සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ හුගක් උන්ගෙ කතාව ඕක බං. කාලෙකට කලින් මගෙත්. හැබැයි මම ජොබ් එක මාරු කලෙ නෑ. උබ ඔය ඉන්න තත්වය ලගා කරගන්න බැරිව අඩන උන් ඕනෙ තරම් ඉන්නව. උඹට හිතේ සතුට ඇතිවෙන දෙයක් කරපං. මම ඒ කාලෙ කලෙ ජිම් ගියා, මොනා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා, ට්රවල් කලා එක එක වැඩ. උබ ඔය ඉන්න වගේ ස්ටෙජ් එකකදි උබට උබ ලගම තියෙන විසදුම් වත් පේන්නෙ නෑ. කරන්න පුලුවන් එකම දේ "Do the next right thing" කියල හිතන් උබට හරි කියල හිතෙන දේ කරපං. ( හැබැයි පුතේ එහෙම කියල හරි හමන් ආදායම් මාර්ගයක් නැතිව, තියෙන ජොබ් එක එහෙම නැති කරගන්නව නෙවේ ). කාලයක් ඔහොම කරද්දි උබට උබේම පාත් එකක් පෙනේවි, ඒ විතරක් නෙවේ උබ ආයෙ ඔහොම ඩවුන් නොවෙන මිනිහෙක් වෙයි. තව උබට එහෙම වැටෙන මිනිස්සු උස්සන්න පුලුවන් එකෙක් වෙයි. අපි හැම දේම කරන්නෙ අවු 60 - 70ක් ජීවත් වෙන්නනෙ, උබ විදින ආතල් විතරක් නෙවේ, උබ විදින අපහසුකමුත් තාවකාලිකයි. ටිකක් අල්ලන් ඉන්න ගමන් "Do the next right thing", කාලයක් යද්දි හැම දේම හරි යයි.