පුස්සැල්ල වැලකින් නිර්මාණය වූ බදුලූ නගරය

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පුස්සැල්ල වැලකින් නිර්මාණය වූ බදුලූ නගරය

    පුස්සැල්ල වැලකින් නිර්මාණය වූ බදුලූ නගරය


    ප‍්‍රවීණ පුවත්පත් කලාවේදීන් තිදෙනකු වූ කරුණාදාස සූරියආරච්චි, තිස්ස වීරසේකර සහ චන්ද්‍රසිරි කටුදෙනියගේ මාධ්‍ය දිවියේ සංචාරක අත්දැකීම් ඇසුරින් සම්පාදිත ‘මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක්’’ කෘතිය ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය.

    පහත පළවන්නේ එම කෘතියෙන් උපුටා ගන්නා ලද විශේෂාංග ලිපියකි.

    ba1.jpg
    ඌවේ මහ පුරවරය වූ බදුල්ල ඈත කන්දකට දිස්වන්නේ මහා කලාකාරයකුගේ මනස්කාන්ත නිර්මාණයක් විලසිනි. බදුලූ පුරවරය වටකොට පිහිටියා වූ කඳු වැටියේ මුදුන්වල දැවටුණු සුදු වලාවෝ සිද්ධස්ථානයක් වටකොට ඉදිවුණු වලාකුළු බැම්මක සිරි උසුලති. මෙම බැම්ම ඇතුළත සුසැදි මහ පුරවරය ඉස්මත්තේ පිහිටි මුතියංගන වෙහෙර නගරයේ අනෙකුත් ගොඩනැ`ගිලි අතරින් කැපී පෙනෙන්නේ එය සම භූමියේ මඳක් ඉහළ ගොඩැල්ලක පිහිටා ඇති හෙයිනි. ඌවේ මහා සිද්ධස්ථානය වූ මුතියංගන වෙහෙරේ අතීත කථාව මුඛ පරම්පරාගතව මෙන්ම ලිඛිත ඉතිහාසයෙන්ද පෝෂණය වී පවතී.

    වත්මන් බදුලූ නගරය පෙර රජ දවස මහා ජලස්කන්ධයකින් යටවී තිබුණ බව කියවේ. බදුලූ සිරිය ඔප් නංවන රමණීය දුංහිඳ දිය ඇල්ල එකල නොතිබූ බවත් එහි ජලය වෙනත් ම`ගකින් ගලාගෙන විත් ස්වාභාවික බදුලූ වැව නිර්මාණය වී තිබුණ බවත් අතීත කතා අනුව පැහැදිලිය. මහා පුස්සැල්ල වැලක් ඔයේ ගමන් ම`ග අවුරා එහි ජලය බදුලූ වැවට ගලා යෑමට සලස්වා ඇත.

    වත්මන් කච්චේරිය පිහිටි භූමි භාගය එකල ප‍්‍රාන්ත රජුගේ වාසස්ථානය වූ අතර එම භූමිය හා මුතියංගනය බදුලූ වැවෙන් යට නොවූ පෙදෙස් අතර විය.

    මුතියංගනය වැඳීමට මහනුවර දෙසින් පැමිණි පිිරිස් ඔරුවෙන් ගමන් කොට වැවෙන් එතෙර විය යුතු විය. එකල වාපී වෙහෙර යනුවෙන් මුතියංගනය හඳුන්වා ඇත්තේ එය වැව හා සම්බන්ධ වූ හෙයිනි.

    මෙම වැවෙන් පෝෂණය වූ ගොවි ගම් කිහිපයක් කරා ජලය රැුගෙන ගිය ඇළ මාර්ගවල නම් අදද ශේෂව පවතී. මැද ඇළ, කෑඳල ඇළ, අලූත් ඇළ යනුවෙන් හැඳින් වෙන එම ඇළ මාර්ග මගින් ජලය සැපයෙන වෙල් මැදවෙල, අලූත්වෙල, කෑඳල වෙල යනුවෙන් හැඳින් වූ බවද පැවසේ. මහියංගනය බදුල්ල මාර්ගයේ රිදීපාන අසල දොරළ`ග යන ස්ථානයේ වැවේ දොර පිහිටා තිබුණු බව කියවේ. බදුල්ල ප‍්‍රදේශය ගොඩ පහකින් හා මුලූ පහකින් යුතු ප‍්‍රදේශයක් වී ඇත්තේද වැවේ පිහිටීම හේතු කොට ගෙන බව තතු දන්නෝ පවසති.

    පුවක්ගොඩමුල්ල, දුනුකේමුල්ල, වැලිගොඩමුල්ල, ළිඳමුල්ල ආදී වශයෙන්ද, කයිලගොඩ, හිඳගොඩ,

    විහාරගොඩ, තලගොඩ, හෑගොඩ යනුවෙන් ප‍්‍රදේශයේ ගම්වලට නම් වැටී ඇත්තේ වැවට වඩා ඉහළින් පිහිටීම සහ වැවේ මුලූ සම්බන්ධව පැවතීම නිසා බව ද සඳහන් විය. ශ‍්‍රී ලංකාව ඉංග‍්‍රීසි පාලනයට නතු වූ පසු වතු වගාව සඳහා පැමිණි ඉංග‍්‍රීසීහු බදුල්ල අවට කඳුවල තේ වගාව ආරම්භ කළහ. බදුල්ල ප‍්‍රදේශයේ පිහිටි එකම තැනි බිම වූ වැව ගොඩ කර තුරග තර`ග පිටියක් සකස් කිරීමට ඉංග‍්‍රීසිහු කටයුතු යෙ¥හ. තුර`ග තරග පවත්වන අවසන් දිනයේදී පිටියේ පහළ කොටසේ දිය රැුඳුණු ස්ථානයකින් අසුන් පන්නන අයුරු තමන් දුටුබව අලූත්වෙල පදිංචි පැරණි පුවත්පත් කලාවේදියකු වූ පී. බී. අබේකෝන් මහතා පැවසීය.

    වැවට දිය සපයන දුන්හිඳ ඔයේ ගමන් ම`ග වෙනස් කළ පුස්සැල්ල වැල කපා දැමීමෙන් අනතුරුව වැව සිඳී ගිය බවත් දුන්හිඳ ඇල්ල නිර්මාණය වූ බවත් පැවසේ. වාපි වෙහෙර යනුවෙන් හැඳින් වුණු මුතියංගනයෙහි අතීත කථාවද ජනශ‍්‍රැතිය අනුව බුදුන් වහන්සේ ජීවමාන කාලය දක්වා ඈතට දිවෙන්නකි. බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩිය අවස්ථාවේදී උන්වහන්සේගෙන් ගැලවුණු කේශධාතු ලබා ගත් ප‍්‍රාදේශීය නායකයෙකුට සිටි ඉන්දික විසින් මෙම කේශ ධාතු නිදන් කොට තනවන ලද වෙහෙර ලෙස මුතියංගනය ප‍්‍රසිද්ධය. මුක්ත කේශ ධාතු නිදන් කර තනවන ලද හෙයින් මුතියංගනය ලෙස මෙම වෙහෙර නම් වූ බව සඳහන් වේ. එමෙන්ම වැවේ ජල තලයෙන් මිදුණු අංගනයක් වූ හෙයින් මුක්ත අංගනය යනුවෙන් නම් වී පසුව මුතියංගනය වූ බවටද අදහසක් ඇත.

    ඉන්දික ප‍්‍රදේශාධිපතියා විසින් ගොඩන`ගන ලද මෙම වෙහෙර පසු කලකදී දේවානම්පියතිස්ස රජු විසින් පුළුල් කළ බව පැවසේ. සද්ධාතිස්ස රජු විසින් එහි විහාරාරාම කරවා අංග සම්පුර්ණ කළ බවටද මතයකි. පෘතුගීසීන් බදුල්ල ආක‍්‍රමණය කළ කාලයේදී මුතියංගන විහාරය බේරී ඇත්තේ ආශ්චර්යයකින් මෙනි. මහනුවර සමයේ රජවරුන්ගේද අනුග‍්‍රහය ලැබුණු මුතියංගනය එදා සිට අද දක්වා ජනතාවගේ බහුමානයට ලක් වූ සිද්ධස්ථානයක් ලෙස පවතී. දෙදහස් පන්සියය සපිරුණු බුද්ධ ජයන්තියේදී මුතියංගන සෑ රදුන්ගෙන් බුදුරැුස් විහිදෙනු දුටු බෞද්ධයෝ කිහිප දෙනෙක් බදුලූ ප‍්‍රදේශයේ සිටිති. මුතියංගන විහාරයේ නඩත්තුවට ද්‍රව්‍ය සැපයීම සහ වෙළෙඳ සල් පාලනය පිළිබඳ බදුලූ ටැම් ලිපියේ එන තොරතුරු අනුව මුතියංගනය පෙර සිටම රාජ අනුග‍්‍රහය ලැබූ ස්ථානයක් වශයෙන් තිබූ බව හෙළි වෙයි.

    මුතියංගනයෙහි මූලාරම්භකයා වශයෙන් සැලකෙන ඉන්දික ප‍්‍රදේශාධිපතියාද අද ප‍්‍රාදේශීය දෙවි කෙනෙකු වශයෙන් බුහුමන් ලබයි. නමුනුකුල කන්දෙහි වසන ඉන්දික දෙවියන් නැමදීමෙන් ප‍්‍රදේශයට වර්ෂාව ලබා ගත හැකි බවට ජන විශ්වාසයක් ඇත. මුතියංගන විහාරයේ තැන්පත් කර ඇති පිළිමයක් නමුනුකුල කන්දට විලක ජලය ඉස ආ විට වර්ෂාව ලැබෙන බව

    ගැමියෝ පවසති. ම් සඳහා ප‍්‍රදේශයේ වී ගොවියෝ බොහෝ දෙනෙක් සහභාගී වෙති.

    වසරක් පාසා වෙසක් දිනයේ පැවැත්වෙන මුතියංගන පෙරහැරට ප‍්‍රදේශයේ බොහෝ බෞද්ධයෝ සහභාගී වෙති. ඈත ප‍්‍රදේශවල සිට වෙහෙර වැඳීමට එන අයට දන්සැල් දීමද චිරාගත චාරිත‍්‍රයක් වශයෙන් පැවැත එයි. පෙරහැර විථි සංචාරය කරන්නේ කතරගම දේවාලය අභියස ඇති සිංහාසනය දක්වාය. කුමාරසිංහාසනය නමින් පැරණි පොත පතේ හැඳින්වෙන මෙම ස්ථානය කතරගම දේවාලයට අහිමුඛව පවතී. බදුල්ල කතරගම දේවාලයේ දේව පිළිමය තැන්පත් කර ඇති දේවාලය අබියස සිට බැලූ විට දොරවල් හතකින් එපිට ඇති සිංහාසනය එක එල්ලේ දැකිය හැකිය. ඌවේ යුවරජ වූ කුමාරසිංහ ආස්ථානය මුතියංගන විහාර පෙරහැර හා දේවාල පෙරහැර නැරඹූ ස්ථානය වශයෙන් කුමාරසිංහාසනය පිළිගැනීමට ලක් වී ඇත.

    දේවාලයේ රාජකාරී ඉටු කරන තුන්සිය හැට පහක පමණ පිරිසක් දේවාල මංගල්‍යයේදී හා පෙරහැරවලදී සිංහාසනය ඉදිරිපිටට පැමිණ නැටුම්, ගැයුම්, වැයුම් ඉදිරිපත් කරති. පෙරහැර වීදිය දිගේ ගමන් කර සිංහාසන මන්දිරය ඇතුළත දේව ප‍්‍රතිමාව මඳ වේලාවකට තැන්පත් කරන අතර බස්නායක නිලමේ එහි ඉදිරිපිට සිට පෙරහැර නරඹයි. පළමුවැනි විමලධර්මසූරිය රජතුමා පෘතුගීසීන් හා කළ දන්තුරේ සටනින් ජය ගෙන මහනුවර රාජධානිය පිිහිටු වූ වුයේ බදුලූ කතරගම දේවාලයට බාර වීමෙන් පසුව බවද පැවසේ. එම බාරය ඔප්පු කිරීම සඳහා ඔහු විසින් බදුලූ කතරගම දේවාලය ප‍්‍රතිසංස්කරණය කළ බවද සඳහන් වේ. දේවාලය තුළ හා එහි වටේට ඇඳ ඇති බිතු සිතුවම් මහනුවර යුගයේ ගොඩනැ`ගිලි හා චිත‍්‍ර සම්ප‍්‍රදාය පෙන්වයි.

    මෙම දේවාලය වටා පටු ආලින්දයක් ඇති අතර ඒ වටා ගොස් දේවාභරණ හා ආයුධ දේවාලය ඇතුළට දීමට ජනේලයක් තනා ඇත. සඳුන් ලීයෙන් දේව ප‍්‍රතිමාව නෙළා ඇත. දේවාලයේ සුදු නාගයෙක් වසන බව එහි සේවයේ යෙදෙන කපු මහතෙකු වූ කේ. බී. සෙනෙවිරත්න මහතා පැවසීය. බදුලූ කතරගම දේවාලය කැප්පෙටිපොල මහ නිලමේගේ බුහුමනට ලක් වූ ස්ථානයක් බව සඳහන් කළ හැක්කේ, ඔහු විසින් දේවාලයට පූජා කරන ලද ඇත්දළ යුගල තවමත් දැකීමට ඇති බැවිනි. බෝ පත‍්‍රයක සටහනක් හා එතුමාගේ නම එම ඇත්දළ යුගලේ කොටා ඇත.

    ඌවේ මහ කැරැුල්ල මැඬපැවැත්වීමට ඉංග‍්‍රීසීන් විසින් ඌවට යවන ලද කැප්පෙටිපොළ නිලමේ මෙම දේවාල භූමියේදී ජාත්‍යානුරාගය උපදවා ගෙන ඉංගී‍්‍රසීන්ගේ අවි ආයුධ ඔවුනට භාර දී සිංහලයන්ගේ පැත්ත ගත් බව කේ. බී. සෙනෙවිරත්න කපු මහතා පැවසුවේය. බදුලූ කතරගම දේවාලය කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින ස්ථානයක් වශයෙන් සැලකෙන අතර එය පළමුව කෝට්ටගොඩ නම් ස්ථානයේ පිහිටුවා තිබුණි. පසුව වර්තමානයේ පිහිටා ඇති ස්ථානයට ගෙනැවිත් ඇත.
    Divaina.com