in "The Legend of William Tell (TV Series 1998)" except it didn't have a clock. I know the answer you are looking for.

    The door is chosen only by asking the twins 2 questions.
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    දැන් ඉතින් වෙලාවත් බලපු එකේ එකෙක්ගෙන් අහනවා දැන් වෙලාව කීයද කියලා. ඉතින් ඌ හරි උත්තරේ දුන්නොත් අනික් එකාගෙන් අහනවා කොයි දොර ද අරින්න ඕනා කියලා.. ඉතුරු වෙලා ඉන්නේ බොරු කියන එකා හින්ද ඌ පෙන්නන දොර නැතුව අනික් දොරෙන් පිට වෙනවා.

    :yes: this is also possible
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එක්කෙනෙක්ගෙන් අහනවා "නොමැරී එලියට යන්න පුලුවන් දොර මොකද්ද කියල ඔයාගෙ නිවුන් සහෝදරයගෙන් ඇහුවොත් එයා දෙන උත්තරය මොකක්ද?" කියල. එතකොට දෙන ලැබෙන පිලිතුර නොවෙයි අනෙක් දොර තමයි නියම දොර.
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    රඹා;10768651 said:
    එක්කෙනෙක්ගෙන් අහනවා "නොමැරී එලියට යන්න පුලුවන් දොර මොකද්ද කියල ඔයාගෙ නිවුන් සහෝදරයගෙන් ඇහුවොත් එයා දෙන උත්තරය මොකක්ද?" කියල. එතකොට දෙන ලැබෙන පිලිතුර නොවෙයි අනෙක් දොර තමයි නියම දොර.

    :frown: :yes: :yes: :yes: :D
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මුලින්ම අහඹු ලෙස එකෙක් ළගට ගිහිල්ලා අහනවා මේ දවස් වල ලංකාවේ බඩු මිළ ගැන.
    අහනවා ඒක වැඩියිද අඩුයිද කියලා ඌ කියනවා නම් අඩුයි කියලා ඒහෙනම් ඌ තමයි බොරු කාරයා. ;)
    ඌ කිව්වොත් වැඩියි කියලා දැන් අපි අදුන ගත්තේ ඇත්ත කියන එකාවයි. එකෙක්ගෙන් එකපාරයි නිසා ප්‍රශ්ණ කරන්න පුලුවන්. දැන් උත්තරය දීපු එකා ඇත්ත කියන එකානේ දැන් අහනවා ගිහිල්ලා බොරු කියන එකාගෙන් මොන දොරද අරින්න ඕනේ කියලා. ඌ ඉතින් බොරු කියන නිසා කියන දොර නෙවෙයි අනෙක් දොර ඇරලා එළියට එනවා. :lol:

    ekanang maxxa
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දැන් ඉතින් වෙලාවත් බලපු එකේ එකෙක්ගෙන් අහනවා දැන් වෙලාව කීයද කියලා. ඉතින් ඌ හරි උත්තරේ දුන්නොත් අනික් එකාගෙන් අහනවා කොයි දොර ද අරින්න ඕනා කියලා.. ඉතුරු වෙලා ඉන්නේ බොරු කියන එකා හින්ද ඌ පෙන්නන දොර නැතුව අනික් දොරෙන් පිට වෙනවා.

    :yes::yes::yes::yes::D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රඹා;10768651 said:
    එක්කෙනෙක්ගෙන් අහනවා "නොමැරී එලියට යන්න පුලුවන් දොර මොකද්ද කියල ඔයාගෙ නිවුන් සහෝදරයගෙන් ඇහුවොත් එයා දෙන උත්තරය මොකක්ද?" කියල. එතකොට දෙන ලැබෙන පිලිතුර නොවෙයි අනෙක් දොර තමයි නියම දොර.

    මේක තමයි නියම ලොජිකල් උත්තරේ
    :yes:
    :D:D