පුහුණු වෙයන් - සල්ලි කාරයට වෛර කරන්න 🙂

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113



    //වයස විසිපහක කෝටිපති තරුණයා පැදවූ සැප රියේ ගැටී යතුරු පැදියෙන් පැමිණි රූමත් තරුණිය සහ ඇගේ සැමියා මරුට. තුන් හැවිරිදි දරුවා රෝහලේ.//

    ඕං ප්‍රවෘත්තිය. ☝️

    වාහනේ පැදලා තියෙන්නෙ විසි පහක කොල්ලෙක්. එක්කෝ ඌට ලයිසන් නැතුව ඇති නැත්නම් වේගෙන් එන්න ඇති, එහෙමත් නැත්නම් බීලා..
    ඔය සල්ලි කාර තරුණ කොල්ලන්ට කිසි හික්මීමක් නෑ. එල්ලන්න ඕන. කාලකණ්ණි..

    එකපාරට එහෙම හිතුනා නේද..
    එහෙම හිතෙන එකේ කිසි වරදක් නෑ.
    ඒ තමා පොඩි සන්දියේ පටන් වෛරී, පසුගාමී සමාජයක් ඇතුළේ අපි ලබපු ට්‍රේනින් එක. ඉතිං එක පාරට අපේ හිත් වැඩ කරන්නෙ ලබපු පුහුණුවට අනුව තමා. ඒක හරි..

    පස්සෙ බලාගෙන ගියාම සිද්ධිය වෙලා තියෙන විදිය තමා මේ 👇

    තරුණ ජෝඩුව එන්නෙ වෙඩින් එකක ඉඳන්, කොල්ලා බීලා, ඒකට කෙල්ල බැනලා දෙන්න බයිසිකලේ ඇවිත් තියෙන්නෙ ලොකු රණ්ඩුවක් එක්ක බව ඇහින් දැකපු සාක්ෂි තියෙනවා. බයිසිකලේ ආපු වේගය පොඩ්ඩක්වත් අඩු නොකර හන්දියේ ඉස්සරහට ගිහින්. ඒ කලර් ලයිට් එකේ රතු වැටිලා තත්පර පහකට පස්සෙ. විසි පහේ කොල්ලගෙ සැප වාහනේ ඇවිත් තියෙන්නෙ එයාගෙ පැත්තට කොළ ලයිට් එක වැටිලා තත්පර දෙකකට පස්සෙ. බයිසිකලේ වැදිලා තියෙන්නෙ වාහනේ බඳේ මිස ඉස්සරහ නෙමේ. CCTV වල සිද්ධිය පැහැදිලිව තියෙනවා. විමර්ශනය පැහැදිලියි.. ආ අනික පොඩි දරුවට භෙල්මට් එකක් තිබිලා නෑ.

    එහෙනම් වාහනයවැරදියි කියලා අපි පූර්ව නිගමනයකට ආවෙ කොහොමද..?

    ආයෙ කිව්වත් ඒ තමා අපිට දීපු පුහුණුව..

    රූමත් කතාව - සැප රියේ කතාව ප්‍රවෘත්තියට ඍජුව අදාළ නැති උනත් ඒක අපේ වෛරී හැඟීම් උත්තේජනය කරනවා. කතුවරයගේ යටි අරමුණත් ඒකම තමා. අපි නොදැනුවත්ව අපිව පාවිච්චි වෙලා නේද.

    සමාජය අපිව පුරුදු පුහුණු කරල තියෙන්නෙ සල්ලි කාරයට වෛර කරන්න මිස
    දවසක සල්ලි කාරයෙක් වෙන අරමුණට නෙමේ..
    අපිව පුරුදු පුහුණු කරල තියෙන්න සල්ලි තියෙන මිනිහා හොරා කියල දකින්න මිස ඒ මිනිහගෙ දක්ෂතාව අගයන්න නෙමේ..
    අපිව පුරුදු පුහුණු කරල තියෙන්න සල්ලි තියෙන මිනිහට නීතිය නැවෙනවා කියල හිතන්න මිස නොනැවෙන නීතියක් ස්ථාපිත කරගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න නෙමේ.
    අපිව පුරුදු පුහුණු කරල තියෙන්න බදු ගෙවන එකා හොරා කියල හිතන්න මිස ඌ ගෙවන බදුසල්ලි වලින් රටේ අපිට වැඩක් වෙනවා කියල හිතන්න නෙමේ.

    ඉතිං එහෙවු පරිසරයක පෝෂණය උන අපිට හිතුණ විදිය "වැරදි" උනාට ඒක "හරි"

    මම උඩට ආවෙ ඔය බයිසිකලේ ආව කියන කෙනාටත් වඩා පහලින්..
    ඒ නිසා මම දන්නවා අපි හිතන ක්‍රමයෙ වරද..
    ඉතිං අපි කරන්න ඕනෙ ඒක හදාගන්න උත්සාහ කරන එක.
    අපේ දරුවන්ව ඒ වෛරී පරිසරයට හුරු නොකරන එක.
    අපේ අසල්වැසියා - අපේ සමාජය ක්‍රමිකව එතනින් එළියට ගන්න අවම උත්සාහයක් හෝ දරන එක.
    මේ ලියමනේ අරමුණත් ආං ඒකම තමා..

    මනුස්සකම් රැකගන්න ඒත් සල්ලි කාරයෙක් වෙන්න උත්සාහ කරන්න. පසුගාමී දේවල් ජීවිතෙන් එලවලා දාන්න..

    ඒක අමාරුයි.......
    ඒත් කරන්න......
    දිනන දරුවන්ව පුරුදු කරන්න...

    Sameera Tharindu Bopage
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    25 එකෙක්ට සැප රියක් ගන්න බේ
    අනිවා ඌ මොකක් හරි හොර මගඩියක් කරනවා ඇති
    අනේ පව් අර බයික් එකේ ගිය දුප්පත් අහිංසක අසරණ දරු පවුල


    සැප රිය කුඩු කරමු වරෙල්ලා
    ------ Post added on Sep 19, 2025 at 8:46 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,789
    1
    51,678
    113
    ප*යාගල
    sorry.com
    හැපිච්ච උන්ට ඉක්මන් සුව.
    1.බෙබලා ඉන්න්ව නම් බීල බයික් එකකට නගින්න කලින් දෙපාරක් හිතන්න
    2.ගෑනිත් එක්ක වලි නම් ගෙදරදි ඒව විසදගන්න
    3.මිනිස්සුන්ට හිනා වෙන්න හේතු හදන්න එපා.
    4.සල්ලි තිය්න උන්ට වයිර නොකර තමන් පුලුවන් විදියට ගේමක් ගහ්න්න බලන්න.Unrealistic හීන වලින් මිදෙන්න
     
    • Like
    Reactions: shamil45

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,077
    113
    Panadura
    කාලකන්නි බයික්කාරයෝ පාරේ යන්න බෑ මුන් එක්ක තිරිසන්නු වගේ පාරේ යන්නේ
    කොහොමත් ඕවා පදින අඩු කුලේ උන්ට සල්ලි තියෙන මිනිස්සු ඇලජික්