පුළුවන් නම් මෙයාට උදවුවක් කරන්න.

33000W

Member
පුළුවන් නම් මෙයාට උදවුවක් කරන්න.

ඇය නමින් මධුෂාණී ....



රුදුරු පිළිකාවේ ගොදුරක් වු ....
ඇය නමින් “මධුෂාණී
පිළිකාව පරදා “මිනිස්කමේ මහිමයෙන්...
ඇයට නැවතත් ජීවිතය දකින්නට
clip_image002.gif
ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ .


ඈ නමින් “ලක්ෂිකා තිළිණි මධුෂානී“ වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව , උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“ , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.




ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් , තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව සිටිනා බව ඔබ දන්නවාද ? ...



ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list) රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“ තුලදී පිළිකාවේ ඉතිරි කොටස් පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට ඇත්තේ වැඩි අවස්ථාවකි ,




එහෙයින් ඇයට මෙම අයඩින් ප්‍රතිකාරය පෞද්ගලික රෝහලකින් හෝ ලබා දී “දියණිය“ රැක ගන්නට ඇයගේ දෙමාපියන් උත්සාහ දරමින් සිටියත් ඒ සඳහා යන වියදම රුපියල් 220,000.00 බැවින් , ඒසා විශාල මුදලක් සොයා ගැනීමේ හැකියාවක් නොමැති මේ දරුවාත් දෙමාපියනුත් අද අසරණව සිටි.

..

ගාල්ල , අක්මීමණ දුෂ්කර පෙදෙසක ජීවත් වන “මධුෂාණී දියණිගේ ජීවිතය“ රැක ගැනීමට නම් මෙම ප්‍රතිකාරය හැකි ඉක්මණින් ලබා දිය යුතු අතර , නිසි අවස්ථාවේ එම ප්‍රතිකාරය ලද හොත් මේ රෝග තත්ත්වයෙන් සම්පුර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් ඇයට නැවත ජීවය ලැබෙනු ඇත.....


මේ සඳහා මාර්තු මස පළමුවනදාට පෙර මෙම මුදල රෝහල වෙත ගෙවිය යුතුව ඇත.


ඉතින් ඇයට නැවත ජීවිතය විඳින්නට ඔබේ කාරුණික උපකාරය ලබා දෙනවා නේද ?


තම රෝග තත්ත්වයත් , පත්ව සිටින දුෂ්කර තත්ත්වයත් පිළිබඳ “මධුෂානි දියණිය“ විසින් සටහන් කළ ලිපියක පරිවර්තනය ...


No 184/2,
Kajugahawatta,
Ganegoda,
Akmeemana.

Dear Sir,Madam,

Re: The urgent need of T131 treatment
I, P.K. Lakshika Thilini am a student of 2011 batch at the NTS. Due to a papillary carcinoma my Thyroid gland has been removed. But the doctors have found that this cancerous situation has spread to lymphatic glands too and they recommend an urgent Iodine-131 Treatment.
At present I learnt that there is a long waiting list for this treatment at the Karapitiya and Maharagama cancer hospitals. Also I have been recommended a dosage of 200mg but doctors say that normally at the hospital half of this dosage is prescribed which is not enough for my condition. So I have to get this treatment at a private hospital .According to the doctors the estimated cost is Rs/= 220000 which I can’t afford because of the poor economical background of my family.
I have been instructed to get admitted to the above hospital for this treatment on the 24th of March and make the due payments on or before 1st of March.
So, dear Sir,madam, I would be very much grateful to you if you could help me in this situation.
Thank you,
Yours obediently,
Sgnd . Lakshika Thilini




ඇය ගැන තොරතුරු ,
· නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී


ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..


· බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6


· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle, Sri Lanka
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.


· ඔබේ පරිත්‍යාගය පිළිබඳ සහ වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු අංකය මෙම ලිපිනය වෙත යොමු කරන්න . [email protected]


· මේ දියණියගේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමට https://www.facebook.com/cooperative.nts ඔස්සේ ඔබටද සම්බන්ධ විය හැක . ඔබේ පරිත්‍යාගයන් හි අය වැය සටහන් ලබා දීම ද මෙමඟින් සිදු වනු ඇත.
--------------------------------------------------------------------------------------------
ඔබේ කාරුණික උපකාරය ඇය වෙත යොමු කරවනු පිණිස , මෙම තොරතුරු සටහනකට ගොනු කරමින් ඔබ වෙත එවූ මා , මහේෂ් නිශාන්ත , මිසිසාගාවේ සිට ( මෙම පුහුණු ආයතනයේ සම්බන්ධිකරණ නිළධාරි සහ දේශකයෙක් ලෙස 2011 දක්වාම සේවය කළ හෙයින් මෙම දියණිය සහ සිදුවීම පිළිබඳ වගකීම් සහිතව ඔබ වෙත මෙය යොමු කළෙමි )


***ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු දැන ගන්නට අපේක්ෂා කරන්නේ නම් ,මෙතැන ක්ලික් කරන්න
නැතහොත් දුරකථන අංක +94778166929 ඔස්සේ සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා අමතන්න .


--------------------------------------------------------------------------------------------------------
****ඉහත දුරකථන අංක සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවක අංක
94913907751 මඟින් මෙම දියණිගේ පුහුණූ පාසලේ විදුහල්පතිතුමිය හෝ කාර්ය භාර නිලධාරිනියගෙන් අවශ්‍ය තොරතුරු දැන ගත හැක


මම තාම job එකක් කරන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් උදවුවක් කරනව කියල හිතල elakiri එකේ දැම්මෙ. උදවුවක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් උදවුවක් කරන්න.:(:(:(
 

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
මට පුළුවන් මුදලක් මම 1 වෙනිදට කලින් ඩිපොසිට් කරන්නම් NSB එකේ මේ ගැන හොයල බලලා
පතිරණ කංකානම්ගේ නෙමේ පතිර
කංකානම්ගේ වෙන්න ඕන බොහෝ විට
මට පුළුවන් දේ මම කරන්නම්
 

33000W

Member
මට පුළුවන් මුදලක් මම 1 වෙනිදට කලින් ඩිපොසිට් කරන්නම් NSB එකේ මේ ගැන හොයල බලලා
පතිරණ කංකානම්ගේ නෙමේ පතිර
කංකානම්ගේ වෙන්න ඕන බොහෝ විට
මට පුළුවන් දේ මම කරන්නම්
හරි මචන්. විස්තර හොයල බලන්න. මමත් මේක blog එකක දැක්කෙ. මගේ කවුරුවත් නෙමෙයි. ඒක නිසා මට ඒ ගැන විස්තරයක් නම් දෙන්න විදියක් නැහැ.:no:මට සල්ලි තිබුනනම් මම දෙනව.ඒත් ඉතින් තාම මට කරන්න පුළුවන් මේ වගේ උදවුවක් විතරයි.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචන් රු 100 / 200 NSB ගිහින් දැමොත් හිනා වේය්ද NSB 1 awun , :(