ඕකගේ ඒවා ඇත්ත නම් පුතනෝ තමයි 22 ජනාදිපති. මුගේ හැම එකකම වගේ වෙනත් කියන උන් වැඩිම ගන්න ඒකා ගානටම යනවා. සමහර ඒවා වෙනත් තමයි වැඩිම. අනුර වැඩිම ගන්න එවලත් ඒවගේ. මේ තියන රැල්ලත් එක්ක කෙලින්ම මාලිමාවට කියන උන් ඇත්තම vote එක. මොකද දැන් moral up කරලා ඉන්න සෙට් එක හින්ද බය නැතුව ගැම්මට කියනවා. වෙනත් කියන සෙට් එකේ ලොවෙත් අඩුම ප්‍රතිශතයක් තමයි මලිමාවට දෙන්නේ. ඔතන බහුතරේ පුතානෝ, රනිල්, නාමල්. උන් තමයි කියන්නේ නැතුව ගිහින් ගහල එන්නේ. 2nd vote එකකට ගියොත් පුතනොට තමයි chance. මොකද count වෙන්නේ රනිල් , නාමල් වගේ සෙට් එකෙන්. අනුරට කොහොමත් උන් 2nd vote දෙන්නේ නෑ, එහෙමත් එකෙක් ඇරෙන්න. ඔය සමීක්ෂණය ඇත්තනම් අනුරට 50% ගන්නත් බෑ, අනුර දිනනවා නම් කොහෙන් හරි 50% පන්නන්නම වෙනවා.
ඔය මන් සුදා කියන එකාගේ සමීක්ෂණ ටික බලල මට හිතුන දේ.
උබලට හිතෙන්නේ මොකද ?