පූජකවරුන් ගුටි කෙළගෙන යාපන කාලි අම්මා කෝවිල වැසෙයි 😂😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පූජකවරුන් ගුටි කෙළගෙන යාපන කාලි අම්මා කෝවිල වැසෙයි - පහර කෑ කතක් දරුවෙක් රෝහලේ
    6/12/2023 02:30:00 PM

    collage.jpg

    යාපනය නල්ලූර්හි පිහිටි අරුල්මිකූ ශ්‍රී විරමා කාලි අම්මාන් කෝවිලේ පූජකවරුන් දෙපිරිසක් අතර පෙරේදා (10) පස්වරුවේ ගුටිවැට හුවමාරුවක් සිදුව ඇතැයි යාපනය පොලිසිය පවසයි. එහිදී පහර කෑමට ලක් වූ බව කියන කාන්තාවක සහ 15 හැවිරිදි දරුවකු යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. ආරවුල හේතුවෙන් කෝවිලේ පූජාව සඳහා පැමිණි බැතිමතුන් කෝවිල් දොර අසල රැස්ව සිටියත් කෝවිල් පූජකවරුන් කෝවිල අගුල් දමා තිබිණි. ම


    ෙම කෝවිලේ පූජක පවුල් තුනක් අතර මෙම ගැටුම්කාරි තත්වය දීර්ඝ කාලයක් පුරා පැවති බව බැතිමත්හු කියති.

    ඒ අනුව මෙවර පූජාව පවත්වන්නේ කුමන පූජකවරයාද යන්න සම්බන්ධයෙන් මෙම ආරවුල හටගෙන තිබේ. මෙම මතභේදකාරි තත්වය හේතුවෙන් කෝවිලේ රාභිෂේක මංගල්‍යය හා කප් සිටුවීම සිදු කිරීමට නොහැකි වී තිබේ. පොලීසිය මැදිහත්ව මේ පිළිබඳ යාපනය අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර පසුව අධිකරණය නියෝග කර ඇත්තේ එක් පූජකවරයකුට කෝවිලේ වාර්ෂික පූජාව සිදු කරන ලෙසට හා අනෙක් පූජකවරුන්ට එයට බාධා නොකරන ලෙසටයි.

    නමුත් මෙහිදී කෝවිල් යතුර භාර තවත් පූජකවරයකු යතුර භාර නොදී කොළඹ බලා ගොස් ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා ඇති අතර ඒ පිළිබඳව කෝවිල් පරිශ්‍රයේ ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් තවත් පූජකවරයකු කාන්තාවකට හා 15 හැවිරිදි දරුවෙකුට පහරදී ඇති බවට ඔවුන් යාපනය පොලීසියට පැමිණිලි කර යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇත.


    කෝවිලේ පූජාව සඳහා පැමිණි බැතිමතුන් විශාල පිරිසක් පුජකවරුන්ගේ ගැටුම සමග කෝවිල ඉදිරිපසට වී බලා සිටි අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තත්වය සමනය කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද යාපනය පොලිසිය කියයි.
     
    • Haha
    Reactions: NRTG and Asmodeus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මචන් යාපනේ ඉන්නෙත් අපේම සහෝද...see more
     
    • Haha
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මේ කාලේත් මේ තරම් ප්‍රාතමික ගනයේ මිත්‍යවට රැවටෙන ගොබ්බයෝ ඉන්නවනේ කපුවෝ බෙදිලා මරාගන්න එක පුදුමයක්යෑ
    සුලු පටු කුට්ටියක්ද ලැබෙන්නේ හරියට කන්නවත් නැති නූගත් මෝඩ දෙමෙල්ලු 5000 නෝට්ටු රත්‍රන් පුදලා යනවා 😂 😂


    '' බැතිමතුන් විශාල පිරිසක් පුජකවරුන්ගේ ගැටුම සමග කෝවිල
    ඉදිරිපසට වී බලා සිටි අතර ''.......😂:ROFLMAO:😂:ROFLMAO:😂

    ------ Post added on Jun 12, 2023 at 6:00 PM
     
    • Sad
    Reactions: NRTG