පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මගෙන් 1ක්.

    සුනිමල් ජයසිරි :P ගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?

    පී.ඇස්: අඩුම වාරගාන වෙන්න ඕනි

    ලේසි එකක්
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    ජෝඩු නම් 2යි..මේස් නම් 4 යි ද...:eek::eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න මගෙන් 1ක්.

    සුනිමල් ජයසිරි :P ගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?

    ලේසි එකක්

    එක පාරින්ම ගන්නව...
    සුනිමලා කියනව ඌ මෙස් ජාති දෙක තට්ටු 2ක ලු තියල තියන්නෙ... :P:P
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ජෝඩු නම් 2යි..මේස් නම් 4 යි ද...:eek::eek:
    :no: මම අහන්නේ තනි මේස් එක එක කී පාරක් ගන්න ඕනිද හරි මේස් ජෝඩුවක් හදාගන්න

    පී.ඇස්: අඩුම වාරගාන වෙන්න ඕනි
    එක පාරින්ම ගන්නව...
    සුනිමලා කියනව ඌ මෙස් ජාති දෙක තට්ටු 2ක ලු තියල තියන්නෙ... :P:P
    :lol::lol:
    :lol: ඕකට එච්චර මොලේ නෑ බං. අල්මාරියේ එකම තැනලු ඔක්කොම තිටලා තියෙන්නේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :no: මම අහන්නේ තනි මේස් එක එක කී පාරක් ගන්න ඕනිද හරි මේස් ජෝඩුවක් හදාගන්න

    පී.ඇස්: අඩුම වාරගාන වෙන්න ඕනි

    :lol: ඕකට එච්චර මොලේ නෑ බං. අල්මාරියේ එකම තැනලු ඔක්කොම තිටලා තියෙන්නේ

    එහෙනම් හත් පාරක් ගන්න ඕනේ...:):)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මගෙන් 1ක්.

    සුනිමල් ජයසිරි :P ගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?

    පී.ඇස්: අඩුම වාරගාන වෙන්න ඕනි

    ලේසි එකක්
    නැද්ද කවුරුවත් ,:dull: මම යන්න කියලා හදන්නේ. යකෝ මේක පට්ට ලේසියිනේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පැහැදිලි කරනවද:eek:

    සියලුම මේස් කුට්ටම් 12 යි..සුනිමලා ගන්න පලවෙනි හයම කළු පාට වුනොත් උගේ කරුමෙට අනිවා ඊළඟ එක ඉතින් සුදු නේ බං..එතකොට දහතුන් පාරක් මේස් ගන්න ඕනේ...:):)
    හත නෙමේ නේද...:(:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නැත්තම් ඉතින් ලක් එක කැරකුනොත් ආවම වාර ගණන 3 යි....:yes::yes:
    :yes:
    11.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙන්න කට්ටියට හොඳ සැර එකක්!!:cool::cool::yes:

    මුහුදු ගිය ධීවරයන් 10 දෙනෙක්ගෙ බෝට්ටුව අනතුරකට භාජනය උන නිසා ඒ දහදෙනා දූපතක කොටු වෙනවා... මේගොල්ලන්ට මේ දූපතේ තිබිලා පොල් ගොඩක් හම්බවෙනවා... එතන වඳුරෙකුත් ඉන්නවා... එතකොටත් රෑ බොවීගෙන ඇවිත් තිබුනා නිසා කට්ටිය අනිත් දවසෙ උදෙට පොල් ටික 10ට බෙදාගන්න කතාවෙලා නිදාගන්නවා...

    පහුවදා උදෙන්ම එක ධීවරයෙක් අනික් අයට කලින් ඇහැරෙනවා... එයා පොල්ගොඩ ගොඩවල් 10කට බෙදාගෙන යනකොට හරියටම 10ට බෙදන්න එක පොල් ගෙඩියක් මදි වෙනවා... එයා වටපිට බලද්දි දකිනවා වඳුරගෙ අතේ පොල් ගෙඩියක් තියෙනවා... මේ මිනිහා ඒ වඳුරගෙන් පොල් ගෙඩිය කොහොම හරි ගන්න උත්සාහ කරනකොට වදුරා පොල් ගෙඩියෙන් මිනිහගෙ ඔලුවට ගහනවා... ඒ පහරින් මිනිහා මැරිලා වැටෙනවා...

    ඊට පස්සෙ තව මිනිහෙක් ඇහැරෙනවා.. එයා දකිනවා එක්කෙනෙක් මැරිලා ඉන්නවා.. ඊට පස්සෙ එයත් පොල්ටික ගොඩවල් වලට බෙදන්න ගන්නවා... එයා බෙදන්න්නෙ ගොඩවල් 9කට.. එයාටත් කලින් කෙනටම වගේ එක ගෙඩියක් මදිවෙනවා ගානට ගොඩවල් 9කට බෙදන්න... එයත් දකිනවා වඳුරා අතේ තියෙන පොල් ගෙඩිය.. අන්තිමට එයාටත් කලින් කෙනාට අත්වුන එරණමම අත් වෙනවා!..

    ඔය විදිහට අන්තිම කෙනා වෙනකන් මේ දේ කොනඩවා සිද්ද වුනානම්... අනිතිමයා ඇහැරෙද්දි එයාට ලැබෙන්න පුළුවන් අවම පොලො ගෙඩි ගණන කීයද?(වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!) :confused::confused::confused:
     
    • Like
    Reactions: dragonlord

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔන්න එහෙනම් මමත් ප්‍රශ්නයක් දානවා...;)

    චොකලට් කේක් එකක් තියෙනවා..අඟල් 3 ක් උසයි...අරය අඟල් 10 යි..මේ කේක් එක කන්න 8 දෙනක් බලන් ඉන්නවා..පිහි පාරවල් තුනකින් මේ කේක් එක කෑලි 8 කට කපන්නේ කොහොමද....:):)